දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මැයි දිනයත් වර්ජනය කර, රවී අලුත් පොටකට එයි.
Homeගොසිප්

මැයි දිනයත් වර්ජනය කර, රවී අලුත් පොටකට එයි.

PropellerAds

එක්සත් ජාතික පක්ෂයේ උප නායක හා එම පක්ෂයේ කොළඹ දිස්ත්‍රීක් නායක රවී කරුණානායක මන්ත්‍රීවරයා ඊයේ (06) කොළඹ සුගතදාස ක්‍රීඩාංගනයේ පැවති එජාප ම...

අද සිංහල අවුරුද්ද මාකට් වෙලා - සංස්කෘතිය යට ගිහින් - මහාචාර්ය දයා අමරසේකර
මීතොටමුල්ල කුණු කන්ද කඩා වැටී නිවාස 40 කට හානි 7 කට තුවාල පුද්ගලයින් රැසක් අතුරුදන්
විවාහයෙන් වසර 2 කට පස්සේ නතාශා දැන් කියන කතාව

එක්සත් ජාතික පක්ෂයේ උප නායක හා එම පක්ෂයේ කොළඹ දිස්ත්‍රීක් නායක රවී කරුණානායක මන්ත්‍රීවරයා ඊයේ (06) කොළඹ සුගතදාස ක්‍රීඩාංගනයේ පැවති එජාප මැයි දින රැලිය වර්ජනය කර ඇත්තේ අගමැතිවරයා ඔහුට දුන් පොරොන්දුවක් මෙතෙක් ඉටුනොකිරිම සම්බන්ධයෙන් විරෝධය පළකිරීම සඳහා යයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒකාබද්ධයෙන් අගමැතිවරයාට එරෙහිව විශ්වාස භංග යෝජනාව ඉදිරිපත් වූ අවස්ථාවේදී එය පරාජය කිරීමට විශාල කාර්ය භාරයක් සිදුකල ඔහුට ඇමති ධුරයක් ලබාදෙන බවට අගමැතිවරයා ලිඛිත පොරොන්දු වී තිබුන බවද එම ආරංචි මාර්ග පවසයි.

එහෙත්, මෙවර කැබිනට් සංශෝධනයේදී අමාත්‍ය ධුරයක් සඳහා තමාව නිර්දේශ නොකිරීම සම්බන්ධයෙන් රවී කරුණානායක මන්ත්‍රීවරයා බලවත්සේ කනස්සල්ලට පත්ව සිටින බවත් ඉදිරි දින කිහිපයේදී ඔහු බරපතල දේශපාලන තීන්දුවක් ගැනීමට නියමිත බවත් ඉහත ආරංචිමාර්ග වැඩිදුරටත් පවසයි.

නීතිපතිගේ නිර්දේශයක් ?

කෙසේවුවද කල විමසීමකදී එජාප ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයකු පැවසුයේ, මුදල් ඇමතිව සිටි රවී කරුණානායක මහතා බැඳුම්කර චෝදනාවලින් නිර්දෝෂී කරමින් නීතිපතිවරයා ගෙන් නිර්දේශයක් ලැබුන වහාම ඔහුට අමාත්‍ය ධුරයක් ලබාදෙන බවට අගමැතිවරයා සහතික වී ඇති බවයි.

කෙසේවුවද මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලු ජනාධිපති කොමිසම රවී කරුණානායක මහතා ඊට වගකිව යුතු බවට සඳහන් කර නොමැත.

එසේම, මහ බැංකු බැඳුම්කර නිකුත් කිරීමේ සිද්ධියට එක්‌සත් ජාතික පක්‌ෂයේ මන්ත්‍රීවරුන් සම්බන්ධ වූවේදැයි සොයා බැලීමට එම පක්‌ෂය විසින් පත් කළ මාරපන කමිටුවේ වාර්තාව මගින්ද රවී කරුණානායක මහතා නිර්දොශිකර තිබිණ.

ජනපතිගේ බලපෑමක් නැහැ :

හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතාට ඇමති ධුරයක් ලබාදීමට අගමැතිවරයා නිර්දේශ කර ඇතත් ජනාධිපතිවරයා ඊට විරෝධය පළකර ඇතැයි පලවන වාර්තා සම්බන්ධයෙන් ජනාධිපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකුගෙන් කල විමසීමේදී ඔහු කියා සිටියේ අගමැතිවරයා ගෙන් එවැනි නිදේශයක් මෙතෙක් ලැබී නැති බවයි.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මැයි දිනයත් වර්ජනය කර, රවී අලුත් පොටකට එයි.
මැයි දිනයත් වර්ජනය කර, රවී අලුත් පොටකට එයි.
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiSvE7Qq0EA3OcSEqr6J9ztpoLA0u0QxuteHkGEus5Pcv6ID8zX8OLQDpCmlIhProlB-kYaLkW9Ic-3iN4Xork42oXDqcEe88_B8YvUJ3SXCNOw0Bl0JMUCK1Lk1JvlaJjSda0XOFhyphenhyphenUko/s1600/Ravi+K+MP.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiSvE7Qq0EA3OcSEqr6J9ztpoLA0u0QxuteHkGEus5Pcv6ID8zX8OLQDpCmlIhProlB-kYaLkW9Ic-3iN4Xork42oXDqcEe88_B8YvUJ3SXCNOw0Bl0JMUCK1Lk1JvlaJjSda0XOFhyphenhyphenUko/s72-c/Ravi+K+MP.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/05/blog-post_61.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/05/blog-post_61.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy