විදේශ ආධාර වශයෙන් කිසිදු මුදලක් මෙරටට නොලැබුණු බව ආණ්ඩුව පවසන්නේ නම් එසේ මුදල් නොලැබී ඇත්තේ වත්මන් පාලනය සම්බන්ධයෙන් විදෙස් රාජ්‍ය නායකයින්...
"ණය ආධාර දෙන රටවල් රුපියලක්වත් මේ ආණ්ඩුවට දෙන්න තරම් සෑහීමකට පත් නොවුණේ මේ ආණ්ඩුව සම්පූර්ණයෙන්ම ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරලා, පාර්ලිමේන්තුව සම්පූර්ණයෙන්ම වහලා, ඒකාධිපති බලයක් යටතේ මුදල් පරිහරණය කරන්න ගත්ත නිසා.
අපට මතකයි සුනාමි ව්‍යසනය වෙලාවෙ සල්ලි පිල්ලි ගහපු හැටි. මේ මුදල් පරිහරණය කරනකොට මොන රටින්ද මේ රටට ආධාර දෙන්නෙ, ඒ ඔක්කොම මකර කටට යනවයි කියන එක අද විදේශ රටවල්වල පවා රාජ්‍ය නායකයින් දැනගෙන තියෙන්නෙ" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.
විජේපාල හෙට්ටිආරච්චි මහතා මේ බව පැවසුවේ ඊයේ (16) ගාල්ලේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
COMMENTS