දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
සමූපකාර දින ජාතික සැමරුම් උළෙල මඩකලපුවේදී.
Homeගොසිප්

සමූපකාර දින ජාතික සැමරුම් උළෙල මඩකලපුවේදී.

PropellerAds

ජාත්‍යන්තර සමුපකාර දිනය සෑම වසරකම ජූලි මස පළමුවන සෙනසුරාදා දිනයේදී සැමරේ. ඒ අනුව මෙවර ජාත්‍යන්තර සමූපකාර දිනය යෙදී ඇත්තේ 2018 ජූලි 07 වන...

අසරණ වූවන් බේරන්න ගිහින් නෙලුවේදී ගුවනින් වැටුණ සෙබළා මිය ගොසින්
9.4 ට ආවත් ආපස්සට ගිහින් කැලණි ගඟේ ‘මහා ගංවතුර‘ අවදානම පහව යයි
පාර්ලිමේන්තුව වතුරට යටවීමේ අවදානමක්



ජාත්‍යන්තර සමුපකාර දිනය සෑම වසරකම ජූලි මස පළමුවන සෙනසුරාදා දිනයේදී සැමරේ. ඒ අනුව මෙවර ජාත්‍යන්තර සමූපකාර දිනය යෙදී ඇත්තේ 2018 ජූලි 07 වන සෙනසුරාදාය. මෙවර ජාත්‍යන්තර සමූපකාර දිනය ශ්‍රී ලංකාවේ සමරනු ලබන්නේ නැගෙනහිර පළාතේ, මඩකලපුව දිස්ත්‍රික්කයේ වේබර් ක්‍රීඩාංගණයේදී බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමත්‍යාංශය පවසයි.

ලෝකයේ සමූපකාර ව්‍යාපාරයට දිගු ඉතිහාසයක් පවතී. වර්ෂ 1844 දී සමූපකාර ව්‍යාපාරය විධිමත් අයුරින් ආරම්භ වන්නේ එංගලන්තයේ රොච්ඩේල් නගරය කෙන්ද්‍ර කරගෙන පිහිටවනු ලැබූ සාධාරණත්වයේ පුරෝගාමීන්ගේ සමාජය මඟිනි. මෙම සමූපකාර ව්‍යාපාරයේ පිතෘවරයා ලෙස සැලකෙන්නේ රොබට් ඕවන් මහතාය. වර්ෂ 1922 දී එක්සත් ජාතීන්ගේ සංවිධානය ජාත්‍යන්තර සමූපකාර දිනය නම් කළ අතර එතැන් පටන් වසරක් පාසා ජූලි මස පළමු සෙනසුරාදාට ජාත්‍යන්තර සමූපකාර දිනය යෙදී තිබේ. මෙවර පැවැත්වෙන්නේ 96 වැනි ජාත්‍යන්තර සමුපකාර දිනයයි. මෙවර තේමාව වන්නේ "තිරසාර භාණ්ඩ හා සේවා නිෂ්පාදනය සහ පරිභෝජනය" යන්නයි.

මඩකලපුව නගරයේ පැවැත්වෙන මෙවර ජාත්‍යන්තර සමූපකාර දින උළෙලට සමූපකාරිකයන් 10,000 ක් පමණ සහභාගිත්වයක් අපේක්ෂා කෙරේ.

මීට සමගාමීව සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව 2018 ජූලි 01 දා සිට 07 දා දක්වා සමූපකාර සතියක් ද ප්‍රකාශයට පත් කර තිබේ. මේ සෑම දිනකම සමූපකාර සංවර්ධනයට අවශ්‍ය තේමාවක් ඔස්සේ සාකච්ඡා, දේශන දැනුම මිනුම් තරඟ ඇතුළු කතිකාවතක් පැවැත්වීමට ද කටයුතු යොදා තිබේ. එසේම පාසල් සිසුන් සඳහා ද සමූපකාරය ආශ්‍රිතව තරඟාවලියක් පැවැත්වෙන් අතර, ජාත්‍යන්තර සමූපකාර දින සැමරුම් උළෙලේදී ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්ට ත්‍යාග, සහතික හා සම්මාන පිරිනැමෙන බව සමූපකාර දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ හා නැගෙනහිර පළාත් ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම මහතාගේ ආරාධනයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම ජාත්‍යන්තර සමුපකාර දින සමුළුවට ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගී වේ. ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ආරාධිතයා ලෙස සහභාගී වන අතර, කර්මාන්ත හා වාණිජ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ, අමාත්‍යාංශ ලේකම් රංජිත් අසෝක, සමුපකාර සංවර්ධන කොමසාරිස් එස්.එල්.නසීර් මහත්වරු ඇතුළු නිලධාරීන්ද සහභාගී වෙති.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29314,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: සමූපකාර දින ජාතික සැමරුම් උළෙල මඩකලපුවේදී.
සමූපකාර දින ජාතික සැමරුම් උළෙල මඩකලපුවේදී.
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi6NvM2-_q-NGIbqk96Ek4qHIVHvZ4m08p-FliwsvESjie0i92jchXr4FnWp38ZHQGDRp1dxx74YYBavllP7GDdsXXfY3x4e0zis9ixL1fUK6x4fHC0ZIIpoiL_o4dz3KjmDfSq4l7U3vM/s1600/image_233f16084b.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi6NvM2-_q-NGIbqk96Ek4qHIVHvZ4m08p-FliwsvESjie0i92jchXr4FnWp38ZHQGDRp1dxx74YYBavllP7GDdsXXfY3x4e0zis9ixL1fUK6x4fHC0ZIIpoiL_o4dz3KjmDfSq4l7U3vM/s72-c/image_233f16084b.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/07/blog-post_96.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/07/blog-post_96.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy