දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
සමාජ ව්‍යවසායකත්ව ක්‍ෂේත්‍රය ප්‍රචලිත කිරීමට සහය.
Homeගොසිප්

සමාජ ව්‍යවසායකත්ව ක්‍ෂේත්‍රය ප්‍රචලිත කිරීමට සහය.

PropellerAds

රටක ආර්ථික සංවර්ධනයට හා සුභ සාධනයට සමාජ ව්‍යවසායකත්ව ක්‍ෂේත්‍රය ඉතා වැදගත් වන බවත්, එමඟින් මෙරට ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායක...

2019 නව වසර සැලසුම් කරගන්නේ කොහොමද?
ගුටි කෙළියෙන් පාර්ලිමේන්තුවට සිදුවූ අලාභය රුපියල් 260,000
මං පොහොට්ටුවෙ සාමාජිකත්වය ගත්තට ඡන්දෙට නෑ - ඩිල්ෂාන්


රටක ආර්ථික සංවර්ධනයට හා සුභ සාධනයට සමාජ ව්‍යවසායකත්ව ක්‍ෂේත්‍රය ඉතා වැදගත් වන බවත්, එමඟින් මෙරට ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින්ට දිරිය හා ශක්තිය ලබා දිය හැකි බවත්, ඔවුන්ට යහපත් ආකාරයට ආර්ථික සංවර්ධනය වෙත, ඉළක්ක කර මෙහෙයවීමට හැකි බවත්, එම නිසා මෙම සමාජ ව්‍යවසායකත්ව ක්‍ෂේත්‍රයට ජාතික ව්‍යවසායකත්ව සංවර්ධන අධිකාරිය හෙවත් නෙඩා (NEDA) ආයතනය මඟින් පූර්ණ සහයෝගය ලබා දෙන බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගිය දා කොළඹ ටාජ් සමූද්‍ර හෝටලයේදී පැවති “ශ්‍රී ලංකාවේ සමාජ ව්‍යවසායකයින් පිළිබඳ සමීක්ෂණ වාර්තාව” ප්‍රකාශයට පත් කිරීමේ උළෙලේදීය. මෙම වාර්තාව සම්පාදනය කර තිබුණේ බ්‍රිතාන්‍ය සභාවේ (කවුන්සිලය) අනුග්‍රහයෙන් ලංකා සමාජ ව්‍යාපාර හෙවත් Lanka Social Ventures ආයතනය මඟිනි. ඒ සඳහා එක්සත් ජාතීන්ගේ ආසියානු ශාන්තිකර කලාපීය ආර්ථික හා සමාජ කොමිෂන් සභාව (ESCAP) හා කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ සහයෝගය ලැබුණි.

මෙහිදී බ්‍රිතාන්‍ය සභාවේ (කවුන්සිලයේ) ශ්‍රී ලංකා නේවාසික අධ්‍යක්ෂ ගිල් කැල්ඩිකෝට් (Mrs. Gill Caldicott) මහත්මිය විසින් කර්මාන්ත හා වාණිජ කටුයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට “ශ්‍රී ලංකාවේ සමාජ ව්‍යවසායකයින් පිළිබඳ සමීක්ෂණ වාර්තාව” පිළිගන්වනු ලැබීය. මෙම උත්සවයට සමාජ ව්‍යවසායකයින්, ප්‍රතිපත්ති සම්පාදකයින්, විද්වතුන්, සේවා සපයන්නන් සහ මෙම සමාජ ව්‍යවසායකත්ව ක්‍ෂේත්‍රය නංවාලීමට කටයුතු කරන පාර්ශවයන්ද සහභාගී විය. 

මෙහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් කතා කළ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා මෙසේද පැවසීය. 

“සමාජ ව්‍යවසායකත්ව ක්‍ෂේත්‍රය ආශ්‍රිතව ශ්‍රී ලංකාව සතුව දිගු ඉතිහාසයක් පවතිනවා. ඒ සඳහා එදා අප රට තුළ පැවති ගොවි සමාජ, පුණ්‍ය කටයුතු ආයතන හා සමූපකාර ව්‍යාපාරය හඳුන්වාදීමට පුලුවන්. නමුත් අප රටේ ජනතාව මේවා සමාජ ව්‍යවසායකත්ව ආයතන ලෙසට හඳුනාගෙන තිබුණේ නැහැ. නමුත් මෙම සමාජ ව්‍යවසායකයින් විටින් විට මතුවෙමින්, එළිදරව් වෙමින් පැවති බව සඳහන් කරන්න ඕන. නමුත් මෙම සමාජ ව්‍යවසායක ක්‍ෂේත්‍රය අප රට තුළ විශාල ලෙස පිළිගැනීමකට ලක්වීම ඉතා වැදගත් වෙනවා. ඒ වගේම එය ජනප්‍රිය විය යුතුයි. අපගේ පාරිභෝගික සමාජය මෙය පිළිගැනීමට උනන්දු කරවිය යුතුයි. දැනටමත් අප විශ්වාස කරන පරිදි කෘෂිකර්මය, ධීවර, වැවිලි, පරිසර, අධ්‍යාපන, සෞඛ්‍ය, තොරතුරු තාක්ෂණය හා සේවා වැනි විවිධ ක්‍ෂේත්‍රයන් සමාජ ව්‍යවසායකත්වයෙන් ආවරණය වෙනවා. මගේ අමාත්‍යාංශය යටතේ පවතින ශ්‍රී ලංකා ව්‍යවසායකත්ව සංවර්ධන අධිකාරිය හෙවත් NEDA ආයතනය අප රටේ කුඩා හා මධ්‍යම පරිමාණ (SME) ව්‍යවසායකත්ව ප්‍රජාවගේ ගැටලු දැනටමත් හඳුනාගෙන තියෙනවා. එම නිසාම අපි මේ පිළිබඳව උනන්දුවක් හා දැනුමක් ඇති කරන සමාජ ව්‍යවසායකත්ව සංවර්ධන වැඩ සටහන් අරඹලා තියෙනවා.

