රට පාවා නොදෙන ලෙස හා රණවිරුවන් රැක ගන්නා ලෙස ඉල්ලමින් යල්පැන ගිය සටන් පාඨ කියමින් ඇතැම් දේශපාලනඥයන් ලිප්ටන් වටරවුමේ සිට පෙළපාලි යන්නේ තම ප...
රට පාවා නොදෙන ලෙස හා රණවිරුවන් රැක ගන්නා ලෙස ඉල්ලමින් යල්පැන ගිය සටන් පාඨ කියමින් ඇතැම් දේශපාලනඥයන් ලිප්ටන් වටරවුමේ සිට පෙළපාලි යන්නේ තම පටු දේශපාලන අරමුණු වෙනුවෙන් පමණක් බව ද ජනාධිපතිවරයා කියා සිටියේ ය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව ප‍්‍රකාශ කළේ මනම්පිටිය නගරයේ හෙළ බොජුන් හලේ සිදු කෙරුණු සංවර්ධන කටයුතු රැසක් ඊයේ (02) පස්වරුවේ ජනතා අයිතියට පවරා දෙමිනි.
ආණ්ඩුවට විරුද්ධව ඉදිරිපත් කරන සටන් පාඨ කිසිවක් අද දවසට වලංගු නොවන අතර, එදා කතා කළ විදුලි පුටු, ජාත්‍යන්තර යුද අධිකරණ මෙන්ම ජාත්‍යන්තර විනිසුරුවරුන් ගෙන්වීම යන සියලූ කතා බහ වත්මන් රජය යටතේ නිමා වූ බව ද ජනාධිපතිවරයා කියා සිටියේය.
එහිදී ජනාධිපතිවරයා මෙසේ අදහස් දක්විය.
“2015 ජනවාරි මාසේ 8 වෙනිදා මැතිවරණයට මේ රටේ ජනතාව ඉල්ලුවේ ප්‍රජාතන්ත්‍රවාදය, නිදහස, සාමකාමී සමාජය සැකෙන් බියෙන් ජීවත් වීමේ සමාජයක්. මාධ්‍ය නිදහස ජාත්‍යන්තර බලපෑම් වලින් නිදහස් වූ රටක් විදේශීය බලපෑම් වලින් නිදහස් වූ සමාජයක්. අපි ඒ නිදහස ජනතාවට ලබාදුන්නා වගේම ඒ නිදහස ඇතැම් වෙලාවට භුක්ති විදීමේ ක්‍රමය පිළිබඳව සමහර අයට සිය මානුෂීය ගුණාත්මක භාවය පෙන්නුම් කරන්න බැරුව ගිහින් තියෙනවා. නිදහස කොතෙක් දුන්නද කියනවනම් ජනාධිපතිවරයාට තිත්ත කුණුහරුපෙන් බනින්න, ලියන්න ජනාධිපතිවරයාගේ රෙදි ගලවලා පෙන්නන්න, සමාජ වෙබ් අඩවි හරහා ඒ දුන්න නිදහස පාවිච්චි කරනවා. හැබැයි ඒක වැරදි විදියට භුක්ති විදින අයට මම එකක් කියන්න ඕනේ වැඩේ වරද්දාගෙන ඒ නිදහසේ රෙදි ගලවා ගන්න තැනට පත් වෙන්න එපා.”
“ලිප්ටන් වටරවුමේ විහාර මහා දේවී උද්‍යානයේ ඉදන් කට්ටියක් පෙළපාලිය යනවා ආණ්ඩුවට විරුද්ධව උද්ඝෝෂණය කරනවා ජංගම දුරකථනයෙන් බැලුවා සටන් පාඨ තියනෙවා. මම බැලුවා මුකුත් අලුත් සටන් පාඨ තියෙනවද කියලා ඔක්කොම පරණ ඒවා. රණවිරු බේරගන්න කියනවා, රට බෙදන්න එපා කියනවා, රට පාවාදෙන්න එපා කියනවා, විදේශීය වෙළෙඳ ගිවිසුම් වලින් රට යටත් වෙන්න දෙන්න එපා කියනවා, මම බොහොම පැහැදිලිව කියනවා ඔය ලිප්ටන් වටරවුමේ අද හවස ගිය අයට අපි රට පාවා දීලා නෑ, රට පාවා දෙන්නෙත් නැහැ, රට කඩන්න දෙන්නෙත් නැහැ, රණවිරුවන්ට ආපු ජාත්‍යන්තර බලපෑම් සියල්ල මේ රටේ රණවිරුවන් නිදහස් කර ගත්තේ මමත් මගේ ආණ්ඩුවත් අපියි කියන එක මම බොහොම පැහැදිලිව කියනවා.”යැයිද ඒ මහතා වැඩිදුරටත් අදහස් දැක්විය.
COMMENTS