තමා හා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි තීරණය කරගත් පරිදි යෝජිත ඉන්දු - ශ්‍රී ලංකා එට්කා ගිවිසුම මේ වසර අවසානයට පෙර අත්සන් කරන බව අගමැති රනිල්...
තමා හා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි තීරණය කරගත් පරිදි යෝජිත ඉන්දු - ශ්‍රී ලංකා එට්කා ගිවිසුම මේ වසර අවසානයට පෙර අත්සන් කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
ඔහු මේ බව ප්‍රකාශ කර ඇත්තේ අද(06) ඉන්දීය ආර්ථික සමුළුව අමතමිනි.
තෙදින නිල සංචාරයකට ඉන්දියාවට පැමිණි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එරට ආර්ථික සමුළුව අද අමතනු ලැබීය.
මේ අතර කලාපීය ත්‍රස්තවාදය, මත්ද්‍රව්‍ය ප්‍රවාහනය, මිනිස් ජාවාරම්, සාගර ආරක්‍ෂාව, සයිබර් සුරක්‍ෂිතතාව ආදී කරුණු සම්බන්ධව ඒකබද්ධව කටයුතු කිරීමේ වැදගත්කම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍ය රාජ්නාත් සිං මහතා අතර පැවති සාකච්ඡාවල දී අවධාරණය කෙරිණි.
ඔක්තෝබර් 05 වනදා සන්ධ්‍යාවේ නවදිල්ලි නුවර තාජ් පැලස් හෝටලයේ දී මෙම සාකච්ඡා පැවත්විණි.
මේ වැඩපිළිවෙළෙහි ආරම්භයක් ලෙස මත්ද්‍රව්‍ය ජාලයට එරෙහිව ක්‍රියා කිරීමේ ඒකාබද්ධ කමිටුවක් පිහිටුවීමට ද මෙහිදී තීරණය කෙරිණි.
පොලීසිය සහ බුද්ධි අංශ ප්‍රතිසංවිධානය කිරීම පිළිබඳව ද මෙහිදී අදහස් හුවමාරු කර ගැනිණි. මත්ද්‍රව්‍ය මැඬලීම ඇතුළු අංශ ගණනාවක් සඳහා පුහුණු නිලධාරීන් අඩුවීම නිසා සිදුවන ඌණතා මගහරවා ගැනීම සඳහා ගත යුතු දීර්ඝ කාලීන වැඩපිළිවෙළ පිළිබඳව ද අවධානය යොමු විය.
COMMENTS