සයිටම් ආයතනයේ හිටපු ප්‍රධාන විධායක නිළධාරි සමීර සේනාරත්න මහතා ලබන 14 වැනිදා දක්වා රිමාන්ඩ් කරන ලෙස කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය අද න...
සයිටම් ආයතනයේ හිටපු ප්‍රධාන විධායක නිළධාරි සමීර සේනාරත්න මහතා ලබන 14 වැනිදා දක්වා රිමාන්ඩ් කරන ලෙස කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළේය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ශන අංශය අද පෙරවරුවේ අදාළ චෝදනා කියා දී සේනාරත්න මහතා අත්අඩංගුවට ගනු ලැබීය. 2017 වසරේ පෙබරවාරි හය වැනිදා සයිටම් ආයතනය ආසන්නයේදී තම වාහනයට වෙඩි ප්‍රහාරයක් එල්ල වූ බව කියමින් ව්‍යාජ පැමිණිල්ලක් කර ඇති බව විමර්ශනයේදි අනාවරණය වීයැයි රහස් පොලිසිය කියයි.
COMMENTS