ජාතික ඖෂධ නියාමන අධිකාරිය මගින් සිදු කෙරෙන ඖෂධ ලියාපදිංචි කිරීම බලපත්‍ර නිකුත් කිරීම ඇතුළු සේවාවන් අන්තර්ජාලය ඔස්සේ සිදු කර ගැනීමට පහසුකම්...
ජාතික ඖෂධ නියාමන අධිකාරිය මගින් සිදු කෙරෙන ඖෂධ ලියාපදිංචි කිරීම බලපත්‍ර නිකුත් කිරීම ඇතුළු සේවාවන් අන්තර්ජාලය ඔස්සේ සිදු කර ගැනීමට පහසුකම් සැළසේ.
ඖෂධ ලියාපදිංචි කිරීම, බලපත්‍ර ලබා දීම, වෛද්‍ය උපකරණ ලියාපදිංචි කිරීම ඇතුළු සේවාවන් රැසක් වඩාත් කාර්යක්ෂම සහ විනිවිදභාවයකින් සිදු කර ගැනීමට මේ අනුව හැකි වේ.
ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය මගින් ක්‍රියාත්මක ඩිජිටල් සෞඛ්‍ය ව්‍යාපෘතිය යටතේ මේ සදහා පහසුකම් සපයනු ලබයි.
විශේෂයෙන්ම ඖෂධ ලියාපදිංචි කිරීම බල පත්‍ර නිකුත් කිරීම යන කටයුතු සදහා දැනට ගතවන කාලය අවම කර ගනිමින් විනිවිද භාවයකින් යුතුව එම කටයුතු සිදු කර ගැනීමට හැකි වන බව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති මහාචාර්ය අසිතද සිල්වා මහතා පවසයි.
සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළ සේවාවන් කාර්යක්ෂම කිරීම සදහා විශේෂයෙන් තොරතුරු සන්නිවේදන තාක්ෂණය යොදා ගැනීමෙන් ජනතාවට වඩාත් ගුණාත්මක සේවාවක් ලබා දීමට හැකි වන බව නියෝජිතායතනයේ වැඩසටහන් කළමනාකරු ශ්‍රීයානන්ද රත්නායක මහතා පවසයි.
ඉහත සදහන් සේවාවන් ලබා දීම සදහා සම්බන්ධ ශ්‍රී ලංකා රේගුව සහ ආනයන අපනයන දෙපාර්තමේන්තුවද ඉදිරියේදී අන්තර්ජාලය ඔස්සේම සම්බන්ධ කර ගනිමින් සේවා ලබා දීමට හැකිවන අයුරින් මෙම ව්‍යාපෘතිය පුළුල් කිරීමට අපේක්ෂා කරන බවද ඖෂධ ලියාපදිංචිය සදහා වසරකට අයදුම්පත් හයදහසක් පමණ ලැබෙන ලැබෙන බවද අධිකාරිය පවසයි.
COMMENTS