රජයේ රෝහල්වල වෛද්‍යවරු අද (30) සංකේත වැඩවර්ජනයක නිතර වීමට තීරණය කර සිටිති. එම වර්ජනය අද පෙරවරු 8 ට ආරම්භ කරන අතර හෙට (31) පෙරවරු 8 න් අව...
රජයේ රෝහල්වල වෛද්‍යවරු අද (30) සංකේත වැඩවර්ජනයක නිතර වීමට තීරණය කර සිටිති.
එම වර්ජනය අද පෙරවරු 8 ට ආරම්භ කරන අතර හෙට (31) පෙරවරු 8 න් අවසන් කෙරෙන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවසීය.
රජයේ රෝහල්වල සේවය කරන වෛද්‍යවරුන්ටත් සමස්තයක් වශයෙන් සෞඛ්‍ය කේෂ්ත්‍රයට බලපාන කරුණු ගණනාවක් මුල්කර ගනිමින් එම වෘත්තිය සමිති ක්‍රියාමාර්ග ගන්නා බවත් අලුත්ගේ මහතා කීවේය.
මාලබේ සයිටම් වෛද්‍ය විද්‍යාල අර්බුදයට දෙසැම්බර් 31 වැනි දාට පෙර විසඳුම් නොදීම, සිසුන්ට සාධාරණය ඉටු කිරිමට අපොහොසත් වීම, වෛද්‍යවරුන්ගේ අමතර රාජකාරි දීමනාව සංශෝධනය නොකිරිම, රාජ්‍ය සේවයේ තෝරාගත් කාණ්ඩ කිහිපයකට පමණක් මුලික වැටුප් වැඩිකිරිම, පැමිණිමේ හා ප්‍රවාහන දීමනාව යාවත්කාලීන නොවීම ඇතුළු කරුණු ගණනාවක් මුල්කරගනිමින් වෛදච්‍යවරු වැඩවර්ජනයේ නිරත වෙති.
COMMENTS