මෙරට සංවර්ධිත රාජ්‍යයක් බවට පත්කිරීමට නම් කාර්මීකරණය අත්‍යවශ්‍ය බවත් ඒ සඳහා චීනය හැමවිටම සහාය දැක්වීමට ඉදිරිපත් වන බවත් ඔහු පෙන්වා දෙයි. ...
මෙරට සංවර්ධිත රාජ්‍යයක් බවට පත්කිරීමට නම් කාර්මීකරණය අත්‍යවශ්‍ය බවත් ඒ සඳහා චීනය හැමවිටම සහාය දැක්වීමට ඉදිරිපත් වන බවත් ඔහු පෙන්වා දෙයි.
මෙරට සිසුන් 18 දෙනෙකුට ආචාර්ය උපාධි සහ පශ්චාත් උපාධි පිරිනැමීම වෙනුවෙන් චීන තානාපති කාර්යාලයේ අද (02) පැවති උත්සවයක් අමතමින් තානාපතිවරයා මෙම අදහස් පළකළේය.
හම්බන්තොට යෝජිත ආර්ථික කලාපය සඳහා අක්කර 15,000 ක් පමණ අවශ්‍ය බව ද හෙතෙම පවසයි. එහෙත් මේ වනවිට අක්කර 500 ක් පමණක් වෙන්කිරීමට කටයුතු කරමින් සිටින බවත් එහෙත් එවැනි සීමිත ප්‍රදේශයක විශාල ආයෝජන කලාපයක් ඉදිකිරීම කිසිසේත් යෝග්‍ය නොවන බවයි ඔහු පෙන්වා දෙන්නේ.
මේ වනවිට හම්බන්තොට වරාය චීනයට ලබාදී ඇතත් ආයෝජන කලාපය සඳහා අවශ්‍ය ඉඩම් ප්‍රමාණය ලබා නොදෙන්නේ නම් වරායෙන් ලාභ ඉපයීම යථාර්ථයක් නොවන බව ද චීන තානාපතිවරයා පවසයි.
ආශිකා බ්‍රාහ්මණ
COMMENTS