මේ දිනවල වෙළඳපොලේ විවිධ මිල ගණන් යටතේ අලෙවි වන පොල් ගෙඩි කිහිපයක් රැගෙන බන්දුල ගුණවර්ධන මහතා ඊයේ මාධ්‍ය හමුවකට සහභාගී විය. එහිදී ඒ මහතා ම...
මේ දිනවල වෙළඳපොලේ විවිධ මිල ගණන් යටතේ අලෙවි වන පොල් ගෙඩි කිහිපයක් රැගෙන බන්දුල ගුණවර්ධන මහතා ඊයේ මාධ්‍ය හමුවකට සහභාගී විය.
එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්වීය.
“හාල් 100යි, පොල් 100යි. ප්‍රශ්නයෙන් සඳහටම ගැළවෙන්න විධිමත් ජල කළමනාකරණයක් තමයි ප්‍රශ්නයට උත්තරේ ලෙස ගරු කටයුතු ඇමැතිතුමා සොයාගෙන තියෙන්නේ. පොල් සංවර්ධන අමාත්‍යාංශය මහත් වූ අභිමානයෙන් මෙන්න විසදුම් හොයලා තියෙනවා. පොල් හිඟයට විසඳුම පොල් මද ආනයනයට අවසර. මේ පොල් ප්‍රශ්නයට විසඳුම පිටරටින් පොල් මද ආනයනය කිරීමයි කියලා දැන්වීමක් පළ කරන්න ලැජ්ජාවක් නැද්ද? ලංකාවේ කිසිම භාණ්ඩයක මිල පාලනය කරන්න කැබිනට් මණ්ඩලයට හෝ රජයට කිසිදු නීත්‍යනුකුල බලයක් ලැබෙන්නේ නැහැ. මක් නිසාද යත් ලංකා පාර්ලිමේන්තුව විසින් මිල පාලන පනත අහෝසි කරලා තියෙනවා. මිල පාලන පනතක් නැත්තම්, මිල පාලන දෙපාර්තමේන්තුවක් නැත්තම් කළ හැකි එකම දේ තමයි යම්කිසි භාණ්ඩයක් විකිණිය හැකි උපරිම සිල්ලර මිල නියම කිරීම.”
“ඒකට ගැසට් නිවේදනයක් නිකුත් කරන්න ඕනේ. පොල් වැනි ද්‍රව්‍යක උපරිම මිල නියම කරන්න බැහැ. මහින්දාගමනයෙන් පසු ලංකාවේ අවුරුදු දෙදහස් ගණනක් තිස්සේ පොල් ගෙඩියක් රුපියල් 100 ට ගිහිල්ලා නැහැ. ගැසට් එකකින් පොල් මිල පාලනය කරලා නීතියකට අනුව මේ පොල් විකුණන අසරණ වෙළෙන්දෝ පුළුවන් නම් අත්අඩංගුවට ගන්න කියලා අපි රජයට අභියෝග කරනවා. හෝමාගම මැතිවරණ කොට්ඨාශයේ මම සංවිධායක. ඒ ගම තුළ ජනතාවාදී පුද්ගලයන් අතරින් එක්කෙනෙක් තෝරාගෙන දාගන්න කොට සහෝදර පක්ෂවලටත් දෙන්න ඕනේ. පොඩි පොඩි ගැටුම් ඇති වුණාම පොඩි පොඩි කතා බහ ඇති වෙනවා. කැබිනට් වලත් එහෙමයි, ආණ්ඩුව ඇතුලෙත් එහෙමයි. ඒවා නිරෝගී ප්‍රජාතන්ත්‍රවාදයට එහෙම දේවල් අවශ්‍යයි.”යැයිද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
COMMENTS