දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
නෙළුම් කුළුණෙන් බිලියන 02ක් හොරා කාලා.. නෙළුම් කුළුණ විවෘත කරමින් ජනපති කල ප‍්‍රකාශයට මහින්ද පිලෙන් ක්‍ෂණික ප‍්‍රතිචාර..
Homeප්‍රවෘත්ති

නෙළුම් කුළුණෙන් බිලියන 02ක් හොරා කාලා.. නෙළුම් කුළුණ විවෘත කරමින් ජනපති කල ප‍්‍රකාශයට මහින්ද පිලෙන් ක්‍ෂණික ප‍්‍රතිචාර..

PropellerAds

කොළඹ නෙළුම් පොකුණ ඉදිකිරීම ආරම්භ කිරීමේ අත්තිකාරමේදීම රුපියල් බිලියන 2 ක මුදලක් තුන්වන පාර්ශවීය සමාගමකට ගෙවා ඇතත් එවැනි සමාගමක් චීනයේ නොමැ...

අපරාධවලින් ලංකාව ගිනිගනිද්දී කැරෝකේ ගී කියන පූජිත් පොලිස්පති
25,000 දඩය කල් යයි
ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණ පිළිබඳ පවතින අහේතුක භීතිකා - හරීම් පීරිස්
කොළඹ නෙළුම් පොකුණ ඉදිකිරීම ආරම්භ කිරීමේ අත්තිකාරමේදීම රුපියල් බිලියන 2 ක මුදලක් තුන්වන පාර්ශවීය සමාගමකට ගෙවා ඇතත් එවැනි සමාගමක් චීනයේ නොමැති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේය.

කොළඹ නෙළුම් පොකුණ විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමින් පැවති රාජපක්ෂ පාලනය ඉලක්ක කරමින් ඔහු මෙම ප්‍රකාශය සිදුකරන ලදී.

නමුත් එම ප්‍රකාශය මුළුමනින්ම බැහැර කරමින් එවකට පැවති රජයේ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාව සිටි අනූෂ පැල්පිට මහතා සඳහන් කරන්නේ අදාල සමාගම අදටද පවතින චීනයේ සමාගමක් බවයි.

ඒ බව සඳහන් කරමින් ඔහු තම ෆේස්බුක් පිටුවේ මෙසේ සටහනක් තබා ඇත.

නෙළුම් කුළුණ විවෘත කිරීමේදී ජනාධිපතිතුමා විසින් බිලියන 2 ක අත්තිකාරම් මුදලක් ALIT සමාගමකට ගෙවා ඇතත් එවැනි සමාගමක් චීන නොමැතිබව නිවැරදි තොරතුරු ලබා ගැනීමකින් තොරව ප්‍රකාශ කර ඇති බව පැහැදිලි වේ.

නෙළුම් කුළුණ ඉදිකිරීම සඳහා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සමග චීන සමාගම් දෙකක් ඒකාබද්ධ වී කටයුතු කරන ලදී එම සමාගම් දෙක නම් national electronics import and export corporation (CEIEC) සහ aerospace long march international trading company (ALIT). සමාගම් දෙකට ඉදිකිරීම සඳහා දෙදහස් 10 ඔක්තෝම්බර් 29 වෙනි දින අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත.

නෙළුම් කුලුනේ ඉදිකිරීම් පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා චීනයට ගිය අවස්ථා කිහිපයකදීම ALIT සමාගමේ සභාපති වරයා ඇතුළු සමාගමේ අනිකුත් සාමාජිකයන් සමඟ ොරටු විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරුන් ද ටෙන්ඩර් මණ්ඩල සාමාජිකයන්ට සාකච්ඡා කර ඇත.


 මේ පිළිබඳ සියලු දත්ත විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සතුව ඇති බව මම දනිමි. එහි නිලධාරීන් විසින් මෙය නිවැරදි කළ යුතු ඇත .

ALIT සමාගමේ සභාපති වරයා ටෙන්ඩර් මණ්ඩලයේ සභාපති එවකට අධ්‍යාපනඅමාත්‍යාංශ ලේකම්. ගෝඨාභය ජයරත්න මහතා සමඟ චීනයේ බීජිං නුවරALIT ප්‍රධාන කාර්යාල තුළදී සාකච්ඡා කරන අවස්ථාවේ ගත් ඡායාරූපයක් ද මෙහි පළ කර ඇත.

මේ සම්බන්ධයෙන් ඉදිරි සංදේශ නියාම කොමිසන් සබාවේ වගකිවයුතු නිලධාරීන් කීප දෙනෙකුගෙන් වාචිකව විමසීම් කළෙමි. 2012 වර්ෂයේ මුල් අත්තිකාරම කැබිනට් අනුමැතිය සහ කොමිෂන් සභාවේ එකඟත්වය අනුව CEIEC සමාගමේ ගිණුම් අංකයට බිලියන 2 ක මුදල ගෙවීම් කර ඇත.

2012 වර්ෂයේ සිට මේ දක්වා එනම් 2019 වර්ෂය දක්වානෙළුම් කුළුණ ඉදි කිරීම සම්බන්ධයෙන් කොන්ත්‍රාත්කරුවා ට ගෙවන ගෙවීම් සිදුකර ඇත්තේ ද. CEIEC සමාගමේ එකම බැංකු ගිණුමකට සහ එකම ගිණුම් අංකය කටය මුදල් ගෙවීමට පෙර මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ අනුමැතියද ලබාගෙන ඇත.මෙහිදී කිසිදු මුදල් වංචාවක් හෝ අවභාවිතාවක් සිදුනොවූ බව අදාළ නිලධාරීන් මා වෙත තහවුරු කළේය.

විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ ිටපු අධ්‍යක්ෂ ජනරාල්වරයා වශයෙන් මට පැවසිය හැක්කේ අතිගරු ජනාධිපතිතුමාට වැරදි තොරතුරු ලබාදුන් නිලධාරීන් දැන්වත් ඉදිරියට පැමිණ මෙය නිවැරදි කළ යුතුය. චීන තානාපතිවරයා ඉදිරියේ චීනයට සිදු වූ අවමානය ගැන මට ඇත්තේ බලවත් කණගාටුවකි.

– anusha palapita FB
-------------------------------------------------------------------------------------------

නෙළුම් කුළුණෙන් බිලියන 02ක් ගැහුවාමයි..- ජනාධිපති මාධ්‍ය අංශයෙන් නිල නිවේදනයක්..

ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි.

කොළඹ නෙළුම් කුලුන ජනතා අයිතියට පවරා දෙනු ලබන්නේ මතභේදාත්මක ගිවිසුමකින් ශ්‍රී ලංකාවට අහිමිවීමට ගිය විශාල මුදල් ප්‍රමාණයක් රටට ඉතිරිකර දෙමිනි.

නෙළුම් කුලුන ව්‍යාපෘතියේ ඇස්තමේන්තුගත සමස්ත පිරිවැය රුපියල් බිලියන 19ක් වූ අතර එම මුදල සම්පූර්ණ ණය මුදලක් වශයෙන් ශ්‍රී ලංකා රජයට ලබාදීමට චීනයේ EXIM බැංකුව එකඟ වී තිබිණි. එම එකඟත්වයට අදාළ ව මෙම ඉදිකිරීම් සඳහා වන කොන්ත්‍රාත්තුව 2012-01-03 වන දින චීනයේ CEIEC සහා ALIT යන සමාගම් සහ විදුලි සංදේශ නියාමන කොමිසම අතර ත්‍රෛපාර්ශ්වීය ගිවිසුමක් ලෙස ඇතිකර ගැනිණි.

පසුව 2015 දී සිදුකරන ලද විමර්ශනවලින් පෙනී ගොස් ඇත්තේ එයින් එක් පාර්ශ්වයක් වන ALIT නමින් වන සමාගමක් පිළිබඳව කිසිදු තොරතුරක් සොයාගත නොහැකි බව ය. ගරු ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි මේ පිළිබඳව බීජිං නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හරහා චීන රජයට ද දැනුම් දී තිබේ. ඒ අනුව ALIT සමාගම පිළිබඳ තොරතුරු ලබා ගැනීමට උත්සාහයක් ගනු ලැබූ නමුත් එනමින් කිසිදු සමාගමක් චීනය තුළ හෝ ඉන් බැහැර රටකින් සොයා ගැනීමට නොහැකි විය. එකී සමාගමට අදාළ ව ගිවිසුමේ අන්තර්ගත ලිපිනය ද ව්‍යාජ එකක් බවට තොරතුරු හෙළි විය.

මේ අතර ව්‍යාපෘතිය ආරම්භ කිරීම සඳහා ශ්‍රී ලංකා රජය රුපියල් බිලියන 02ක මුදලක් චීනයේ ALIT සමාගමට ප්‍රථමයෙන් ම අත්තිකාරමක් ලෙස ගෙවා ඇතත් එම රුපියල් බිලියන 02ක මුදලට සිදු වූ දෙයක් පිළිබඳව ද කිසිදු වාර්තාවක සඳහන් නොවේ. ඒ අනුව 2017 නොවැම්බර් මාසයේ දී ගිවිසුම්ගත ත්‍රෛපාර්ශ්වීය එකඟත්වයෙන් එක් පාර්ශ්වයක් වූ ALIT නමින් සඳහන්ව තිබු සමාගම බැහැර කරන ලද අතර එම සිදුවීමෙන් පසු චීනයේ EXIM බැංකුව ලබාදෙමින් පැවති ණය මුදල අත්හිටුවන ලදී.

එහි ප්‍රතිඵලයක් ලෙස චීනයේ EXIM බැංකුවෙන් ලබාගැනීමට අපේක්ෂාවෙන් සිටි රුපියල් බිලියන 16ක ණය ප්‍රමාණය රුපියල් බිලියන 12කට සීමා විය. එහෙත් ඒ වන විටත් ලබාගෙන තිබූ එකී ණය මුදල සඳහා සෑම වර්ෂයක ම ණය වාරිකය ලෙස රුපියල් මිලියන 2400ක මුදලක් හෙවත් රුපියල් කෝටි 240ක මුදලක් ශ්‍රී ලංකාව ගෙවමින් සිටී. 2018 වසරට අදාළ ව ද ශ්‍රී ලංකාව එකී ණය වාරිකය වන රුපියල් කෝටි 240ක මුදල ගෙවා අවසන් කර ඇති අතර, එය තවත් වසර 10ක කාලයක් ඒ ආකාරයට ම වාර්ෂික ව ගෙවීමට සිදුව ඇත. එමෙන් ම 2019 වර්ෂයට අදාළ ණය වාරිකයේ ප්‍රථම අර්ධය වන රුපියල් කෝටි 120ක මුදලක් මේ වන විටත් ගෙවා තිබේ.

මෙවන් පසුබිමක නෙළුම් කුලුන ඉදිකිරීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව රුපියල් බිලියන 04ක දායකත්වයක් දරමින් අතිවිශාල විදේශ විනිමය ප්‍රමාණයක් රට තුළ ඉතිරි කර ගැනීමට දායක්තවයක් ලබාදී තිබේ.

ඒ අනුව ඉදි කෙරුණු නෙථම් කුලුනෙහි පාදමේ විශ්කම්භය මීටර් 45න් යුතු වන අතර, මීටර් 356 ක උසකින් යුක්ත ය. කුලුනේ ප්‍රධාන අංගය සන්නිවේදනය වන අතර කුලුනේ ඉහළ ඉදිකර ඇති ඇන්ටනා ආවරණයේ මුළු දිග මීටර් 90ක් පමණ වේ. එම ඩිජිටල් ඇන්ටනාව උතුරට කි.මි. 60ක් හා දකුණට කි.මි. 60 සහ නැගෙනහිරට කි.මි. 50 හා බටහිරට කි.මි. 15ක් ආවරණය කෙරේ. මින් රූපවාහිනී සමාගම් 20 ක් ගුවන් විදුලි එෆ්.එම්. විකාශන සමාගම් 50ක් සහ විදුලි සංදේශ ක්‍රියාකරුවන් සඳහා අවශ්‍ය පහසුකම් සැපයීමට සමත් වේ.

මෙම කුලුන ඉදිකිරීමේ මූලික සැලසුම් 2008 වසරේ දී සැකසෙන අතර 2012 දී එහි ඉදිකිරීම් ආරම්භ කළ අතර ව්‍යාපෘතියේ ප්‍රධාන උපදේශකත්වය මොරටුව විශ්ව විද්‍යාලය වෙතින් ලැබිණි.ඉංජිනේරු විද්‍යාව, ව්‍යුහ ඉංජිනේරු විද්‍යාව, කොන්ක්‍රීට් තාක්ෂණය, උස් ගොඩනැගිලි කම්පන අධ්‍යාපන විද්‍යාව, විදුලි ඉංජිනේරු විද්‍යාව වැනි ක්ෂේත්‍රවල නිපුණතා සහිත ශ්‍රී ලාංකීය විද්වතුන්, ඉංජිනේරුවන් 70ක වඩා මේ සඳහා දායක වූ අතර රාජ්‍ය හා පෞද්ගලික විශ්වවිද්‍යාලවල ඉගෙනුම ලබන ඉංජිනේරු, සිසු සිසුවියන් සිය ගණනකට ක්ෂේත්‍ර පුහුණුව ලබාගැනීමට අනගි අවස්ථාවක් ද මෙම නිමැයුම උදා කළේ ය.

– ජනාධිපති මාධ්‍ය අංශය
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29280,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: නෙළුම් කුළුණෙන් බිලියන 02ක් හොරා කාලා.. නෙළුම් කුළුණ විවෘත කරමින් ජනපති කල ප‍්‍රකාශයට මහින්ද පිලෙන් ක්‍ෂණික ප‍්‍රතිචාර..
නෙළුම් කුළුණෙන් බිලියන 02ක් හොරා කාලා.. නෙළුම් කුළුණ විවෘත කරමින් ජනපති කල ප‍්‍රකාශයට මහින්ද පිලෙන් ක්‍ෂණික ප‍්‍රතිචාර..
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj2EDoPWzYlvNz-yq1noAU5HpQ8pCuSXw9aDXz_Dz2tTBL58YTxsm-Jz_bB69cYsaWr_xTpro58UVTIYW2c06rMVtNlU5rNF9OCg9rfK72bhkPmYBtN0nPDBxrY5HuVftWLRSBkkREVPyE1/s320/nelum-pokuna.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj2EDoPWzYlvNz-yq1noAU5HpQ8pCuSXw9aDXz_Dz2tTBL58YTxsm-Jz_bB69cYsaWr_xTpro58UVTIYW2c06rMVtNlU5rNF9OCg9rfK72bhkPmYBtN0nPDBxrY5HuVftWLRSBkkREVPyE1/s72-c/nelum-pokuna.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/09/02.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/09/02.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy