ම න්නාරමේ ආරක්ෂක අංශ විසින් 29 දා සවස ඉරුක්කලම්පිඩ්ඩි මන්නාරම නගරය ආශ්‍රිතව කළ සෝදිසි මෙහෙයුමකදී රිෂාර්ඩ් බදුයුදීන් අමාත්‍යවරයාගේ ලේකම්වරයෙ...
මන්නාරමේ ආරක්ෂක අංශ විසින් 29 දා සවස ඉරුක්කලම්පිඩ්ඩි මන්නාරම නගරය ආශ්‍රිතව කළ සෝදිසි මෙහෙයුමකදී රිෂාර්ඩ් බදුයුදීන් අමාත්‍යවරයාගේ ලේකම්වරයෙකු බෝම්බ පිපිරවීමට ගන්නා ඩෙටනේටර් හයක් සමග අත්අඩංගුවට ගෙන තිබේ. මේ ඩෙටනේටර් හය ඔහු සන්තකයේ තිබියදී යුද හමුදාව විසින් අත් අඩංගුවට ගෙන අති අතර යුද හමුදාව සැකකරන්නේ ඒවා යම් අයෙකුට බාර දීම සදහා හෝ සගවා තැබීමට රැගෙන යන්නට ඇති බවයි.
යුද හමුදාව විසින් සැකකටයුතු ලේකම් වරයා ඩෙටනේටර්ස් සමග මන්නාරම පොලිසිය වෙත බාර දී තිබේ.
මේ අතර යුද හමුදාව පැවසුවේ අදාල මෙයෙයුමේදී මන්නාරමේ තවත් ස්ථාන කීපයකදී සැකකරුවන් දොළොස් දෙනෙකු අත් අඩංගුවට ගත් බවයි.
ඔවුන් අතරින් මන්නාරම නගරයට ආසන්නව ඉතාම කුඩා පරිමාණයේ වඩුමඩුවක් පවත්වාගෙන ගිය පුද්ගලයෙකු සැකපිට අත් අඩංගුවට ගෙන ඔහුගේ වඩුමඩුව පරීක්ෂා කළ අවස්ථාවේදී හමු වූ බැංකු පොතක ඔහුගේ නමින් රුපියල් කෝටි දාසයක මුදලක් තැන්පතු වශයෙන් ඇති බව පෙනී ගොස් තිබේ.
යුද හමුදාව කළ ප්‍රශ්න කිරීම් වලදී එම මුදල ඔහුට ලබුණු ආකාරය විස්තර කිරීමට නොහැකි වූ නිසා යුද හමුදාව ඔහුද අත් අඩංගුවට ගෙන තිබේ.
මේ සැකකරුවන් සියලුම දෙනා යුද හමුදාව විසින් මන්නාරම පොලීසිය වෙත බාර දී තිබේ.
වවුනියාව - රසාදි චතුරංගි ගමගේ
මව්බිම

COMMENTS