 අද දින බ්‍රිතාන්‍ය කවුන්සිලය මඟින් නිකුත් කරන ලද ශ්‍රී ලංකා සමාජ ව්‍යවසායකයින් පිළිබඳ සමීක්ෂණ වාර්තාව ඉතා වැදගත් වාර්තාවක් ලෙස හඳුන්වන්න ඕන. ඒ සඳහා කටයුතු කළ බ්‍රිතාන්‍ය කවුන්සිලයට, එස්කැප් (ESCAP) ආයතනය හා ලංකා සමාජ ව්‍යාපාර (LSV) ආයතනයට ස්තූතිවන්ත වෙනවා. අපේ අමාත්‍යාංශය මඟින් ගෙවී ගිය කාලය තුළ මෙරට සිටින ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින් වෙනුවෙන් විශාල වැඩ කොටසක් ඉටු කරලා තියෙනවා. ඒ අයට දිරිය ලබා දෙන්න අපි වැඩ සටහන් ගණනාවක්ම ක්‍රියාත්මක කරලා තියෙනවා. විශේෂයෙන්ම ඉතා අඩු පොළියට රජයේ දායකත්වයෙන්  ණය ලබා දීම, මූල්‍යාධාර ලබා දීම, සහනාධාර ලබා දීම මෙන්ම ව්‍යාපාර පිළිබඳව හොද පුහුණුවක් සමඟ හොද වෙළෙඳපොළක් ලබා දීමටද අපි කටයුතු කරලා තියෙනවා. ඒ සඳහා අපේ රජය මඟින් ලබා දී තිබෙන සහනාධාර අති විශාලයි. එම නිසා ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින් නවතම දැනුම ලබා ගෙන නව ව්‍යාපාර දියුණු කරගෙන සිය නිෂ්පාදනවලට වැඩි අගයන් එකතු කර ගනිමින් හොඳ වෙළෙඳපොළක් දිනා ගැනීමට කටයුතු කළ යුතුයි.” යැයි පැවසීය. 

මෙහිදී බ්‍රිතාන්‍ය කවුන්සිලයේ ශ්‍රී ලංකා නේවාසික අධ්‍යක්ෂ ගිල් කැල්ඩිකොට්, ලංකා සමාජ ව්‍යාපාර ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ලලිත් වෙලමැදගේ මහත්ම මහත්මීන් කතා කළ අතර, ESCAP ආයතනයේ තාක්ෂණ හා නවෝත්පාදන වෙළෙඳ අංශයේ ප්‍රධානී ජොනතන් වොංග්, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම් එම්. තාජුඩීන් මහත්වරු සහභාගී විය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29327,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: සමාජ ව්‍යවසායකත්ව ක්‍ෂේත්‍රය ප්‍රචලිත කිරීමට සහය.
සමාජ ව්‍යවසායකත්ව ක්‍ෂේත්‍රය ප්‍රචලිත කිරීමට සහය.
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEidfQpPsgx9OVPDgP-VSY4eqI54MUN9HmQOssOvg0UIOhv4DQdSiCMQRVDTAUu1-ko0skVhFmVzypGeauxcRPg5U_JPGZKtgsLRo8BhIbGDK7ZNz8CwqWAGoFN-PhHYmD_3xrINdf6Se2M/s1600/7M8A7087.JPG
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEidfQpPsgx9OVPDgP-VSY4eqI54MUN9HmQOssOvg0UIOhv4DQdSiCMQRVDTAUu1-ko0skVhFmVzypGeauxcRPg5U_JPGZKtgsLRo8BhIbGDK7ZNz8CwqWAGoFN-PhHYmD_3xrINdf6Se2M/s72-c/7M8A7087.JPG
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/07/blog-post_6.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/07/blog-post_6.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy