දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මහාධිකරණ විනිසුරු ඉලංන්චේලියන් යාපනය මහාධිකරණ විනිසුරු තනතුරට සමුදෙයි
Homeප්‍රවෘත්ති

මහාධිකරණ විනිසුරු ඉලංන්චේලියන් යාපනය මහාධිකරණ විනිසුරු තනතුරට සමුදෙයි

PropellerAds

උතුරු පළාතේ පමණක් නොව රටේම ජන හදවත් දිනා ගනිමින් ලෝකයක අවධානය යොමු වූ නඩු තීන්දු රැසක් ලබා දුන් යාපනය මහාධිකරණ විනිසුරු මානික්කවාසගර් ඉලන්...

එජාපයේ අපේක්ෂකයා තෝරන්න රහස් ඡන්දයක් ! - අපේක්ෂකයා තෝරන හැටි ගැන නවීන් හෙළි කරයි
සජිත් පේ‍්‍රමදාසට විරුද්දව විනය ක‍්‍රියාමාර්ග.. එජාප ව්‍යවස්ථාව කැඩූ බවට චෝදනා..
නෙළුම් කුළුණෙන් බිලියන 02ක් හොරා කාලා.. නෙළුම් කුළුණ විවෘත කරමින් ජනපති කල ප‍්‍රකාශයට මහින්ද පිලෙන් ක්‍ෂණික ප‍්‍රතිචාර..
මහාධිකරණ විනිසුරු ඉලංන්චේලියන් යාපනය මහාධිකරණ විනිසුරු තනතුරට සමුදෙයි

උතුරු පළාතේ පමණක් නොව රටේම ජන හදවත් දිනා ගනිමින් ලෝකයක අවධානය යොමු වූ නඩු තීන්දු රැසක් ලබා දුන් යාපනය මහාධිකරණ විනිසුරු මානික්කවාසගර් ඉලන්චේලියන් මහතා යාපනය මහාධිකරණ විනිසුරු තනතුරට සමු දීමට සිදුව ඇත.

යාපනය මහාධිකරණ විනිසුරු තනතුරට සමූදීමට සිදුව ඇත්තේ එම්.ඉලන්චේලියන් මහතා මේ මස 28 වනදා ත්‍රීකුණාමලයේ මහාධිකරණ විනිසුරු වශයෙන් අධිකරණ සේවා කොමිෂණ් සභාව මගින් පත්කොට ඇති නිසාවෙනි.

ඉලන්චේලියන් මහාධිකරණ විනිසුරු තුමන් 2015 වසරේ ජුනි මස 01 වනදා යාපනය මහාධිකරණ විනිසුරු  වශයෙන් වැඩ භාරගත්තේද ත්‍රීකුණාමළයේ සේවය කිරීමෙන් පසුවය එමෙන්ම ඉලන්චේලියන් මහතා යුද සමයේදීද වව්නයාව දිස්ත්‍රීක්කයේ මහෙස්ත්‍රාත් වරයා වශයෙන්ද සේවය කොට ඇති අතරම යුද සමයේදී මහත් සේවයක් කළ විනිසුරුවරයෙක් වශයෙන් එවකට සිංහල, දෙමළ හා මුස්ලිම් ජනතාවගේ ප්‍රසාදය දිනා සිටි අයෙකි.

අනතුරුව යාපනය මහාධිකරණ විනිසුරු වශයෙන් වැඩ භාර ගැනීමෙන් පසුව ආන්දෝලනයකට ලක් වූ විද්‍යා දැරියගේ නඩු තින්දුව ලබා දුන් ප්‍රධාන මහාධිකරණ විනිසුරුවරයෙක් වශයෙන් කටයුතු කලේද ඉලන්චේලියන් මහතාය.

ඉන් පසුව ඉල්නචේලියන් මහතාගේ ආරක්ෂකයින්ට වෙඩි තැබූ සිදුවීමේදීද විනිසුරු වරයාගේ කම්පා වීම හා ලෙන්ගතුබාවය දුටු ලෝකවාසී ජනතාවගේ මහත් ජනාදරයට පත්වූ මහාධිකරණ විනිසුරු වරයෙකු වශයෙන් එතුමන් හැඳින්විය හැකිය.

ත්‍රීකුණා මලය මහාධිකරණ විනිසුරු සශයෙන් පත් කිරීම හා ස්ථාන මාරුව නවතන ලෙසට දෙමළ ජාතික සන්ධානය විසින් හා වෙනත් සංවිධාන විසින් කරන ලද ඉල්ලීමද පසෙක දමා ඉලන්චේලියන් මහතා ඉල්ලා ඇත්තේ තමන්ට එම ස්ථාන මාරුවට යාමට නිසිකාලය පැමිණ ඇති හෙයින් එහි යා යුතු බව පවසමිනි.

මහාධිකරණ විනිසුරු එම්.ඉලන්චේලියන් මහතාගේ සමුගැනීම වෙනුවෙන් යාපනය මහාධිකරණ පරිශ්‍රෙය්දී නීතිඥවරුන් හා කාර්ය මණ්ඩලය විසින් උත්සවයක්ද සංවිධානය කොට එතුමන්ට වටිනා සිහිවටනයක්ද ප්‍රධාන කෙරුනේ එතුමන්ගේ සේවය අගයමිනි.

(වන්නි රොමේෂ් මධුෂංඛ)

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29303,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මහාධිකරණ විනිසුරු ඉලංන්චේලියන් යාපනය මහාධිකරණ විනිසුරු තනතුරට සමුදෙයි
මහාධිකරණ විනිසුරු ඉලංන්චේලියන් යාපනය මහාධිකරණ විනිසුරු තනතුරට සමුදෙයි
http://am.lk/media/k2/items/cache/10da6e4732a547f0575bcc278d778bd4_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/05/blog-post_369.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/05/blog-post_369.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy