වතුකම්කරුවන් විසින් අද (06) දිනයේත් දියත් කර ඇති විරෝධතාවයන් හේතුවෙන් කොළඹ - රත්නපුර මාර්ගය ඇහැළියගොඩ ප්‍රදේශයෙන් ද හැටන් - නුවරඑළිය මාර්...
වතුකම්කරුවන් විසින් අද (06) දිනයේත් දියත් කර ඇති විරෝධතාවයන් හේතුවෙන් කොළඹ - රත්නපුර මාර්ගය ඇහැළියගොඩ ප්‍රදේශයෙන් ද හැටන් - නුවරඑළිය මාර්ගය බගවන්තලාවෙන් ද මේ වන විට අවහිර වී තිබේ.
සිය දෛනික වැටුප රුපියල් 1000ක් කරන්නැයි බලකරමින් වතුකම්කරුවන් දින කිහිපයක සිට විරෝධතාවල නිරත වන අතර ඔවුන්ට රුපියල් 730ක දෛනික වැටුපක් ලබාදීමට වතු සංගම් එකඟතාවය පළ කළ බව කම්කරු ඇමති ඩබ්ලිව්.ඩී.ජේ සෙනෙවිරත්න මහතා ඊයේ (05) පාර්ලිමේන්තුවේදී පැවසීය.
නමුත් වතුකම්කරුවන් කියාසිටින්නේ වතු හාම්පුතුන්ගේ සංගමය යෝජනා කර ඇති සතියකට දින 04ක් පමණක් දිනකට රුපියල් 730 බැගින් වූ වැටුප ලබාගැනීමට තමන් සූදානම් නැති බවයි.
ඡායාරූප පහතින්.
හැටන් - රංජිත් රාජපක්ෂ
COMMENTS