යුද්ධයෙන් පසුව උතුරු නැගෙනහිර තරුණ තරුණියන්ට ඇති ගැටලු පිළිබඳව සාකච්ඡා කිරීමට ලබන ජූලි මස තරුණ සමලුවක් පැවත්වීමට පියවර ගෙන ඇති බවට උතුරු ප...
යුද්ධයෙන් පසුව උතුරු නැගෙනහිර තරුණ තරුණියන්ට ඇති ගැටලු පිළිබඳව සාකච්ඡා කිරීමට ලබන ජූලි මස තරුණ සමලුවක් පැවත්වීමට පියවර ගෙන ඇති බවට උතුරු පලාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේශ්වරන් මහතා කියා සිටියේය.
ප්‍රධාන අමාත්‍ය වරයා මේ බව කියා සිටියේ ඊයේ (05) යාපනය පුස්තකාල ශ්‍රවනාගාරයේදී දෙමළ ජනතා සභාවේ සාමාජික රැස්වීමේ අවස්ථාවට සහභාගී වෙමිනි.
එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්වීය.
‘දෙමළ ජනතා සභාව මගින් සිදු කරන මෙම සියලු ක්‍රියාවන් දෙස දෙමළ ජනතාව බුද්ධියෙන් බැලිය යුතුයි අපි දේශපාලඥයින් සහ විවිධ පුද්ගලයින් එකතු කරගෙන යාමෙන් මේක දේශපාලන පක්ෂයක් වෙන්නේ නැහැ ඒ විදිහට අපි දෙස බලන්නත් එපා. යුද්දය නිසා උතුරු නැගෙනහිර තරුණ තරුණියන් විශාල ප්‍රමාණයකට ගැටලු තියනවා අපි පළමුව ලබන මාසේ උතුරේ තරුණ තරුණියන් වෙනුවෙන් යාපනයේ සමලුවක් පවත්වලා අනෙක් සමලුව අපි නැගෙනහිර ප්‍රදේශයේ පවත්වන් පියවර ගන්නවා එහිදි අපිට දෙමළ තරුණ තරුණ තරුණියන්ගේ ගැටලු මොනවද කියල සාකච්ඡා කරන්න පුලුවන්.”
“යුද්දය නිසා තරුණ තරුණියන්ට ඇති වූ ගැටලු වලට ගතහැකි වසඳුම් මොනවද කියලා අපි සාකච්ඡා කරනවා ඊලග පරපුර පවත්වාගෙන යන්නනම් දැන් සිටින පරපුරේ සංස්කෘතිය ආරක්ෂා කරගත යුතුයි දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීමට හැකි වන්නේද තරුණ තරුණියන්ටයි ඒ නිසා උතුරු නැගෙහිර තරුණ තරුණියන්ට ලබා දිය හැකි ආර්ථික හා සංවර්ධ විසඳුම් ලබා දීම වෙනුවෙන් තරුණ සංසදයක් ගොඩනගා ගත යුතුයි.”යැයිද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
(වන්නි රොමේෂ් මධුෂංඛ)
COMMENTS