දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
සමෘද්ධි බැංකුවට අගමැතියි - හැරිසනුයි වලි.
Homeගොසිප්

සමෘද්ධි බැංකුවට අගමැතියි - හැරිසනුයි වලි.

PropellerAds

කිසියම් වූ හේතුවක් නිසාවත් සමෘද්ධි බැංකුව මහ බැංකුවට පවරා ගැනීමට තමා ඉඩ නොදෙන බව සමාජ සවිබල ගැන්වීම් අමාත්‍ය පී.හැරිසන් මහතා පැවසීය. එසේ...

සමූපකාර දින ජාතික සැමරුම් උළෙල මඩකලපුවේදී.
කිලෝ 5 හා කිලෝ 2.3 ගෘහස්ථ ගෑස් මිළත් පහළට.
සමාජ ව්‍යවසායකත්ව ක්‍ෂේත්‍රය ප්‍රචලිත කිරීමට සහය.

කිසියම් වූ හේතුවක් නිසාවත් සමෘද්ධි බැංකුව මහ බැංකුවට පවරා ගැනීමට තමා ඉඩ නොදෙන බව සමාජ සවිබල ගැන්වීම් අමාත්‍ය පී.හැරිසන් මහතා පැවසීය.

එසේම කිසිම දිනක සමෘද්ධි බැංකුව පාඩු ලැබිය නොහැකි බවත් ඔහු ප්‍රකාශ කළේය.

අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැති  සමෘද්ධි නිලධාරි හමුවකදී ඔහු මේ බව පවසා සිටියේ පසුගියදා අගමැතිවරයා විසින් කල ප්‍රකාශයක් පිළිබඳව එම රැස්වීමට සහභාගී වූ අයකු කල ප්‍රශ්න කිරිමකදීය.

06දා පැවැති කම්කරු දින සැමරුමේදී එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේ සමෘද්ධි බැංකුව මහ බැංකුව යටතට පත් කරන බවයි.

මේ සම්බන්ධයෙන් තවදුරටත් අදහස් දැක්වූ ඇමතිවරයා මෙසේද පැවසිය.

“මොනම හේතුවක් නිසාවත් සමෘද්ධි බැංකුව මහ බැංකුවට පවරා ගැනීමට මම ඉඩ දෙන්නේ නැහැ.එහෙම අවශ්‍යතාවයකුත් නැහැ. ඒ පිළිබඳව කිසිම කෙනෙක් සැකයක් බයක් තියා ගන්න අවශ්‍ය නැහැ. මට දුන්න වගකීම මම උපරිමයෙන් කරන්න බලාපොරොත්තු වෙනවා.

මම සේවකයාගේ රස්සාවේ ස්ථිරභාවය ආරක්ෂා කරන්නම්, කළමනාකරුවන්ගේ ස්ථිර භාවයත් විශ්‍රාම වැටුපත් ඇති කරන්නම්. හැබැයි වැඩ කිරිම තියෙන්න ඕනේ, ආයේ සමෘද්ධි බැංකු පාඩු ලබන්නත් බැහැ, බැංකුව පාඩු ලැබුවොත් කළමණාකරුත්, අධ්‍යක්ෂකත් වගකිව යුතුයි. එහෙම පාඩු ලබන්න බැහැ. අලුතින් හිතන්න ඕනේ.” යයි ඇමතිවරයා කියා සිටියේය.

'මහ බැංකුව සිදුකරනු ඇත්තේ සමෘද්ධි බැංකුවේ දැනට පවතින නියාමනය තවත් ශක්‌තිමත් කිරීම සඳහා සහාය වීමක්‌' - ශ්‍රී ලංකා මහ බැංකුව

කෙසේවුවද සමෘද්ධි බැංකු ක්‍රියාවලියෙහි කාර්යක්‍ෂමතාව වැඩිදියුණු කිරීම සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා යටතේ ඇති ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කිරීමට තීරණය කර තිබේ.

අගමැති රනිල් වික්‍රමසිංහ හා බැංකු අධිකාරි ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා ඇතුළු පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැති සාකච්ඡාවකදී එම තීරණය ගෙන ඇත.

ඒ අනුව සමෘද්ධි බැංකුව මහ බැංකුව යටතට පවරා ගැනීමක් සිදු නොකරන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති කේ. ඩී. රණසිංහ මහතා ද අවධාරණය කර සිටියි.

 මහ බැංකුව සිදුකරනු ඇත්තේ සමෘද්ධි බැංකුවේ දැනට පවතින නියාමනය තවත් ශක්‌තිමත් කිරීම සඳහා සහාය වීමක්‌ බවද ඒ මහතා සඳහන් කළේය. 

හෙතෙම මේ බැව් පැවසුවේ මහ බැංකු අධිපති  ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්‌වාමි මහතාගේ ප්‍රධානත්වයෙන් 11දා මහ බැංකුවේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවේදීය.

මහ බැංකුවේ දැනට පවතින නියාමන ක්‍රියාවලිය තවදුරටත් ශක්‌තිමත් කිරීම සඳහා මහ බැංකුවට ඵලදායී කාර්යභාරයක්‌ ඉටු කළ හැකි බව මෙහිදී මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්‌වාමි මහතාද කීවේය. 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29315,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: සමෘද්ධි බැංකුවට අගමැතියි - හැරිසනුයි වලි.
සමෘද්ධි බැංකුවට අගමැතියි - හැරිසනුයි වලි.
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgt6NC0dMgzu5KVKP0S9_FAUE8UxaqjbDWk85i34YFsfZQb2nbGX7DWWDo8v6x4os5ycSayemIpMEJQsPeEFDGJbN9BTQFGlDc2qnmuG7YYeqD7N320zrJgVVlQsZPYgKemDHoqqfWFRto/s1600/PM-at-Livestock-Expo.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgt6NC0dMgzu5KVKP0S9_FAUE8UxaqjbDWk85i34YFsfZQb2nbGX7DWWDo8v6x4os5ycSayemIpMEJQsPeEFDGJbN9BTQFGlDc2qnmuG7YYeqD7N320zrJgVVlQsZPYgKemDHoqqfWFRto/s72-c/PM-at-Livestock-Expo.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/05/blog-post_990.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/05/blog-post_990.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy