දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ග්‍රාමීය ජනතාවගේ ජිවනෝපාය සංවර්ධනය වෙනුවෙන් වැඩමුළු.
Homeගොසිප්

ග්‍රාමීය ජනතාවගේ ජිවනෝපාය සංවර්ධනය වෙනුවෙන් වැඩමුළු.

PropellerAds

ගම සංවර්ධනය කර ග්‍රාමීය ජනතාව ආර්ථිකමය අතින් ශක්තිමත් කිරීම සදහා වන ජාතික වැඩපිළිවෙල කඩිනමින් දියත් කරන බව ධිවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ...

ගරු රනිල් "වන් මෝ ප්ලීස්.."
ලලිත් ඇතුළත්මුදලි දියණියගේ ප්‍රසංශාව ජනපති මෛත්‍රීට.
ජනපති සහායට පක්ෂ රැසක තවත් පිරිසක්.


ගම සංවර්ධනය කර ග්‍රාමීය ජනතාව ආර්ථිකමය අතින් ශක්තිමත් කිරීම සදහා වන ජාතික වැඩපිළිවෙල කඩිනමින් දියත් කරන බව ධිවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථිකය පිළිබද රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා පැවසිය.

රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ හැකියාවට රැකියාවක් මෙන්ම ගමට ව්‍යාපාරිකයෙක් බිහිකිරීමේ වැඩපිළිවෙල ආරම්භ කිරීමට තමන් මැදිහත්ව කටයුතු කරන බවය . එහි පළමු පියවර ලෙස ධිවර හා ජලජ සම්පත සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථිකය පිළිබද අමාත්‍යංශයේ මුලිකත්වයෙන් අනෙකුත් අමාත්‍යංශ සහ ආයතනවල සහය ලබාගනිමින් ග්‍රාමීය ජිවනෝපාය සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත . මේ යටතේ ග්‍රාමීය ජිවනෝපාය සංවර්ධන කඩිනම් වැඩපිළිවෙල සදහා ක්‍රියාකාරී සැලැස්මක් සකස්කිර්මට කටයුතු කර තිබේ.

ඒ යටතේ සියළු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමින් සියළු ක්ෂේත්‍ර නිලධාරීන් මෙන්ම ප්‍රාදේශීය ලේකම්වරු , ග්‍රාම නිලධාරී , සංවර්ධන සහකාර නිලධාරීන් , සමෘද්ධි සංවර්ධන , කෘෂිකර්ම පර්යේෂණ නිලධාරී ඇතුළු නිලධාරීන් පළමු පියවර යටතේ දැනුවත් කර මෙම ජිවනෝපාය සංවර්ධන වැඩපිළිවෙල ගමට ගෙනයාම අරමුණය .

ඒ අනුව රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි  මහතාගේ ප්‍රධානත්වයෙන් සහ ධිවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථිකය පිළිබද අමාත්‍යංශයට අයත් ආයතන වල නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් මෙම දැනුවත් කිරීමේ වැඩමුළු මාලාව ඊයේ අගුණකොලපැලැස්ස ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයෙන් ආරම්භ කෙරිණ .

අනතුව එදිනම පස්වරුවේ අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ දැනුවත් කිරීමේ වැඩමුළුව නෝනගම සංස්කෘතික මධ්‍යස්ථානයේදී පැවති අතර ඊයේ [ 29 ] දින බෙලිඅත්ත සහ තංගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වල වැඩමුළු වැඩමුළුව පැවැත්විණි.

ජාතික ජලජිවි වගා සංවර්ධන අධිකාරිය , ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය ඇතුළු ආයතන ගණනාවක් මගින් ක්‍රියාත්මක කරන වැඩසටහන් , ලබාදෙන ආධාර , ණය ආධාර , උපදේශන , ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම , වෙළදපළ සොයාගැනීම , ඒසදහා සහය ලබාගැනීම ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක් පිලිබදව මෙහිදී දැනුවත් කළහ .

එම සේවාවන් නිසිලෙස ජනතාව අතරට ගෙනයාම නිලධාරීන් සතු වගකීම සහ යුතුකම බව අවධාරණය කල රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා  සැමදාම සහනාධාර බලාගෙන ජිවත්වන මිනිසකු වෙනුවට තව කෙනෙකුට ශක්තියක් විය හැකි ගමට ව්‍යාපාරිකයෙකු බිහිකිරීම සදහා සියළු දෙනාගේ සහය අවශ්‍ය බව පැවසිය.

මෙතෙක් සිදු වුයේ රජයෙන් ලැබෙන ආධාර ප්‍රමාද වූ විට හෝ ලැබෙන ආධාර නොලැබීම මත අදාළ වැඩසටහන් අතර මග නැවතීම වුවත් නව වැඩපිළිවෙල යටතේ එවැනි කඩාවැටීමක් සිදු නොවන බවත් , පළමු පියවරේදීම සියළු සහය , මුදල් , දැනුම , උපකරණ මෙන්ම නිෂ්පාදන සදහා වෙළදපළ නිර්මාණය කරදෙන බැවින් තමන්ගේ හැකියාව සහ උනන්දුව මත ලබන ආදායම වැඩි කරගැනීමට හැකියාව ලැබෙන බවත් ඒ අනුව මෙම වැඩපිළිවෙල කිසිදා අතරමග නතර නොවනු ඇති බවත් , ගම සංවර්ධනය කල යුත්තේ ගමේ ජනතාව නගාසිටුවා ලමින් යන්න මුල් කරගනිමින් මෙම ජිවනෝපාය සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කරන බවත් රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා සදහන් කළේය .

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29308,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ග්‍රාමීය ජනතාවගේ ජිවනෝපාය සංවර්ධනය වෙනුවෙන් වැඩමුළු.
ග්‍රාමීය ජනතාවගේ ජිවනෝපාය සංවර්ධනය වෙනුවෙන් වැඩමුළු.
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjm-4qL4WYNSpWK9i5bqZVm2qJXa8M42v3ZlAKKK7DnzYDDgU_3puDJDj9Bm4pqeV825vVrd-5UXrrr-00r_TR1GPTW4EwxKUEH0wZcwo4PnKHVj2RAu5PcfLR1dzz230Ms8Y6K33ZKDH8/s1600/Dilip+Wedaarachchi.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjm-4qL4WYNSpWK9i5bqZVm2qJXa8M42v3ZlAKKK7DnzYDDgU_3puDJDj9Bm4pqeV825vVrd-5UXrrr-00r_TR1GPTW4EwxKUEH0wZcwo4PnKHVj2RAu5PcfLR1dzz230Ms8Y6K33ZKDH8/s72-c/Dilip+Wedaarachchi.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/06/blog-post_518.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/06/blog-post_518.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy