බැදුම්කර සිද්ධිය වටා ගෙතුණු කතාවන් සමග සී.වී.විග්නේස්වරන් උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයාද කියා සිටින්නේ මේ පිළිබදව පුළුල් හා විධිමත් පරී...
බැදුම්කර සිද්ධිය වටා ගෙතුණු කතාවන් සමග සී.වී.විග්නේස්වරන් උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයාද කියා සිටින්නේ මේ පිළිබදව පුළුල් හා විධිමත් පරීක්ෂණයක් පවත්වා මුලින්ම රටට ඇත්ත නැත්ත හෙළි කළ යුතු බවයි.
වවුනියාවේ රැස්වීමකට පැමිණි අවස්ථාවේදී ප්‍රධාන අමාත්‍යවරයා තව දුරටත් කියා සිටියේ නීති විරෝධී ආකාරයකින් යමෙක් මුදල් ලබාගෙන ඇත්නම් ඊට නිසි දඩුවම් දිය යුතු බවයි.
යමෙක් යම් අයෙකුගෙන් මුදලක් ලබා ගැනීම එතරම් විශාල ප්‍රශ්නයක් නොවූවත් ඒ මුදල ලබා දීමට බලපාන ලද හේතුව ඉතා වැදගත් බව ප්‍රධාන අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේය.
මුදල ලබාගෙන ඇත්තේ දේශපාලනයේදී යම් වාසියක් ලබා ගැනීමේ අරමුණින් නම් එය විශාල වරදක් බව පෙන්වා දෙන උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා එවැනි දේශපාලනඥයින් දේශපාලනයෙන් ඉවත් විය යුතු බවත් එසේ ඉවත් නොවන්නේ නම් ඉවත් කළ යුතු බවත් කියා සිටියි.
කුමන දේ සිදු වුවත් එය රටේ මහජනයාට දැන ගැනීමට හැකි අන්දමට විනිවිද භාවයක් තිබිය යුතු බව සී.වී.විග්නේස්වරන් ප්‍රධාන අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේය.
(දිනසේන රතුගමගේ)
COMMENTS