ලොව පුරා ප්‍රචලිත ආහාර "බාබකියු" ක්‍රමයට සකස් කර ගැනීම සඳහා භාවිත කරනු ලබන උදුන් අසල ගැවසීමෙන් පිළිකා සෑදීමේ අවදානම වැඩිවන බව ච...
ලොව පුරා ප්‍රචලිත ආහාර "බාබකියු" ක්‍රමයට සකස් කර ගැනීම සඳහා භාවිත කරනු ලබන උදුන් අසල ගැවසීමෙන් පිළිකා සෑදීමේ අවදානම වැඩිවන බව චීන පර්යේෂණ කණ්‌ඩායමක් විසින් සිදු කරන ලද නවතම අධ්‍යයනයකදී අනාවරණය වී තිබේ.
ඒ් අනුව මස් වර්ග හා වෙනත් ආහාර වර්ග මෙසේ බාබකියු ක්‍රමයට ඉහළ උෂ්ණත්වයක් යටතේ පිළියෙල කිරීමට යැමෙන් පිටතට නිකුත් වන "පොලිසයික්‌ලික් ඇරෝමැටික් හයිෙඩ්‍රාකාබන්ස්" නමැති රසායනිකය හේතුවෙන් එම ආහාර පිළියෙල කරන්නන් මෙන්ම එම බාබකියු උදුන් ආසන්නයේ සිටින පිරිස්‌ද පෙනහළු, පිත්තාශය හා සම ආශ්‍රිත පිළිකාවන්ට ගොදුරු වීමේ අවදානම වැඩි බව පර්යේෂකයෝ පෙන්වා දෙති.
බාබකියු උදුන්වලින් නැගෙන දුම ඉතාමත් භයානක මෙන්ම පිළිකා කාරක බවත් ඇමරිකානුවන්ගෙන් සියයට 70 ක්‌ම මෙම පිළිකා කාරක අංශු බාබකියු උදුන් හරහා සම, පිත්තාශය හා පෙනහළුවලට ඇතුළු කර ගන්නා බවත් අනාවරණය වී තිබේ.
දර හෝ ගල් අඟුරු භාවිත කරමින් අංශක 300-400 තරම් ඉහළ රස්‌නයක් හරහා දුම් ගැසීමෙන්, රෝස්‌ට් කිරීමෙන් හා බේක් කිරීමෙන් බාබකියු ක්‍රමයට ආහාර සකසා ගැනේ. මෙහිදී බාබකියු දුම අඩුවෙන් ආශ්වාස කිරීමට නම් එම ආහාර පිළියෙල කරන්නන් මෙන්ම එම උදුන් අසළ සිටින්නන්ද ඇඟ සම්පූර්ණයෙන්ම ආවරණය වන ඇඳුම් පැළඳිය යුතු අතර ආහාර පිළියෙල කර අවසානයේ එම ඇඳුම් මාරුකර ගත යුතු බව පර්යේෂකයෝ පවසති.
COMMENTS