දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
‘මා අහසේ පියඹනවා..’ ජනපතිට විරුද්ද මඩ විඩියෝ නිෂ්පාදක පොලිසියට කොචොක් කරමින් රටින් පලා යයි.. අතහිත පොලිස් කොමිසමෙන්
Homeප්‍රවෘත්ති

‘මා අහසේ පියඹනවා..’ ජනපතිට විරුද්ද මඩ විඩියෝ නිෂ්පාදක පොලිසියට කොචොක් කරමින් රටින් පලා යයි.. අතහිත පොලිස් කොමිසමෙන්

PropellerAds

සිං හලේ සංවිධානය විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි.පොලිස් කොමිසම තවමත් කටයුතු කරන්නේ සිරිකොතේ ආනුභාවයෙන් ශ්‍රි ලංකා තරුණ ජනමාධ්...

ශී‍්‍ර චන්ද්‍රබාබු නයිදු ජනපති හමු වෙයි
119 හෙට අක්‍රිය නොවෙයි
තිරසර යුගයක් ඇරඹේ - සිරකරුවන් 285ක් නිදහස්
සිංහලේ සංවිධානය විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි.පොලිස් කොමිසම තවමත් කටයුතු කරන්නේ සිරිකොතේ ආනුභාවයෙන් ශ්‍රි ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය නොවැම්බර් 22 වන දින යොමු කළ ලිපියේ සදහන් කර තිබුණේ ශානි අබේසේකර මහතාව මෙසේ හදිසියේ ස්ථාන මාරු කරනු ලැබුවේ
දේශපාලන හේතූන් නිසා බවත්, ස්වාධීන කොමිෂන් සභාවක් වන ජාතික පොලිස් කොමිෂන් සභාව එවැනි පටු තීන්දු තීරණ ගැනීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පරමාර්ථ උල්ලංඝණය කිරීමක් වන බව සදහන් කරමින් යවා තිබු ලිපියට ප්‍රතිචාර වශයෙන් හදිසියේ පසුගිය 28 දින පොලිස් කොමිසම රැස්වූ බවට තොරතුරු අපට වාර්තා වනවා. ශානි අබේසේකර ජනාදිපති අපේක්ෂක ගොටාභය රාජපක්ෂ මහතා ජාත්‍යන්තර ත්‍රස්තවාදී නායකයකු බවට පත්කිරීමේ කුමන්ත්‍රණයට අදාළ video පටය සැකසීමට අදාළව නීතිමය රැකවරණය සැකසුවේ මේ කුප්‍රකට පොලිස් නිලධාරියා බවට අප සංවිධානය මිට මාසයකට ආසන්න කාලයකදී අප පැමිණිලි කර සිටියෙමු . එම පැමිණිල්ල මේ වනතෙක් කොමිසම විසින් විමර්ශනයට භාජනය නොකොට බහා තබා ගැනීමෙන් පෙනී යන්නේ තවමත් රට තුල නීතියේ ආධිපත්‍ය ක්‍රියාත්මක නොවන ආකාරයකි . ශානි විසින් රියාත්මක කල කැලේ නිතිය හේතුවෙන් මේ වන විටත් අදාළ මඩ වීඩියෝව සකසන ලද තැනැත්තා විදේෂගතව නීතියේ දෙවගනට ඔච්චම් කරමින් සිටි ඔහුගේ face book සටහනේ මෙසේ සදහන් වේ.

මා සිතින් ගතින් අහසේ සැරිසරන නිදහස් කුරුල්ලෙකි …….

”එක්ස්ත් ජාතික පක්ෂය ප්‍රමුක එක්සත් ජාතික පෙරමුණේ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අත්හදා බැලීමේ ආණ්ඩුව පරාජය වී තිබේ. ඒ සදහා රට තුල විවර වූ නව ප්‍රජාත්‍රවාදී වටපිටාව වැරදියට තේරුම් ගැනීම, තවත් දහසකුත් තාක්ෂණික කරනා මෙන්ම සීලාචාර මිනිසුන්ගේ සීලාචාර බල ව්‍යාපෘතිය, අසීලාචාර මිනිසුන්ගේ අසීලාචාර බල ව්‍යාපෘතියක් විසින් පරාජය කිරීමක් ලෙසද දැක්විය හැකිය.

ඒ කෙසේ වෙතත් පසුගිය සතිය තුල කිහිප විටක්ම මා සොයා මාගේ නිවසට අපරාද පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පැමිණ තිබේ.

ඔවුන් මාගේ අසල් වැසියන්ගෙන් මා ගැන ප්‍රශ්ණ කරමින් මාගේ දේශපාලන ක්‍රියාකාරකම් විමසා තිබේ. එසේම මා හමු වන්න එන අයගේන් හා මාගේ හිතවතුන්ගේ මෙන්ම නෑදෑයන්ගේ තොරතුරු විමසා තිබේ. මා දන්නා කියන මා සම්බන්දතා පවත්වනු ලබන ඩිජිටල් මාධ්‍ය කටයුතු සිදු කරන ආයතන වලටද දුරකථන ඇමතුම් දෙමින් මර්දනයක් ක්‍රියාත්මක කොට ඇත.

මා මාධ්‍යවේදියෙකු නොවන අතර එකස්ත් ජාතික පක්ෂ යාන්ත්‍රණයේම කොටසකි. පසුගිය වසර පහ තුල පුර්ණ කාලීනව දේශපාලන ක්‍රියාකාරකම් වල යෙදුන අතර නොවැම්බර් 16 වැනිදාට පෙර තිබු නිදහස සාමකාමී මිනිසුන් බියෙන් සැකෙන් තොර අයිතිවාසිකම් විදිමින් ගෙවූ රට හා සමාජය ගොඩ නැගීමට ඒ වෙනුවෙන් මා මාගේ කාර්ය කොටස ඉටු කලෙමි.

එසේම පසුගිය මැතිවරණයේදී අපේ කදවුරේ අපේක්ෂකයා වූ සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ මැතිවරණ කටයුතු වලට සක්‍රියව ඔහුගේ ජයග්‍රහණය වෙනුවෙන් දායක වූ අතර එය එකෂත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ හා පක්ෂයේ මහ ලේකම් අකිල කාරියවසම් මැතිතුමන්ගේ මෙන්ම නියෝජ්‍ය නායක අපේක්ෂක සජිත් ප්‍රේමදාස මැතිතුමන්ලාගේ පැවරුමක් වේ.

ඒ වෙනුවෙන් මාගේ හැකියාවන් දැනුම හා සම්පත් යෙදවීම අපරාධමය වරදක් නොවන අතර මෙවැනි මර්දනයන්ට මා හෝ මාගේ කණ්ඩායම බිය වැද්දවීමට හෝ යටත් කර ගැනීමට සිතන්නේනම් එය මිරිගුවක් වේ.

අවසාන වශයෙන් කිවයුත්තේ මැතිවරණයට පෙර මා කියූ සියල්ල සත්‍ය වන අතර පසුගිය දින 14 කට අඩු කාලයකදී ඔහුන්ගේ පාලනයේ ඒකාධිපති පැසිස්ට් ස්වරුපය රටටම හෙළි කොට දී තිබේ.

මිල්ටරි ජුන්ටාවට මා කියනුයේ මා දඩයම් කිරීමට ඔබ බොහෝ ඉහලට පැමිණිය යුතුය මන්ද මා සිතින් ගතින් අහසේ සැරිසරන නිදහස් කුරුල්ලෙකි.”

කුරුල්ලට ඉගිලයාමට ඉඩ ලබාදුන්නේ ශානි අබේසේකර විසින් බවට පැමිණිල්ලක් තිබියදී මේ වනතෙක් ඔහු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න නොකර සිටින්නේ අපරාදේ පරික්ශනේ දෙපාර්තුමේන්තුවේ සිටිනා ශානිගෙන් ජීවත්වූ ගජමිතුරන් නිසාවෙනි . මා කිහිපවිටක් cid ය වෙත ගොස් මෙම පැමිණිල්ල සම්බන්දයෙන් නැවත නැවතත් තොරතුරු හා සාක්ෂ ලබාදුන් අතර ඒ කිසිවක් පිලිබදව ඔවුන්ගේ අවධානය යොමු නොකළ අතර අද හෙටම නැවතත් ඔහුව සිරිකොතේ ආනුභාවයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ අද්‍යක්ෂ ලෙස අභිෂේක ගැන්වීම සිදුවුවහොත් ඒ පිලිබදව පුදුම විය යුතු නැත . ප්‍රභල පාතාල නායකයකු වූ මා කදුරේ මදුෂ් අත්අඩංගුවට ගැනීමෙන් පසු මදුෂ් සමග පවත්වන ලද අනියම් ඇසුර හා මදුෂ් අත්අඩංගුවට ගෙන නියමිත පරිදි අදාළ අයාතන වෙත නිත්‍යානුකුලව අදාළ දැන්වා නොසිටි බවට සම්පුර්ණ තොරතුරු අප සංවිදානයේ සන්තකයේ ඇති බවත් රාජ්යයේ නීති විමර්ශන කටයුතු සිදු කරනු ලබන ආයතනික දුරාවලියේ ඇතිවී ඇති නිවට ගති ලක්ෂණ හේතුවෙන් ඒ ස්කිසිවක් හෙළිදරවු නොකරන බව දන්වා සිටිමු. විමර්ශන අංශ මදුෂ් සමග ශානි ගත කිරීමට උත්සාහ කල සැපවත් ජීවිතය ගැන යම් විමසීමක් අප සංවිදානය වෙතින් කළහොත් ඒ පිලිබදව අප සම්පුර්ණ සහයෝගය ලබා දෙන්නෙමු .

ප්‍රදීප් සංජිව පෙරේරා
සිංහලේ සංවිදානයේ
ජාතික සංවිදායක



c news
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29276,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ‘මා අහසේ පියඹනවා..’ ජනපතිට විරුද්ද මඩ විඩියෝ නිෂ්පාදක පොලිසියට කොචොක් කරමින් රටින් පලා යයි.. අතහිත පොලිස් කොමිසමෙන්
‘මා අහසේ පියඹනවා..’ ජනපතිට විරුද්ද මඩ විඩියෝ නිෂ්පාදක පොලිසියට කොචොක් කරමින් රටින් පලා යයි.. අතහිත පොලිස් කොමිසමෙන්
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiXPFd7K11j20EtdTnAhwX7UE-NIjRKwAC-_juhyphenhyphenMBWQLzY3HTQSfsl8zQiEnwHSp7eHkBKXYO2poxxxjRYlDUh8qBhdBAzbjIIu56GSpgDgNeqcHQw9_oj6Lujt5a8gq9Zmm-kh42DV0yP/s320/thusara.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiXPFd7K11j20EtdTnAhwX7UE-NIjRKwAC-_juhyphenhyphenMBWQLzY3HTQSfsl8zQiEnwHSp7eHkBKXYO2poxxxjRYlDUh8qBhdBAzbjIIu56GSpgDgNeqcHQw9_oj6Lujt5a8gq9Zmm-kh42DV0yP/s72-c/thusara.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/12/blog-post_36.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/12/blog-post_36.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy