දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
අනුර කුමාර 2015දී බල පෙරළිය කළේ ඇමෙරිකාවෙන් දුන් ඩොලර් මිලියන 585න් කොටසක් අරන්
Homeප්‍රවෘත්ති

අනුර කුමාර 2015දී බල පෙරළිය කළේ ඇමෙරිකාවෙන් දුන් ඩොලර් මිලියන 585න් කොටසක් අරන්

PropellerAds

ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ලබාදුන් ඩොලර් මිලියන 585න් කොටසක් ලබාගෙන 2015 ජනවාරි 08 වැනිදා ඔවුන්ට අවශ්‍ය බල පෙරළිය සිදු කිරීමට කැප වූ ...

අන්තරේට එරෙහිව අධිකරණ නියෝග!
පාකිස්ථාන නිල වෙබ් අඩවියෙන් ඉන්දියාවේ ජාතික ගීය..!
හෙද විද්‍යාල හතරක් සංවර්ධනය කිරීමට පියවර !
අනුර කුමාර 2015දී බල පෙරළිය කළේ ඇමෙරිකාවෙන් දුන් ඩොලර් මිලියන 585න් කොටසක් අරන්

ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ලබාදුන් ඩොලර් මිලියන 585න් කොටසක් ලබාගෙන 2015 ජනවාරි 08 වැනිදා ඔවුන්ට අවශ්‍ය බල පෙරළිය සිදු කිරීමට කැප වූ අනුර දිසානායක වැන්නන් ‘අද මේ රටේ ස්වෛරීභාවයේ මිල කීයද?' කියා ඇසීම විහිළුවක් බව ජානිපෙ නායක විමල් වීරවංශ මහතා සදහන් කරයි.

ඊයේ (19) පාර්ලිමේන්තුවේ පැවැති ‘නිව්යෝර්ක් ටයිම්ස්’ පුවත පිළිබඳ විවාදයට එක් වෙමින් ඒ මහතා මෙසේ පැවසීය.

රාජපක්‍ෂලා චීනයෙන් චෙක්පත් ගෙන ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය නැති කළ බවට අද චෝදනා නඟන ජවිපෙ මහ රතු අලි පැටියා ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවෙන් ලබා දුන් ඩොලර් මිලියන 585න් කොටසක් ගෙන ඇමෙරිකාවට අවශ්‍ය බල පෙරළියට 2015 දී කඬේ ගිය අයකු බව ද මෙහිදී වීරවංශ මහතා පෙන්වා දුන්නේය.

එසේම ඇමෙරිකානු මහාචාර්යවරයකු වන ඩොව් ලෙවින්ගේ ‘මහා බලවතුන්ගේ පක්‍ෂග්‍රාහී මැතිවරණ මැදිහත්වීම් පිළිබඳ දත්ත සංග්‍රහයේ' අඩංගු පර්යේෂණ ලිපියක් උපුටා දක්වමින් විමල් වීරවංශ මහතා පෙන්වා දුන්නේ ‘මැතිවරණ ජයග්‍රහණය කිරීම සඳහා ඇමෙරිකා එක්සත් ජනපදය එක්සත් ජාතික පක්‍ෂයට මුදල් හා වෙනත් සහාය ලබා දී ඇති අන්දම ය. එමගින් සීඅයිඒ සංවිධානය ඉතිහාසයේ පටන් ශ්‍රී ලංකාවේ බලපෙරළිවලට සහාය දී ඇති අන්දම මැනවින් පෙනී යන බව ද ඔහු සඳහන් කළේය.

ඕස්ට්‍රේලියානු ජනමාධ්‍ය ඔස්සේ එජාපය පත් කළ ජනාධිපතිවරයාගේ බරපතළ දූෂණයක් දිගින් දිගටම පෙන්වා දෙද්දී මෙම ආණ්ඩුව කළේ කුමක්ද? යන්න මෙහිදී ප්‍රශ්න කර සිටි වීරවංශ මන්ත්‍රිවරයා, ජනාධිපතිවරයාගේ පුතාගේ පෙම්වතියගේ නිවසෙහි තිබී හමු වූ විදෙස් මුදල් රාජසන්තක වූවාට, නඩුව නීතිපති දෙපාර්තමේන්තුව ඉල්ලා අස්කර ගෙන ඇති බව ද අනාවරණය කර සිටියේය.

ඒ සියල්ල යටපත් කරමින් වසර තුනහමාරක් තිස්සේ පසුගිය ආණ්ඩුවට දූෂණ චෝදනා නඟන මෙම ආණ්ඩුවේ සිටිනවුන් හොරකම් කර හත්පොළේ ගා ගත්, නැට්ටේ සිට හොරකම තවරාගත් පිරිසක් බව ද වීරවංශ මහතා සඳහන් කළේය.

සිංගප්පූරු - ශ්‍රී ලංකා ගිවිසුම පිළිබඳ විවාදයේදී මලික් සමරවික්‍රම ඇමතිවරයා අදහස් දක්වන විට මීක් නොකියූ ජවිපෙ නායකයා, රාජපක්‍ෂ පාලන අවදිය පිළිබඳ කැටයම් දැමූ බොරු පවසමින් ජවිපෙ නැමති කීර්තිමත් දේශපාලන පක්‍ෂයේ ස්වෛරීභාවය අද එජාපයට බිලි දී ඇති බවද ඔහු පෙන්වා දුන්නේය.

රෝහණ විජේවීරයන් ගොඩනැඟූ අධිරාජ්‍ය විරෝධි වාමවාදී දේශපාලන ව්‍යාපාරය අද එජාපය වැනි අධිරාජ්‍ය ගැති බටහිර ගැති ප්‍රතිගාමී දේශපාලන ව්‍යාපාරයක් සමඟ එකට සිට ගෙන ඇත්තේ විජේදාස රාජපක්‍ෂලා, චතුර සේනාරත්නලා කියූ පරිදි වත්මන් ජවිපෙ නායකයන් මුදලට විකිණි ඇති නිසා බව ද මෙහිදී විමල් වීරවංශ මහතා සඳහන් කළේය.

මත්තල ගුවන්තොටුපළ පමණක් නොව කන්කසන්තුරේ වරාය, පලාලි ගුවන්තොටුපළ කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට විකුණා දමමින් යන මේ ආණ්ඩුවට තවත් ඉඩ දුන්නොත් ගාලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය පමණක් නොව ගාලු වරායේ නාවික හමුඳා කඳවුර ද ගලවා ඉවත් කරනු ඇති බවට ද මෙහිදී ඒ මහතා අනතුරු හඟවා සිටියේය.

මේ ආකාරයට රටේ අනාගත පැවැත්ම බිල්ලට දී යන මේ ආණ්ඩුවේ ගමනට එරෙහිව කටයුතු කරන ඒකාබද්ධ විපක්‍ෂය දඩයම් කිරීමට විශේෂ අධිකරණයක් පිහිටුවා ඊට අවශ්‍ය වටපිටාව හදා ගැනීමට යළිත් මේ ආකාරයට බොරු බේගල් ඇද බාන බව ද විමල් වීරවංශ මහතා සඳහන් කළේය.

එම විශේෂ අධිකරණයේ නඩු ඇසීමට පත්කර ඇති එක් මහාධිකරණ විනිසුරුවරියකගේ ස්වාමිපුරුෂයා රත්නපුර දිස්ත්‍රික්කයේ ජවිපෙ ක්‍රියාකාරිකයකු බව ද ඔහු අනාවරණය කර සිටියේය.

වසර තුනහමාරක් තිස්සේ ආණ්ඩුවේ දේශපාලන දඩයමට ශක්තිමත්ව මුහුණ දුන් ඒකාබද්ධ විපක්‍ෂය, මේ කඩා වැටෙන ආණ්ඩුවෙන් අන්තිම මොහොතේ එල්ල වන මර්දනයට ද නොබියව මුහුණ දෙන බවත්, එළඹෙන පළමු මැතිවරණයේදීම මේ සියලු ප්‍රජාතන්ත්‍රවිරෝධි ක්‍රියාදාමයන්ට ජනතාව නිසි පිළිතුරු දෙනු ඇති බවත් වීරවංශ මහතා අවධාරණය කර සිටියේය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29308,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: අනුර කුමාර 2015දී බල පෙරළිය කළේ ඇමෙරිකාවෙන් දුන් ඩොලර් මිලියන 585න් කොටසක් අරන්
අනුර කුමාර 2015දී බල පෙරළිය කළේ ඇමෙරිකාවෙන් දුන් ඩොලර් මිලියන 585න් කොටසක් අරන්
http://am.lk/media/k2/items/cache/673a883dce7cec415a337b2c4b5b51fb_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/07/2015-585.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/07/2015-585.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy