මෙවර පළාත් පාලන මැතිවරණයට ගාල්ල මහ නගර සභාවට තරග වදින එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපේක්ෂක දේශප්‍රිය ලියනගේ මහතාගේ ආධාරකරුවෙකුට පෙරේදා (28)...
මෙවර පළාත් පාලන මැතිවරණයට ගාල්ල මහ නගර සභාවට තරග වදින එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපේක්ෂක දේශප්‍රිය ලියනගේ මහතාගේ ආධාරකරුවෙකුට පෙරේදා (28) රාත්‍රියේ පහර දීමක් සිදු කර තිබේ.
පහර දීමෙන් බරපතල තුවාල ලැබු ආධාරකරු කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත.
එ.ජ.නි.ස අපේක්ෂකයාගේ ආධාරකරු පෙරේදා රාත්‍රි 11.30ට පමණ අපේක්ෂකයාගේ නිවසේ සිට සිය නිවස කරා යමින් සිටිය දී මෙම පහර කෑමට ලක්ව තිබේ.
අදාළ ආධාරකරුට පිස්තෝලයක් පෙන්වා බියවද්දා බරපතල ලෙස පහර දී ඇති අතර එම පුද්ගලයාගේ කෑ ගැසිමත් සමග අසල්වාසීන් පැමිණ මෙම පුද්ගලයා බේරා ගෙන තිබේ.
මෙසේ පහර දී ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගාල්ල කොට්ඨාශයට තරග වදින අපේක්ෂක රත්නපාල සහ ඔහුගේ ආධාරකරුවන් දෙදෙනෙකු විසින් බව මේ වන විට හෙළි වී තිබේ.
පහර කෑම සිදු කළ අපේක්ෂකයා මැතිවරණ නීති උල්ලංඝනය කරමින් මැතිවරණ ප්‍රචාරණ කටයුතුවල නිරත වන්නෙකු බවත් පහර දීම සිදු කළ ආධාරකරුවන් දෙදෙනා එම ප්‍රදේශයේ නොවන බාහිර පුද්ගලයන් බවත් හෙළි වී ඇත.
මේ සම්බන්ධයෙන් ගාල්ල පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.
COMMENTS