දූෂිතයින් අත්අඩංගුවට ගැනිමට ක්‍රියා නොකිරිම පිළිබඳ තමන්ද පුද්ගලිකව කණගාටුවට පත්වන බව තිරසර සංවර්ධන වනජිවි සහ ප්‍රදේශීය සංවර්ධන අමාත්‍ය සර...
දූෂිතයින් අත්අඩංගුවට ගැනිමට ක්‍රියා නොකිරිම පිළිබඳ තමන්ද පුද්ගලිකව කණගාටුවට පත්වන බව තිරසර සංවර්ධන වනජිවි සහ ප්‍රදේශීය සංවර්ධන අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා පවසයි.
විවිධ හේතු ඉදිරිපත් කරමින් දුෂිතයින් අත්අඩංගුවට නොගෙන සිටිම ගැටලු සහගත බව අමාත්‍යවරයා පෙන්වාදෙයි.
මඩකලපුව ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් තිරසර සංවර්ධන වනජිවි සහ ප්‍රදේශිය සංවර්ධන අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා මේ බව සදහන් කළේය.
එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්වීය.
“දේශපාලන අස්ථාවරභාවය යම් යම් අංශවලින් තියෙනවා. විශේෂයෙන්ම අපි හොරු ටික අල්ලලා හිරේ දාපු නැති ප්‍රශ්නය තමයි විශේෂයෙන්ම තියෙන්නේ. ඒවා හදාගන්න වෙනවා. ජනතාව බලාගෙන ඉන්නවා. ඒවාට ඉතින් හරියට අවශ්‍ය පියවරවල් ගන්නවා අපේ නායකයන්ට, අපේ පක්ෂවලට අවශ්‍ය පියවර අරගෙන ජනතාවගේ ප්‍රශ්නවලට සහන දීලා මේ ප්‍රශ්න විසඳ ගන්න වෙනවා. නමුත් ඉතින් අස්ථාවරභාවයක් තියෙනවයි කියලා කාපු මිනිස්සුන්ට රට ආපහු භාර දුන්නොත් එහෙම වුණොත් රට ගොඩ යයි කියලා අපිට හිතන්න බැහැ. රට විනාශ කරලා අපට අබලන් වෙච්ච රටක් භාර දුන්නා. ඒක නිසා මේක උඩු දුවපු ප්‍රශ්නයක්. නමුත් ඒවා නිදහසට කාරණා නෙවෙයි. අනිවාර්යයෙන් අපේ නායකයෝ, අපේ රජය මේක හරි පැත්තට යොමු කරන්න සිද්ධ වෙනවා.”
එම වීඩියෝව පහතින්,
COMMENTS