බණ්ඩාරවෙල ශාන්ත ජෝසප් විදුහලේ උසස් පෙළ විභාග මධ්‍යස්ථානයේ සේවකයෙකු අද (04) උදෑසන එම විභාග මධ්‍යස්ථානයේ දී හදිසියේ මියගොස් තිබේ. බණ්ඩාරවෙල...
බණ්ඩාරවෙල ශාන්ත ජෝසප් විදුහලේ උසස් පෙළ විභාග මධ්‍යස්ථානයේ සේවකයෙකු අද (04) උදෑසන එම විභාග මධ්‍යස්ථානයේ දී හදිසියේ මියගොස් තිබේ.
බණ්ඩාරවෙල, බිදුණුවැව ප්‍රදේශයේ පදිංචි 52 හැවිරිදි පුද්ගලයෙකු වන මොහු බණ්ඩාරවෙල ධර්මපාල විද්‍යාලයේ ගුරුවරයෙකි.
පොලීසිය සඳහන් කළේ අදාළ පුද්ගලයා අද උදෑසන විභාග මධ්‍යස්ථානයේ සේවය කරමින් සිටියදී හදිසියේ හෘදයාබාධයක් ඇතිවීමෙන් මියගොස් ඇති බවයි.
සිදුවීමෙන් විභාග ආරම්භයට සහ විභාග අපේක්ෂකයින්ට කිසිදු බාධාවක් වී නොමැත.
එම ප්‍රදේශයේ වෙනත් විභාග මධ්‍යස්ථානයක සේවය කළ පුද්ගලයෙකු මෙම මධ්‍යස්ථානයේ රාජකාරි කටයුතු සඳහා අනුයුක්ත කිරීමට කටයුතු යොදා තිබේ.
වැලිමඩ - ප්‍රේමලාල් රත්නායක
COMMENTS