සිංගප්පූරු වෙළඳ ගිවිසුමට විරෝධය පළ කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අගෝස්තු 03 වන දින වැඩ වර්ජනය...
සිංගප්පූරු වෙළඳ ගිවිසුමට විරෝධය පළ කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අගෝස්තු 03 වන දින වැඩ වර්ජනයක නිරත වීමට තීරණය කර තිබේ.
සෞඛ්‍ය ක්ෂේත්‍රය ඇතුළු ක්ෂේත්‍ර රැසකට බලපාන ප්‍රධාන කරුණු 10කට විරෝධය පළ කරමින් මෙම වැඩ වර්ජනය සිදු කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කළේය.
අදාළ ඉල්ලීම් සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ කඩිනම් සාකච්ඡාවක් බලාපොරොත්තු වන බව එම සංගමය පවසයි.
ඊට සතුටුදායක පිලිතුරක් නොලැබුණහොත් අගෝස්තු 03 වනදා රජයේ සහ පෞද්ගලික අංශයේ වෛද්‍ය සේවා අඩාල වනු ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැඩිදුරටත් සඳහන් කළේය.
COMMENTS