දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
TNL නාලිකාව සීල් තැබුවේ ජනපති විවේචනය කළ නිසා - NMWJයෙන් නිවේදනයක්
Homeප්‍රවෘත්ති

TNL නාලිකාව සීල් තැබුවේ ජනපති විවේචනය කළ නිසා - NMWJයෙන් නිවේදනයක්

PropellerAds

TNL රූපවාහිණියේ විකාශනය අත් හිටුවීමේ ක්‍රියාමාර්ගයක් ගැනීමට පෙර අදාළ ආයතනය ඒ පිළිබඳව දැනුවත් කිරිමේ වගකීමක් සහ යුතුකමක් මෙරටේ මාධ්‍ය පාලනය...

අලි සබ්‍රි කියන්නෙ තක්කඩියෙක් ජනාධිපතිතුමනි නයින්ට කිරි පොවන්න එපා - මැඩිල්ලේ හිමි
සුනාමි සල්ලි පිල්ලි ගහපු හැටි ලෝකෙට මතකයි. ආධාර රුපියලක්වත් නොලැබෙන්නේ ඒකයි - විජේපාල
පළාත් 4කට මි.මී. 150ට වැඩි තද වැසි
TNL නාලිකාව සීල් තැබුවේ ජනපති විවේචනය කළ නිසා - NMWJයෙන් නිවේදනයක්

TNL රූපවාහිණියේ විකාශනය අත් හිටුවීමේ ක්‍රියාමාර්ගයක් ගැනීමට පෙර අදාළ ආයතනය ඒ පිළිබඳව දැනුවත් කිරිමේ වගකීමක් සහ යුතුකමක් මෙරටේ මාධ්‍ය පාලනයට පත් කර ඇති රජයේ වගකිව යුතු ආයතනය වන TRC සතු විය යුතු බව වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරය පවසයි.

පසුගිය දිනකිහිපය තුල TNL නාලිකාවේ ප්‍රවෘත්ති විකාශයන් හිදි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් සිදුකරන ප්‍රකාශයන්හි විශ්වසනීයභාවය පිළිබඳව විවේචනාත්මක පුවත් කිහිපයක් ප්‍රචාරය වීමත් එම නාලිකාවේ සම්ප්‍රේෂණයට TRC හරහා බලපෑම් එල්ල විමත් අතර සමීප සබඳතාවයක් ඇති බව බැලු බැල්මටම පෙනී යන බව වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.

එම මාධ්‍ය නිවේදනය පහතින්,

ප්‍රවෘත්ති කර්තෘ/ප්‍රවෘත්ති අධ්‍යක්ෂක,

TNL රූපවාහිනි නාලිකාවට එරෙහි අසාධාරණ තහනම ඉවත්කරනු....!

TNL රූපවාහිනී ආයතනයට අයත් ‍පොල්ගහවෙල විකාශන මධ්‍යස්ථානය විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාවේ (TRC) නිලධාරින් විසින් අත්තනෝමතික ලෙස සීල් තබා එම සම්ප්‍රේෂණ උපකරන ගලවා ඉවත් කරගෙන යෑම සම්බන්ධයෙන් වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරය සිය දැඩි විරෝධය පලකර සිටිමු.

ටි.එන්. එල් රූපවාහිනි සේවය විසින් TRCවෙත ගෙවිය යුතු ගාස්තු නිසි පරිදි ගෙවා තිබියදිත් කිසිදු දැනුම් දිමකින් තොරව ටි.එන්. එල් රූපවාහිනි සේවයේ පොල්ගහවෙල සම්ප්‍රේෂණාගාරයට ගිය TRC නිළධාරින් විකාශනය අත්හිටුවා එම උපකරණ ගලවාගෙන ගොස් ඇති අතර ඒ සදහා අධිකරණ නියෝගයක්ද ලබාගෙන තිබේ.

අප මේ සම්බන්ධයෙන් ටි.එන්. එල් (TNL) රූපවාහිනි සේවයේ සභාපති ශාන් වික්‍රමසිංහ මහතාගෙන්ද විමසිමේදී ඔහු තහවුරු කරමින් කියා සිටියේ තම නාලිකාව TRCවෙත සියලු ගෙවිම් කර ඇති බවයි. ඒ සියල්ලටත් වඩා විකාශනය අත් හිටුවීමේ ක්‍රියාමාර්ගයක් ගැනීමට පෙර අදාළ ආයතනය ඒ පිළිබඳව දැනුවත් කිරිමේ වගකීමක් සහ යුතුකමක් මෙරටේ මාධ්‍ය පාලනයට පත් කර ඇති රජයේ වගකිව යුතු ආයතනය වන TRC සතු විය යුතු බව අපි අමුතුවෙන් කිව යුතු නොවේ. ඒ අනුව ගත්කල TRC හෙවත් විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාවේ නිළධාරීන් අවම සදාචාරයවත් පවත්වාගෙන යෑමට සමත් වි නැති අතර ඒ තරම් හදිසියේ වරද පටවා සම්ප්‍රේෂණාගාරයකට සීල් තැබීම පිටුපස අදිසි දේශපාලන හස්තයක ක්‍රියාත්මක වීමක් ඇති බවට සැකයක් ද ඒ තුළින්ම මතු වේ.

