අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් වනෝද්‍යානය තුළ ප්‍රමාණවත් ජල පහසුකම් නොමැතිවීම හේතුවෙන් මෙම තීරණයට එළඹ ඇති බවයි වාර්තා වන්නේ. දෛනිකව සිම...
අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් වනෝද්‍යානය තුළ ප්‍රමාණවත් ජල පහසුකම් නොමැතිවීම හේතුවෙන් මෙම තීරණයට එළඹ ඇති බවයි වාර්තා වන්නේ.
දෛනිකව සිමිත සංචාරකයන් ප්‍රමාණයකට පමණක් අවස්ථාව ලැබෙන අතර දිනකට නිකුත් කරන උපරිම ප්‍රවේශ පත්‍ර සංඛ්‍යාව 30 කි. ඒ අනුව දිනපතා උදෑසන 6 සිට 8 දක්වා ප්‍රවේශ පත්‍ර නිකුත් කර අතර වනෝද්‍යානයට ඇතුළුවීම සඳහා අවස්ථාව ලැබෙන්නේ හුණුවිලගම ප්‍රධාන දොරටුවෙන් පමණි.
මේ වනවිට වනෝද්‍යානයේ සිටින සතුන් සඳහා ජලය පිටතින් ප්‍රවාහනය කිරීමට සිදුව ඇති බවත වනෝද්‍යානයේ පාලනාධිකාරිය පවසයි. මෙම කාලය තුළ පැමිණෙන සංචාරකයන්ගෙන් උපරිම සහයෝගය අපේක්ෂා කරන බව ද වනජීවි දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර සිටී.
COMMENTS