මේ අග්‍රාමාත්‍යවරයාට වඩා සිරිකොතෙහි සිටින ධනපාල මහතා අග්‍රාමාත්‍ය ධුරයට සුදුසු යැයි එක්සත් ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන ලේකම් මෛත්‍රී ගුණර...
මේ අග්‍රාමාත්‍යවරයාට වඩා සිරිකොතෙහි සිටින ධනපාල මහතා අග්‍රාමාත්‍ය ධුරයට සුදුසු යැයි එක්සත් ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන ලේකම් මෛත්‍රී ගුණරත්න මහතා පැවසීය.
ඒ පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් තේරී පත්වු එම පක්ෂයේ පළාත් පාලන නියෝජිතයන් දිවුරුම් දීමේ අවස්ථාවට සහභාගී වෙමිනි.
එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්වීය.
“එක්සත් ජාතික නිදහස් පෙරමුණ මැතිවරණයට මුහුණ දෙන්නේ දේශපාලන අතදරුවෙකු ලෙසයි. නමුත් අපිට දැවැන්ත දේශපාලන සංවිධාන සමග තරග කරන්න සිද්ධ වුනා. එහිදී අප වෙත පැමිණි අභියෝග ජයගෙන පළාත් පාලන ආයතන 64 කට තරග කර මන්ත්‍රීධුර 21 දිනාගැනීමට අපට හැකි වුනා. සමහරු අපිට අභියෝග කරා හැකි නම් එක් මන්ත්‍රී ධුරයක් හරි අරන් පෙන්නන්න කියලා අපි එකට 21ක් අරන් පෙන්නුවා දැන් ඒ අය මොකද කියන්නේ කියලා අපි අහනවා. අපි මැතිවරණයට කලින් ජනතාවට කිව්වා මේ ආණ්ඩුව වැරදි පාරේ යනවා කරුණාකරලා ආණ්ඩුව නිවැරදි මාර්ගයට අවතීර්ණ වීම කරන්න ඕනේ කියලා. නමුත් ආණ්ඩුව ඒ නිවැරදි වීම තවම සිද්ධ කරලා නැහැ. ඒ වගේම ආණ්ඩුවට නිවැරදි වෙන්න උවමනාවකුත් නැහැ කියලයි අපිට පේන්නේ. අද අගමැතිවරයාට විරුද්ධව පාර්ලිමේන්තුවට විශ්වාසභංගයක් බාරදීලා තියෙනවා ඒ විශ්වාසභංගයට අපි පාර්ලිමේන්තුවෙන් පිට ඉදන් ඊට උපරිම සහය දෙනවා. ඒ වගේම ඒ විශ්වාසභංගය බාරදුන් මැති ඇමතිවරුන්ට අපි සුභ පතනවා. මේ විශ්වාසභංගය අවසානය දක්වා රැගෙන යන්න කියලා අපි ඒ මහත්වරුන්ට යෝජනා කරනවා.”
“අද මේ ආණ්ඩුවට මේ රට ඉදිරියට කරගෙන යාමට නොහැකි බව ඕනෑවටත් වඩා ඔප්පු කරලා ඉවරයි. රටේ ජනතාව මේ අගමැතිවරයාට හා ජනාධිපතිවරයාට S.M.S. පණිවුඩයක් එවලා තියෙනවා ඔබ යන මාර්ගය වැරදිය වහා නිවැරදි වෙන්න කියලා නමුත් ඒ ජනතාව දුන්නු කෙටි පණිවුඩය ආණ්ඩුව කිසිම ගානකට අරන් නෑ කියලයි අපිට නම් ආණ්ඩුව දිහා බලනකොට පේන්නේ. ඒ නිසා අපි කියනවා ආණ්ඩුවට රට කරගෙන යන්න බැරි නම් කරුණාකරලා මහ මැතිවරණයක් තියලා මේක කරගෙන යන්න පුළුවන් කෙනෙක්ට බාරදෙන්න කියලා. ඒ වගේම අපි ජනාධිපතිවරයාටත් කියනවා කරුණාකරලා මේ අගමැති සමග යා නොහැකි නම් ඒක රටට කියල මේ අගමැති ඉවත් කරන්න කියලා. ජනාධිපතිවරයා නීතිය හා සාමය ඇමතිවරයා පත් කලේ එතුමාගේ කැමැත්තට ඒ නිසා කරුණාකරලා මේ අගමැති ඉවත් කරන්න. එහෙම ඉවත් කරා කියලා රටේ කවුරුත් පෙළපාලි යන්නේ නැහැ. එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් මේ වෙලාවේ මේ ගෙනාපු විශ්වාසභංගයට සහයෝගය දීලා මේ අගමැති ගෙදර යවන්න උදව් කරන්න ඕනේ නැත්නම් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් මේ වෙලාවේ කරන්නේ වක්‍රාකාරව 2020 රාජපක්ෂවරුන්ට ජයග්‍රහණය කරන්න උදව් කිරීමක්. මොකද මහින් රාජපක්ෂ මහතා රනිල් වික්‍රමසිංහ මහතා ඉන්නවට කැමතියි. එතුමව පහසුවෙන්ම පරද්දන්න පුළුවන් නායකයා රනිල් වික්‍රමසිංහ බව හිටපු ජනාධිපති තුමා දන්නවා. ඒ නිසා UNP එකට අගමැතිකම දෙන්න කෙනෙක් නැත්නම් සිරිකොතේ ඉන්න ධනපාල මහත්තයා හරි පත් කරන්න කියලා අපි කියනවා. ධනපාලට වික්‍රමසිංහට වඩා එක්සත් ජාතික පක්ෂය ගැන කැක්කුමක් තියෙනවා, කරන්න ඕන දේ වික්‍රමසිංහ මහත්තයාට වඩා ඔහුට තේරෙනවා.” යැයිද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
COMMENTS