මෙතරම් කෙටි කාලෙකින් අප්‍රසාදයට පත් වුණු ආණ්ඩුවක් මේ රටේ තිබුණා කියලා හිතන්න අමාරු බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය. “හරි...
මෙතරම් කෙටි කාලෙකින් අප්‍රසාදයට පත් වුණු ආණ්ඩුවක් මේ රටේ තිබුණා කියලා හිතන්න අමාරු බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය.
“හරි මඟ උතුම් ශ්‍රී ලංකාවක්” සම්මන්ත්‍රණ මාලාවේ තවත් සම්මන්ත්‍රණයක් ඊයේ වැල්ලවත්ත ප්‍රදේශයේ දී හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත් විණි.
එහිදී හිටපු ආරක්ෂක ලේකම් මෙසේ අදහස් දැක්විය.
“මහින්ද රාජපක්ෂ රජය පරද්දන්නට ඒ අයට තේරුම් ගියා. මේ මුස්ලිම් ජනතාව තුළ අප්‍රසාදයක් ඇති කරලා, ඒ අයගේ විශ්වාසය නැති කරන්නට ඕන කියලා ඒකට සැලසුම් ඇති කළා. දේශීය හා විදේශීය බලවේග, අද පාතාලය හිස ඔසවලා තියෙන බව හැමෝම දන්නවා. පාතාලය ගැන කතා කරන්නත් බයයි, පාසල්වලත් තිබෙනවා. එදා යුද්ධය අවසාන කරාට පස්සේ උතුරු ප්‍රදේශයේ කිසිම සිද්ධියක් පෝස්ටර් එකක් වත් ඇලෙව්වේ නැති තරමට අපි ආරක්ෂාව තියාගෙන හිටියා. පාතාලය නැතිවුනු වුණා. කුඩු අඩුවුණා. මේවා අපිට කරන්න පුළුවන් වුණා මේ ජනතාව වෙනුවෙන්. නමුත් අද ඒ සියලු දෙයක්ම නැති වෙලා. අවුරුදු තුනහමාරක් වැනි කෙටි කාලයක් තුළ දී වගේ අප්‍රසාදයට පත් වෙච්ච රජයක් මේ රටේ තිබුණ ද කියලා හිතාගන්න අමාරුයි. මෙවැනි රජය මේ ආණ්ඩුව පෙරළා මහජනතාවට හිතැති එදා කරගෙන ගිය සංවර්ධනය ඉදිරියටත් කරගෙන යන්න, ආර්ථිකය නැවත ගොඩ ගන්නට හැකි රජයක් බිහි කරන්නට සියලු දෙනාම එක්වෙමු.”
COMMENTS