රනිල් කියූ සැනින් අපට මතක් වන්නේ යුරෝපීය ඇදුමෙන් සැරසුණු ඒ යුරෝපීය අගයන් සමඟ ජීවිතය ගත කරන කොළඹ හතේ සුපිරි චරිතයකි. ඔහුගේ මුලු දේශපාලන ජීව...
රනිල් කියූ සැනින් අපට මතක් වන්නේ යුරෝපීය ඇදුමෙන් සැරසුණු ඒ යුරෝපීය අගයන් සමඟ ජීවිතය ගත කරන කොළඹ හතේ සුපිරි චරිතයකි. ඔහුගේ මුලු දේශපාලන ජීවිතය තුල ඔහු විශ්වාස නොකරන නමුත් රටේ දේශපාලනයේ බලය රැකගැනීම පිණිස ඕනවට එපාවට කල ජනහමු, ලමයි සිපවැලද ගැනීම්, ආගමික සිද්ධස්ථාන වැදපුදා ගැනීම් අප දැක ඇත. ඒ සියල්ල ව්‍යාජ වන අතර රනිල් සැබැවින්ම ජනතාවගේ බුරිය අතගා බඩ මිරිකා තොත්තු දී ජනප්‍රිය වන නායකයෙකු නොවේ.
අද ඔහුගේ යථා ස්වභාවය හෙවත් අවැසි තැනදී හොදට කන බොන නටන සුන්දර දසුන දුටු විට එහි ඇති අව්‍යාජ භාව ප්‍රකශණයන් අලුත් වටයකින් "රනිල්" යන පුද්ගල නාමය යමක් කමක් තේරෙන උන්ගේ හදවත් තුල යලි උපද්දවීමට සමත්ව තිබේ.
මෛත්‍රීපාල සිරිසේන හෝ වෙනයම් ජාතික ඇදුම අදින නායකයෙකු ඔය නැටුම නැටුවේ නම් (මින් පෙර අවස්ථා කිහිපයකදී නටා ඇති පරිදි ) එය මහා අපුලක් දනවන රිලා නැට්මකි.
එවැනි රිලා නැටුම් මැද රනිල්ගේ මේ නර්ථනය ගැන මට සතුටුය. ආඩම්බරය.
රටට පෙනෙන්නට මහා සිංහලයින් වෙන නූගත් දේශපාලකයින්ගේ ව්‍යාජ හැසිරීමට වඩා කවදත් මම රනිල්ගේ ඒ අව්‍යාජ යුරෝපීය හැසිරීමට කැමතිය. ඔ
යුරෝපීය ඇදුමෙන් සැරසුනු රනිල් මා දන්නා පරිදි සිය නැන්දණියක් වන අයිරාංගනී සේරසිංහ මහත්මිය සමඟ කල රංගනය, එදා මෙදා තුර මෙරට දේශපාලකයෙකුගේ ජීවිතයේ කැමරා කාචයකට හසුවූ විනෝදකාමීම මෙන්ම ඉතා සුන්දරතම දසුන් පෙල බව අවංකව ප්‍රකාශ කල යුතුය.
දේශපාලකයින්ගේ පුද්ගල සන්නාම කළමනාකරණයේදී ඔවුන් විසින් හරි තැනදී හරි දේ කිරීම, හරි තැනදී හරි ලෙස හැසිරීම ඉතා වැදගත්ය.
ඒ අතින් රනිල්ගේ පැළැන්තියට, ඇදුමට සහ අංග චලනයට ඒ නැටුම කිසිදු ගැටලුවක් නැත.
රනිල්ගේ නැටුමට කළබල නොවී ඔහුගේ දේශපාලනයට කළබල වෙන්න.
ගරු රනිල් "වන් මෝ ප්ලීස්.."
-ෂේන් මහේන්ද්‍ර ප්‍රියවික්‍රම
COMMENTS