කොළඹ අවට ප්‍රදේශ කිහිපයක සිදුව ඇති විදුලිය බිඳ වැටීම පැය කිහිපයත් තුල යථා තත්වයට පත් කරන බව, විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය පව...
කොළඹ අවට ප්‍රදේශ කිහිපයක සිදුව ඇති විදුලිය බිඳ වැටීම පැය කිහිපයත් තුල යථා තත්වයට පත් කරන බව, විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය පවසයි.
බියගම සිට පන්නිපිටිය දක්වා විදුලි සම්ප්‍රේශන මාර්ගයේ සිදුව ඇති කාර්මික දෝෂයක් හේතුවෙන් බිඳ වැටීම සිදුව තිබේ.
විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ කිලෝවොට් 220 රැහැන් මාර්ගයේ මෙම කාර්මික දෝෂය හටගෙන ඇති බවයි.
ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ, දෙහිවල, රත්මලාන, පන්නිපිටිය යන ප්‍රදේශවල මේ වන විට විදුලි විසන්ධි වීම සිදුව තිබේ.
විදුලිබලය යථා තත්වයට පත් කිරීමේ කටයුතු මේ වන විට සිදු කෙරෙමින් පවතින බවයි, විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේය.
COMMENTS