දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මද්‍රසා පාසල්වලටත් අනෙක් පාසල් මෙන්ම ඉගැන්වීමේ නිදහස තිබිය යුතුයි. රජයේ ප්‍රතිපත්තිය එයයි - GL
Homeප්‍රවෘත්ති

මද්‍රසා පාසල්වලටත් අනෙක් පාසල් මෙන්ම ඉගැන්වීමේ නිදහස තිබිය යුතුයි. රජයේ ප්‍රතිපත්තිය එයයි - GL

PropellerAds

මද්‍රසා පාසල් වලට ද රටේ සෙසු රජයේ පාසල්, පෞද්ගලික පාසල් සහ ජාත්‍යන්තර පාසල් මෙන්ම අධ්‍යාපනය ලබාදීමේ නිදහස තිබිය යුතුය යන්න රජයේ ස්ථාවරය බව...

හොද ප‍්‍රඥාවන්ත නායකයකුට මේ රට හදන්න අවුරුදු තුනක් වැනි කෙටි කාලයයි යන්නේ - රතන හිමි
සරත් ෆොන්සේකා මහත්මයා ප්‍රකාශ කරන කාරණය නිවැරදියි - තිස්ස අත්තනායක
විදෙස් ඔත්තු සේවා ගැන විමල්ගේ විරෝධයට අමෙරිකාවෙන් පිළිතුරක් !
මද්‍රසා පාසල් වලට ද රටේ සෙසු රජයේ පාසල්, පෞද්ගලික පාසල් සහ ජාත්‍යන්තර පාසල් මෙන්ම අධ්‍යාපනය ලබාදීමේ නිදහස තිබිය යුතුය යන්න රජයේ ස්ථාවරය බව අධ්‍යාපන අමාත්‍ය ජී. එල්. පීරිස් මහතා පවසයි. 

"මෙම ප්‍රශ්නය කාවින්ද ජයවර්ධන මැතිතුමා අහන්නෙ මද්‍රසා පාසල් සම්බන්ධ අපේ ස්ථාවරය මොකක්ද කියලා. ඒකට උත්තරය ගරු මන්ත්‍රීතුමා, එක එක පාසල් එහෙම වර්ගීකරණය කරලා ඒවාට එක එක වර්ගවලට සීමා වෙච්ච ප්‍රතිපත්තියක් අපි අනුගමනය කරන්නෙ නෑ. රටේ තියෙනවා රජයේ පාසල් තියෙනවා පෞද්ගලික පාසල් තියෙනවා ජාත්‍යන්තර පාසල් තියෙනවා ඒ සියල්ලක්ම සම්බන්ධයෙන් අපි අනුගමනය කරන පොදු ප්‍රතිපත්තිය තමයි අධ්‍යාපනය දෙන්න ඕනේ. ඒකට නිදහස දෙන්න ඕනෙ, කොයි විදිහේ පාසලකට වුණත්. 

හැබැයි ඒ අධ්‍යාපනය ලබාදීමේදී මේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අපේ නීති පද්ධතියට ගරු කරමින් ඒවා උල්ලංඝනය නොකරමින් තමයි ඒ අධ්‍යාපන කටයුතු සලසා දෙන්න ඕනෙ. ඒ සම්බන්ධයෙන් යම්කිසි නියාමනයක් අධීක්ෂණයක් කරනවා රජය වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශය. ඒක පොදුවේ. අහවල් ඉස්කෝලෙට අහවල් ඉස්කෝලෙට කියලා වර්ගයකට නෙවෙයි, අපි සියලුම පාසල් සම්බන්ධයෙන් අනුගමනය කරන ප්‍රතිපත්තිය එයයි" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ. 

අමාත්‍ය ජී. එල්. පීරිස් මහතා මේ බව පැවසුවේ ඊයේ (20) පාර්ලිමේන්තුවේදී වාචික ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි. 

එසේම මෙම මද්‍රසා පාසල් සඳහා රජය අනුමත කර ඇති විෂය නිර්දේශයෙහි කිසිදු අන්තවාදී කරුණක් අඩංගු නොවන බව සහතික කළ ඒ මහතා මෙම පාසල්වල ඉගැන්වීම සඳහා විදෙස් රටවලින් පැමිණෙන දේශකයින් සම්බන්ධයෙන් බුද්ධි අංශ යොදවා තොරතුරු සොයාබලන බවන බවත් ප්‍රකාශ කළේය. 

මෙහිදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පසුගිය වසරේදී, විශේෂයෙන් පාස්කු ප්‍රහාරයෙන් පසුව මෙම මද්‍රසා පාසල් සම්බන්ධයෙන් දැක්වූ දැඩි විරෝධය සිහිපත් කළ කාවින්ද ජයවර්ධන මහතා, තමන් මෙම ප්‍රශ්නය මතු කළේ ඒ පිළිබඳ පැහැදිලි කරගැනීමට බවත් සෘජු පිළිතුරක් ලබාදීම පිළිබඳව අමාත්‍යවරයාට ස්තූතිවන්ත වන බවත් ප්‍රකාශ කළේය. 
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29303,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මද්‍රසා පාසල්වලටත් අනෙක් පාසල් මෙන්ම ඉගැන්වීමේ නිදහස තිබිය යුතුයි. රජයේ ප්‍රතිපත්තිය එයයි - GL
මද්‍රසා පාසල්වලටත් අනෙක් පාසල් මෙන්ම ඉගැන්වීමේ නිදහස තිබිය යුතුයි. රජයේ ප්‍රතිපත්තිය එයයි - GL
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhLqWZST3_1DKoqOWG76ZNnJD7M0SOV5Rj9kb1fKTOgiEI97M2DWzdr6icwIhiNjM5Qky_nEhtn_RQy8GmzWMC-m1LsoHgR5BkVS1umvh_i88CRoS4qITDl2ao9n8zMExOVTpm2JPfJ-U0/s320/glp.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhLqWZST3_1DKoqOWG76ZNnJD7M0SOV5Rj9kb1fKTOgiEI97M2DWzdr6icwIhiNjM5Qky_nEhtn_RQy8GmzWMC-m1LsoHgR5BkVS1umvh_i88CRoS4qITDl2ao9n8zMExOVTpm2JPfJ-U0/s72-c/glp.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/11/gl.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/11/gl.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy