දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
විවාහයෙන් වසර 2 කට පස්සේ නතාශා දැන් කියන කතාව
Homeගොසිප්

විවාහයෙන් වසර 2 කට පස්සේ නතාශා දැන් කියන කතාව

PropellerAds

නතාෂා ඉතින් කොහොමද ජීවිතේ? ජීවිතේ හොඳයි. නීතිඥවරියක් විදිහට 2015දී මම දිවුරැම් දුන්නා. ඉතින් දැන් මගේ වෘත්තියත් එක්ක තමයි කාර්යබහුල වෙලා...

නව ව්‍යවස්ථාව 2/3 ක පාර්ලිමේන්තු බහුතරයකින් සම්මත කළ පසුව 2017 ජනමත විචාරණයක්
ජීඑලුයි බැසිලුයි රෙදි වැල පිටිපස්සේ විළි වහගෙන (සතිඅන්ත කාටූන්)
ෆැෂන් බග් ගින්නේ අලාභය මිලියන 200 යි

නතාෂා ඉතින් කොහොමද ජීවිතේ?

ජීවිතේ හොඳයි. නීතිඥවරියක් විදිහට 2015දී මම දිවුරැම් දුන්නා. ඉතින් දැන් මගේ වෘත්තියත් එක්ක තමයි කාර්යබහුල වෙලා තියෙන්නේ.

ප්‍රිහාන්ගෙයි ඔයාගෙයි ජීවිතේ කොහොමද?

අපි දෙන්නගේ ජීවිතේ හොඳයි. අපි දෙන්නා විවාහ වුණේ 2015 මැයි මාසේ. අපේ විවාහයට දැන් අවුරුදු දෙකක් ගතවෙන්නත් ළඟයි. ඉතින් මේ අවුරුදු දෙක තුළ බොහෝම සාමාන්‍ය සරල ජීවිතයක් ගතකරමින් අපි දෙන්නා සතුටින් ජීවත් වෙනවා.



විවාහවුණු අලුත් නතාෂායි ප්‍රිහානුයි ජීවිත්වුණේ ප්‍රිහාන්ලගේම ගෙදර නේද?


ඔව්... විවාහවුණු මුල් කාලේදී අපි ප්‍රිහාන්ගේ ගෙදරමයි ජීවත් වුණේ. ඊට පස්සේ අපි ටික කාලයක් පිටරට ගිහින් ගිටියා. දැන් අපි වෙනමම ගේක තමයි ජීවත්වෙන්නේ.

කොහොම ඔය දෙන්නා ඔයාලගේ වැඩ, ගෙදර වැඩ එහෙම කරන්නේ. ප්‍රිහාන් එහෙමත් ඒවාට උදවු කරනවාද?

දැන් අපි ඉන්න ගෙදරට ඇවිත් අවුරුද්දක් විතර වෙනවා. ගෙදර වැඩවලට අපිට උදව්වට කෙනෙක් ඉන්නවා. හැබැයි ගෙදර වැඩ බොහෝමයක් වෙන්නේ මගේ අතින්. ඒ හැම දෙයක්ම හොයලා බලලා කරන්නේ මමයි. ප්‍රිහාන්ගේ ව්‍යාපාරික කටයුතු නිසා එයා මටත් වඩා කාර්යබහුලයි.

ඒ කියන්නේ ප්‍රිහාන් උදව් වෙන්නෙම නැද්ද?

මෙහෙමයි එයා උදව් කරනවා. හැබැයි එයාට වැඩ වැඩියි. සමහර වෙලාවට අපි දෙන්නට කතාකරගන්නවත් වෙලාවක් නැති තරම්. ගෙදර වැඩ ගැන ඉස්සර මම දැනගෙන හිටියේ නෑ. ඒ හැම දෙයක්ම දැනගත්තේ විවාහ වුණාට පස්සෙයි. ප්‍රිහාන්ගේ වුණත් මුලදී ඒ දේවල්වලට ලොකු සහයෝගයක් ලැබුණා. ඊට පස්සේ ඒ හැමදේටම පුරුදු වුණාට පස්සේ දැන් ඒක අපිට ගාණක් නෑ. විවාහයත් එක්ක තමයි මම හැමදෙයක්ම ඉගෙන ගත්තේ. ප්‍රිහාන් ගෙදර ඉන්න වෙලාවට උදව් කරනවා. හැබැයි දැන් මම එහෙම උදවු බලාපොරොත්තු වෙන්නෙත් නෑ. මොකද එයා මහන්සිවෙලා එන නිසා.

ප්‍රිහාන් කියන්නේත් ගායන ශිල්පියෙක්. ඔබත් ගායන ශිල්පිනියක් දෙන්නා එකතුවෙලා අලුතින් නිර්මාණයක් කරන්න අදහසක් නැද්ද?

