දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
සෙවණගල සීනි බේරගන්න බදියුදීන්ට දෙන්න : සේවකයන් ඉල්ලයි.
Homeගොසිප්

සෙවණගල සීනි බේරගන්න බදියුදීන්ට දෙන්න : සේවකයන් ඉල්ලයි.

PropellerAds

සෙවණගල සීනි කර්මාන්ත ශාලාව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගෙන් ඉවත් කර ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයාට ලබාදීම වහාම...

පමාවී හෝ බඳින්න මතක්වූ බුඩී අවසානයේ නතාලියා සමග යුග දිවියට
රුසියාවේ සිට මෛත්‍රී ආවාම වරාය ඇමතිකම අමරවීරට දෙනවාට අර්ජුනගේ කෙඳිරිලි
වයස් කාණ්ඩ තුනකට සර්විස් දෙන අත්තිඩියේ ගණිකා මඩම මාට්ටු


සෙවණගල සීනි කර්මාන්ත ශාලාව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගෙන් ඉවත් කර ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයාට ලබාදීම වහාම නතර කරන ලෙසත් එලෙස කිරිඇල්ල අමාත්‍යවරයාට සෙවණගල සීනි කර්මාන්ත ශාලාව ලබාදීමෙන් එය ඉදිරියේදී විකුණා දැමීමේ උත්සාහයක් පවතින බවට සැකයක් ඇතිවන බවත් සෙවණගල සීනි කර්මාන්ත ශාලාවේ සේවකයෝ පවසති.

සෙවණගල සීනි කර්මාන්ත ශාලාවේ සේවකයන් පිරිසක් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයට පැමිණ මාධ්‍යවේදීන් හමුවේ මේ බව පැවැසූහ.

අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා හමුවීමට මෙලෙස අමාත්‍යාංශය වෙත පැමිණි සේවකයන් අමාත්‍යවරයා එහි නොසිටි බැවින් පිරිස තම දුක් ගැනවිල්ල කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශ ලේකම් රංජිත් අශෝක මහතා වෙත ඉදිරිපත් කරනු ලැබුවේය.

'' මේ හදන්නේ පාඩු කරලා දයාට විකුනන්න''

එහිදී මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ ප්‍රගතිශීලි සේවක සංගමයේ සභාපති ලලිත් ඕපාත මහතා මෙලෙස පැවැසීය.

මේ සෙවණගල සීනි සමාගම 2015 වසරේදී ලක්ෂ්මන් කිරිඇල්ල මහත්තයාට දීලා තිබුණා.

ඒකෙදි අපි ගොඩක් පාඩු ලැබුවා. මේ හදන්නේ ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයාගේ මාර්ගයෙන් මේක නැවතත් දයා ගමගේ ඇමැතිවරයාට ලබාදෙන්න. 

2011 වසරේදී දයා ගමගේ මහත්තයාට මේක තෑග්ගක් විදියට ලබාදීලයි තිබුණේ. දැන් මේ හදන්නේ මේ සෙවණගල පාඩු ලබනවා කියලා රටට පෙන්වලා මේක නැවතත් දයාගමගේ මහත්තයාට දන් දෙන්නයි.

රිෂාඩ්ගේ පාලන කාලයේදී ලාභ ලැබුවා:

රිෂාඩ් බදියුදීන් ඇමැතිවරයාගේ පසුගිය පාලන කාලයේදී අපේ ආයතනය ලාභ ලැබුවා. පසුගිය වසරෙදි අපි රුපියල් මිලියන 691ක විතර ලාභයක් ලැබුවා. 2015 වසරෙදි අපිට තිබුණු රුපියල් මිලියන 732ක මුදලට වෙච්ච දෙයක් නැහැ. 

ලක්ෂ්මන් කිරිඇල්ල මහත්මයා ඒ කාලේ සීනි 87ට තිබියදී රුපියල් 62 ශත 50ට සීනි විකුණල අපේ සීනි සමාගමට ලොකු පාඩුවක් කළා. දැන් ආයෙම මේ සීනි සමාගම ඔහුටම දෙන්න යනවා.

අපි ජනාධිපතිගෙන් හා අග්‍රාමාත්‍යතුමාගෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටින්නේ මේ ආයතනය නැවතත් රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයාටම ලබාදෙන්න කියලා. මොකද එතුමාගේ පාලන කාලයේදී මේ ආයතනය ලාභ ලැබුවා. 

සේවකයන්ට උද්ඝෝෂණ කියන දෙය අමතක වෙලයි තිබුණේ.

මෙහිදී සෙවණගල සීනි සමාගම වෙනුවෙන් ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ සභාපති ඩී.එල්. වික්ටර් මහතාද අදහස් දැක්වීය.

(මව්බිම)

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29321,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: සෙවණගල සීනි බේරගන්න බදියුදීන්ට දෙන්න : සේවකයන් ඉල්ලයි.
සෙවණගල සීනි බේරගන්න බදියුදීන්ට දෙන්න : සේවකයන් ඉල්ලයි.
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiJu1vWhLfCjsNMh_udabovWuIevdwZKndSa0dUKbRLy6G1hhTj2bt8Gh8lueDhLNFIYTkcYFX0fxqZaWoMCchxcur0mT9_Rq-oAMVWP2FqjepWrK68OMClg7ywncT4LR5KlbkA_xnR_hU/s1600/1.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiJu1vWhLfCjsNMh_udabovWuIevdwZKndSa0dUKbRLy6G1hhTj2bt8Gh8lueDhLNFIYTkcYFX0fxqZaWoMCchxcur0mT9_Rq-oAMVWP2FqjepWrK68OMClg7ywncT4LR5KlbkA_xnR_hU/s72-c/1.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/06/blog-post_99.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/06/blog-post_99.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy