එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් පැවැත්වීමට එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් අතර සාකච්ඡාවක් සිදුවන බ...
ජනාධිපතිවරණය අපේක්ෂකයා නම් කලයුතු ක්‍රමවේදය පක්ෂ ව්‍යවස්ථාව තුල පැහැදිලිව තිබියදී සජිත් ප්‍රේමදාස මහතා තමන් ජනාධිපති අපේක්ෂකයා යැයි කියමින් රට පුරා ස්ථානවල පක්ෂ ව්‍යවස්ථාව උල්ලංඝනය වන ආකාරයෙන් හැසිරීම ගැන මෙම පරීක්ෂණ පැවැත්විය යුතු බව ඔවුන්ගේ අදහසයි.
ජනාධිපතිවරණයක් කැඳවීමෙන් පසු කෘත්‍යාධිකාරි මණ්ඩලය විසින් නම් කරන කමිටුවක් මගින් ජනාධිපති අපේක්ෂකයා නිර්දේශ කළ යුතු බව සජිත් ප්‍රේමදාස මහතාගේ ක්‍රියාකලාපය ව්‍යවස්ථාව උල්ලංඝනය කරන්නක් බවත් ඔවුන් පෙන්වාදී ඇත.
මේ අනුව ඉතා නුදුරේදීම සජිත් ප්‍රේමදාස මහතා සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගැනීමට ඉඩකඩක් ඇති බව සිරිකොත ආරංචි මාර්ග සඳහන් කර සිටී.
COMMENTS