බද්දේගම මහේස්ත්‍රාත් අධිකරණයේ සිරමැදිරිය තුල සිටියදි රැදවියන් හය දෙනෙකු පැනයාම සම්බන්දව මුලික විමර්ශනයක් පැවැත්විම සදහා මාතර බන්ධනාගාරය...
බද්දේගම මහේස්ත්‍රාත් අධිකරණයේ සිරමැදිරිය තුල සිටියදි රැදවියන් හය දෙනෙකු පැනයාම සම්බන්දව මුලික විමර්ශනයක් පැවැත්විම සදහා මාතර බන්ධනාගාරයේ සහකාර බන්ධනාගාර අධිකාරි ගාමිණි දිසානායක මහතා පත්කොට ඇති බැව් බන්ධනාගාර දේපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක කොමසාරිස් තුෂාර උපුල් දෙණිය මහතා පවසයි.
ගාල්ල බන්ධනාගාරයේ සිට මෙකි රැදවියන් හය දෙනා අධිකරණයට ඉදිරිපත් කිරීම සදහා රැගෙනවිත් තිබුණි. මොවුන් අධිකරණයේ සිරමැදිරියේ සිටියදි ඇගුලි සලකුණු ලබා ගැනිම සදහා එක් අයෙකු ඉවතට ගැනිමේදි එහි සිටි බන්ධනාගාර නියාමකවරයාට පහරදි රැදවියන් හයදෙනා පැනගොස් ඇති බව පරික්ෂණ වලදි අනාවරණය වි ඇත.
පැනගිය සිරකරුවන්ගෙන් එක් අයෙකු බද්දේගම ඇල්ලකන්ද ප්‍රදේශයේ නිවසක සිටියදි අත්අඩංගුවට ගෙන ඇති බව පවසන මාධ්‍ය ප්‍රකාශකවරයා රැදවියන්ගේ පහර දීමෙන් බන්ධනාගාර නිලධාරින් දෙදෙනෙකු තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුලත් කොට ඇති බවද පවසයි.
පැනගිය ඉතිරි රැදවියන් පස්දෙනා සෙයා විශේෂ මෙහෙයුමක් ආරම්භකොට ඇති බවද හෙතෙම වැඩිදුරටත් සදහන් කළේය. අත්අඩංගුවට රැදවියා බාලවයස්කාර දැරියක් අපයෝජනය කිරිම සම්බන්දයෙන් බන්ධනාගාරගතව සිටි අයෙකි. මොහු තම පෙම්වතියගේ නිවසේ සිටින බවට බද්දේගම පොලිසියට ලැබුණු තොරතුරකට අනුව අත්අඩංගුවට ගත් බැව් බද්දේගම පොලිසිය පවසයි.
බද්දේගම පොලිසිය, විශේෂකාර්ය බලකාය හා බන්ධනාගාර නිලධාරින් එක්ව විශේෂ අනික් රැදවියන් පස්දෙනා සෙවිම සදහා විශේෂ මෙහෙයුමක් ආරම්භකොට ඇත.
පෙරේදා (29) පස්වරු 4.00ට පමණ මෙම රැදවියන් පලාගොස් ඇති අතර මොවුන් අම්පෙගම, මිමැඩුම, යහලදුව, දැල්කඩ, වදුරඹ යන ප්‍ර දේශවල පදිංචිකරුවන් වෙති. බද්දේගම පොලිසියේ නිලධාරින් විසින් පෙරේදා (28) රාත්‍රි මොවුන් පදිංචි නිවෙස්වලට හා මොවුන් යන එන නිවෙස්වලට ද ගොස් පරික්ෂාකොට ඇත. එහෙත් ඊයේ (29) උදැසන වන තෙක් පැනගිය රැදවියන් පිළිබද කිසිදු තොරතුරක් ලැබි නොතිබුණි. මෙකි රැදවියන් හය දෙනාගෙන් තිදෙනෙකු ගෙවල් බිදුම් සම්බන්දයෙන්ද, දෙදෙනෙකු මත්ද්‍රව්‍ය සම්බන්දයෙන් හා එක් අයෙකු බාලවයස්කාර දැරියක් අපයෝජනය කිරිම සම්බන්දව බන්ධනාගාරගතව සිට අය වෙති.
ගාල්ල බන්ධනාගාර අධිකාරී ජගත් වීරසිංහ මහතා මෙසේ අදහස් දැක්වීය.
“ඇතුලේ හිටපු නේවාසිකයන් අපේ ග්‍රහණයෙන් මිදිලා කූඩුව, දොර විවෘත කරගෙන මම හිතන්නේ ඒකට සම්බන්ධයි යුද හමුදාවෙන් පැන ගිය නේවාසිකයෙක්. ඔහු අපේ නිලධාරීන්ට ඔක්කොම එකතු වෙලා ඒ නිලධරීන් දෙදෙනාට පහර දුන්නා. ඒ නිලධාරීන් දෙන්නෙක් කරාපිටිය රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබනවා.”
COMMENTS