ශ‍්‍රී ලංකා මහවැලි අධිකාරියේ නව අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස ජනාධිපති අතිරේක ලේකම් සරත් චන්ද්‍රසිරි විතාන මහතා පත්කර තිබේ. ඒ මහතා අද (22) පෙරව...
ශ‍්‍රී ලංකා මහවැලි අධිකාරියේ නව අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස ජනාධිපති අතිරේක ලේකම් සරත් චන්ද්‍රසිරි විතාන මහතා පත්කර තිබේ.
ඒ මහතා අද (22) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේදී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත්තේය.
ශී‍්‍ර ලංකා පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨතම නිලධාරියෙකු වන සරත් චන්ද්‍රසිරි විතාන මහතා අමාත්‍යාංශ කිහිපයක ලේකම්වරයෙකු ලෙස මෙන්ම අතිරේක ලේකම්වරයෙකු ලෙස ද කටයුතු කර තිබේ.
මේ අතර මධ්‍යම පරිසර අධිකාරියේ නව සභාපතිවරයා ලෙස සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් චන්ද්‍රරත්න පල්ලේගම මහතා පත්කර ඇත.
ඒ මහතා ද අද ජනාධිපති නිල නිවසේදී ජනාධිපතිවරයා අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත්තේය.
දක්ෂ පරිපාලන නිලධාරියෙකු වන චන්ද්‍රරත්න පල්ලේගම මහතා පරිපාලන සේවයේ අත්දැකීම් බහුල අයෙකි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු දූත පිරිස දින දෙකක සංචාරයක් සදහා අද පකිස්තානය බලා පිටත්ව ගියහ.
COMMENTS