බෝපේ පොද්දල ප්‍රාදේශිය සභාවට ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රිවරයකු වොඩ්කා බෝතලයක් රැගෙන එම නිසා අද (12) ප්‍රාදේශිය සභා රැස්විම උණසුම් ...
බෝපේ පොද්දල ප්‍රාදේශිය සභාවට ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රිවරයකු වොඩ්කා බෝතලයක් රැගෙන එම නිසා අද (12) ප්‍රාදේශිය සභා රැස්විම උණසුම් විය.
බෝපේ පෝද්දල ප්‍රාදේශීය සභාවේ රැස්වීම අතරතුර මෙම උණුසුම් තත්වය ඇති විය.
අනවසර ඉදිකිරීම් ඉවත්කිරීම සහ අනතුරුදායක ගස් කපා ඉවත් කිරීම සම්බන්ධව සභාවේ සාකච්චා වන අතර තුර ඒ සඳහා සභාවේ ප්‍රමාණවත් උනන්දුවක් නොමැති නිසා වොඩ්කා බෝතලයක් පානය කර වැඩ පටන්ගන්නා ලෙස පොදුජන පෙරමුණු මන්ත්‍රී ගයාන් ගීතික ලියනගේ මහතා ප්‍රකාශ කළේය.
වොඩ්කා බෝතලයක් සභාවේ ප්‍රදර්ශනය කරමින් ඔහු එය එජාප මන්ත්‍රී වරුන්ට ලබා දුන්නේ, ඔබේ ඉහල ඇමති පුත්තු වාගේ ඔබත් මෙය පාවිච්චි කර ප්‍රදේශයේ අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමට සහ අනතුරුදායක ගස් ඉවත් කිරීමට උදව් වන ලෙස ඉල්ලා සිටිමිනි.
මේ නිසා සභාව මිනිත්තු 45ක් පමණ උණුසුම් විය. අවසානයේ එම වොඩ්කා බෝතලය සභාපති දිල්රුක් අබේකෝන් තම භාරයට ගෙන සභාවෙන් ඉවත් කිරීමට කටයුතු කළේය.
(ලලිත් චාමින්ද)
COMMENTS