TRC හෙවත් විදුලි සංදේශන නියාමන කොමිෂන් සභා පනතේ විධිවිධාන අනුව එම කොමිෂන් සභාව සaජුවම ජනාධිපතිවරයා යටතේ පවතින අතර ජනාධිපති ලේකම්වරයා එම සභාවේ ලේකම්වරයා ලෙස කටයුතු කරයි. එවන් තත්ත්වයක් තුළ පසුගිය දිනකිහිපය තුල TNL නාලිකාවේ ප්‍රවෘත්ති විකාශයන් හිදි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් සිදුකරන ප්‍රකාශයන්හි විශ්වසනීයභාවය පිළිබඳව විවේචනාත්මක පුවත් කිහිපයක් ප්‍රචාරය වීමත් එම නාලිකාවේ සම්ප්‍රේෂණයට TRC හරහා බලපෑම් එල්ල විමත් අතර සමීප සබඳතාවයක් ඇති බව බැලු බැල්මටම පෙනී යන බව මෙහිදි අවධාරණයෙන් සඳහන් කරමු.

පසුගිය කාලසිමාව පුරාම මාධ්‍යයට විවිධ අකාරයේ බලපෑම් එල්ල වු අතර කප්පම්,විවිධ් වරප්‍රසාද ලබාදිමෙන් මාධ්‍ය තමන්ට රිසී සේ පාලනය කිරිමට උත්සහ කිරීම, ආණ්ඩුවට හිසරදයක් බවට පත්ව ඇති ඇත්ත කියන වෙබ් සහ සමාජ ජාලා තහනම් කිරිමට කටයුතු කිරීම, සිරස නාලිකාව ඉදිරිපිට රතිඤ්ඤා දල්වා එහි සේවකයන් භීතියට පත්කිරිම, යාපනයේ මාධ්‍යවේදී සෙල්වරාසා රාජේන්ද්‍රන්ට පහරදිම වැනි නිර්ලජ්ජිත ක්‍රියාවන් පෙළක්ම දක්නට ලැබුණි. එම ක්‍රියාවලියේ වර්ධනාත්මක ප්‍රවේශයක් පෙන්වා දෙමින් TNLනාලිකාවේ සම්ප්‍රේෂණයට බාධාකිරිම මේ රටේ මාධ්‍යයේ අනාගතය එතරම් සුභවාදි නොවන බව සාක්ෂාත් කිරීමට හොඳම නිදර්ශනය සපයනු ලබයි.

කෙටි කාලයක් තුලදි දිගින් දිගටම සිදු වූ මේ සියළු මර්දනකාරි ක්‍රියාවන් පිටුපස සැඟවුණු තර්ජනයක් මාධ්‍යයට එල්ල කරන බව පැහැදිළි වන අතරම මාධ්‍යවේදීන් සහ මාධ්‍ය ආයතන ඉලක්කකර එල්ල වන ප්‍රහාරයන් පසුපස සැබැවටම ඇත්තේ කාගේ හෝ බසකට අවනත නොවන්නේ නම් ඔවුන්ද මර්දනය කිරීමට පසුබට නොවන බවට වන පණිවිඩය නොවේද? ඒ හරහා මාධ්‍යය රූකඩ බවට පත් කොට ගනිමින් වන්දිභට්ට ප්‍රශස්ති ගායනට පමණක් යොදා ගැනීමට දරන මේ වෑයම ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක පැවැත්මට කිසිසේත්ම සුභවාදී නොවේ.
ඒ නිසා මේ රටේ මාධ්‍යවේදීන්ට හා මාධ්‍ය ආයතන වලට එරෙහිව ක්‍රියාත්මක වන මේ සaජු හා වක්‍ර මර්දනය අවසන් කිරීමට කටයුතු කොට රටේ මාධ්‍ය නිදහස ඇති කිරීමට වහාම ක්‍රියාත්මක වන ලෙස අපි ඒ වෙනුවෙන් වගකියන නිලධාරින්ට හා ආයතන වලට තරයේ බල කර සිටිමු.

කැදවුම්කරු
දුමිදු දිසානායක
වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරය -ශ්‍රි ලංකා

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29307,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: TNL නාලිකාව සීල් තැබුවේ ජනපති විවේචනය කළ නිසා - NMWJයෙන් නිවේදනයක්
TNL නාලිකාව සීල් තැබුවේ ජනපති විවේචනය කළ නිසා - NMWJයෙන් නිවේදනයක්
http://am.lk/media/k2/items/cache/3dc81f0e7ab27cccfc8ad63c13125ad9_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/06/tnl-nmwj.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/06/tnl-nmwj.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy