මාධ්‍යවේදීන් සහ සමාජ මාධ්‍ය ජාල ක්‍රියාකාරිකයින් 200ක් අත් අඩංගුවට ගැනීම සඳහා රජය සූදානම් වන බවටත් ඔවුන්ගේ නම් ලැයිස්තුවක් මේ වනවිටත් පොලි...
මාධ්‍යවේදීන් සහ සමාජ මාධ්‍ය ජාල ක්‍රියාකාරිකයින් 200ක් අත් අඩංගුවට ගැනීම සඳහා රජය සූදානම් වන බවටත් ඔවුන්ගේ නම් ලැයිස්තුවක් මේ වනවිටත් පොලිසියට ලබාදී ඇති බවටත් තොරතුරු ලැබී ඇතැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිටියාස් බාකීර් මාකර් මහතා පවසයි.
"මහින්ද රාජපක්ෂ මැතිතුමා අපි දන්නවා, තරුණ නායකයෙක් විදියට මානව හිමිකම් ගැන නිර්භීතව කතා කරපු නායකයෙක්. නමුත් අද මොනවාද වෙන්නෙ ? අද අපේ මාධ්‍යවේදීන් සමාජ මාධ්‍ය ජාල ක්‍රියාකාරීකයින් ආණ්ඩුවට විරුද්ධ අදහස් පළකිරීම නිසා අත් අඩංගුවට ගැනීම් වැඩිවෙලා තියෙනවා ඊයෙ පෙරේදා වෙනකොට.
මේක ඉතාම කණගාටුදායක තත්වයක්. මට ආරංචි වෙනවා 200 ගාණක ලැයිස්තුවක් පොලිසියට දීලා තියෙනවා කියලා අත් අඩංගුවට ගැනීම් කරන්න. මෙහෙම කරන්න යන්න එපා. අධිපතිවාදී ගමන් වලට අපේ රටේ ජනතාව ආශිර්වාද කරන්නේ නෑ. ලංකාවෙ විතරක් නෙවෙයි ඉන්දියාව දිහා බලන්න. ඉන්දිරා ගාන්ධිට, කොංග්‍රස් පක්ෂයට මහා විශාල පරාජයක් 1976දී අත්වුණා අධිපතිවාදී ගමනක් යන්න ගිය හින්දා" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.
ඉමිටියාස් බාකීර් මාකර් මහතා මේ බව පැවසුවේ ඊයේ (20) පාර්ලිමේන්තුව අමතමිනි.
COMMENTS