එහෙම අදහසක් තිබ්බා. තාමත් තියෙනවා. ඒ නිසා අපි කොහොමත් හිතාගෙන ඉන්නේ ප්‍රිහාන්ගේ සින්දුවක් හරි මගේ සින්දුවක් හරි දෙන්නගෙම සින්දුවක් හරි මැයි මාසය අගදිවත් කරන්න තමයි. ඒකට සූදානමකුත් තියෙනවා. හැබැයි ඒකට ලොකු හදිස්සියක්වත්, බලාපොරාත්තුවක්වත් තිබුණේ නෑ. ඒකයි මෙච්චර කල් ඒකත් පහුවුණේ. කිසිම දේකට අපි දෙන්නා හදිසි වෙන්නෙ නෑ.

නතාෂා බුද්ධාගමේ. ප්‍රිහාන් කතෝලික. කොහොමද ඔය දෙන්නා ආගම දහමට තියෙන ළැදිකම?


ප්‍රිහාන් ගොඩාක් එයාගේ ආගමට ළැදි කෙනෙක්. මටත් ඒ ළැදියාව සෑහෙන්න තියෙනවා. ඉතින් මම අවුරුදු පහක් තිස්සේ එයත් එක්ක පල්ලි යනවා. ඒ වගේම මම ඉස්කෝලේ ගියේ බම්බලපිටිය ශුද්ධ වූ පවුෙල් කන්‍යාරාමයට. ඒක කතෝලික ආගමට හැඩගැසුණු පාසලක්. ඉතින් මම කතෝලික ආගමේ ලොකු පසුබිමක් පුංචි කාලේ ඉඳන්ම තියෙනවා. ඒ නිසා ප්‍රිහාන් එක්ක විවාහ වීම ඒකට අලුත් දෙයක් නෙවේ. මම හැම ඉරිදම පල්ලි ගිහින් යාඥා කරනවා. රෑට නිදාගන්න කලින් යාඥා කරනවා. අපි දෙන්නා විවාහවුණෙත් පල්ලියේ. මම උපපත්තියෙන් බෞද්ධ. හැබැයි පෝයදාට කියලා පන්සල් යන්නේ නෑ. පුළුවන් වෙලාවට පන්සල් යනවා. ගෙදර පිරිත් අහනවා.

නතාෂායි ඔයාගේ අම්මයි අතරේ ලොකු බැඳීමක් තිබ්බනේ. වෙනම නතාෂා අලුතින් ජීවිතයක් පටන් ගනිද්දී ලොකු දුකක් ඇති වුණා නේද?


හැමදේටම මට හිටියේ මගේ අම්මි. එළියට ගියත් ගෙදර හිටියත් මට හිටියේ අම්මි. නමුත් විවාහයෙන් පස්සේ ඒ ජීවිතයට හුරුවෙන්න මට අමාරු වුණා. ඒ හැමදේම වෙනස් වුණා. ජිවිතේ අලුත් වුණා. වෙනස් වුණා. ඒක අමාරු වුණා. තනි තීරණයක් හිතලා ගන්නවත් අමාරුවකයි මම හිටියේ. ඒ වගේම තමයි මගේ අම්මිටත් මම නැති පාළුව ලොකුවටම දැනුණා. ඉතින් අදටත් මට යන්න පුළුවන් හැම මොහොතකම මම එහේ යනවා. අම්මි මෙහේ එනවා. නමුත් ඒ පාළුව තාමත් මට නැතිවෙලා නෑ.

නතාෂා විලාසිතාවලට මේක්අප්වලට ආසයි නේද?

මම ගොඩාක් වෙලාවට කැමැතියි මගේ කොණ්ඩේ පාට වෙනස් කරන්න. හැබැයි විලාසිතා කියලා ඇඳුම් පස්සේ යන එක මම සෑහෙන්න අඩුයි. මම ගැන එක එක්කෙනා එක එක කතා කිව්වට රූපලාවන්‍ය කටයුතුවලට තරම් අඩු වියදමක් නෑ වෙන කිසිම දේකට. මම ඒ තරමටම ඒ දේවල්වලට වියදම් කරන්නේ නෑ. මගේ ලොකුම ආසාව තමයි කොණ්ඩේ පාට කරන එක. ඒක තමයි මගේ විලාසිතාව.

දැන් අවුරුදු දෙක්ක පිරුණනේ. ආදරණීය අම්මා කෙනෙක් වෙන්න කාලය හරිද?


අපි ඒ ගැන සැලසුම් කරලවත් නෑ. අපි විවාහවෙලා අවුරුද්දක් හිටියේ පිටරට. ලංකාවට ඇවිත් තාම ලොකු කාලයක් නොවේ. ආපු කාලය තුළදි අපිට එහෙම ස්ථාවරයක් තිබුණෙත් නෑ. ප්‍රිහාන්ගේ ව්‍යාපාරය නිසා කාර්යබහුල වුණා. මම මගේ වෘත්තිය හදාරන්න කාර්යබහුල වුණා. බලමු... අවුරුදු දෙකක් කියන්නෙත් ලොකු කාලයක් නෙමෙයිනේ.

Text – Jayamali /Courtesy By Deshaya


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29308,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: විවාහයෙන් වසර 2 කට පස්සේ නතාශා දැන් කියන කතාව
විවාහයෙන් වසර 2 කට පස්සේ නතාශා දැන් කියන කතාව
http://ift.tt/2ph5Y1p
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/04/2.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/04/2.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy