ජාතික ව්‍යාපාර කලමනාකරන ආයතනය (NSBM) මගින් ඉදිරියේදී වෛද්‍ය උපාධි පිරිනැමීමට සැලසුම් කර ඇතැයි එහි උපකුලපති ආචාර්ය ඊ.ඒ වීරසිංහ මහතා පවසයි. ...
ජාතික ව්‍යාපාර කලමනාකරන ආයතනය (NSBM) මගින් ඉදිරියේදී වෛද්‍ය උපාධි පිරිනැමීමට සැලසුම් කර ඇතැයි එහි උපකුලපති ආචාර්ය ඊ.ඒ වීරසිංහ මහතා පවසයි.
ඔහු මේ බව පැවසූයේ අද (06) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදීය.
නිපුණතා සංවර්ධන සහ වෘත්තීය පුහුණු අමාත්‍යාංශය යටතේ දකුණු ආසියාවේ පිහිටි එකම හරිත සරසවිය ලෙස ඉදිකෙරෙන NSBM හරිත සරසවි නගරය හෝමාගම පිටිපන ප්‍රදේශයේ අක්කර 26 ක භූමි භාගයක ඉදි කර තිබේ.
රුපියල් බිලියන 10.2 ක වියදමින් ඉදිකරන මෙම සරසවිය පරිගණක, කළමනාකරණ හා ඉංජිනේරු පීඨවලින් සමන්විත වන අතර එකවර සිසුන් 30,000 කට අධ්‍යාපනය ලැබිය හැකිය.
අංග සම්පුර්ණ දේශන ශාලා, පරිගණක විද්‍යාගාර සහ පොත් මිලියනයක් සහිත දැවැන්ත හා නවීන පුස්තකාලයක් ද අංග සම්පූර්ණ ශ්‍රවණාගාරයකින් මෙන්ම සිසුන් 500 කට නවාතැන් ගත හැකි නවීන නේවාසිකාගාර පහසුකම්වලින් මෙය සමන්විතය.
සැබෑ විශ්වවිද්‍යාල ජීවිතයක් අත්විඳිය හැකි පරිදි ඉදිකරන ක්‍රීඩා පීඨය හා ශාරීරික අභ්‍යාසාගාරයක් මෙන්ම සිසුන්ට කලා කටයුතුවල නිරතවීමට එළිමහන් රංග පීඨයක් ද මීට ඇතුළත්ය.
දේශීය හා විදේශීය සිසුන්ට රැකියා වෙළෙඳපොළට ගැළපෙන නවීන උපාධි 50 කට වැඩි ප්‍රමාණයක් විශ්වවිද්‍යාලය මගින් පිරිනමනු ඇති අතර විශ්වවිද්‍යාලය තුළම ප්‍රායෝගික පුහුණුව, සම්පූර්ණයෙන්ම ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වන පරිපාලන හා මූල්‍ය පද්ධතියක් ද මෙහි ස්ථාපිතය.
COMMENTS