හම්බන්තොට මහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි රෝගියෙකු එම රෝහලේ ගොඩනැගිල්ලකින් බිමට පැන සියදිවි හානිකරගෙන තිබේ. මෙසේ මියගොස් ඇත්තේ අම...
හම්බන්තොට මහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි රෝගියෙකු එම රෝහලේ ගොඩනැගිල්ලකින් බිමට පැන සියදිවි හානිකරගෙන තිබේ.
මෙසේ මියගොස් ඇත්තේ අම්බලන්තොට, රුහුණු රිදියගම ප්‍රදේශයේ පදිංචි 55 හැවිරිදි පුද්ගලයෙකි.
එම රෝහලේ ගොඩනැගිල්ලක තෙවන මහලේ වාට්ටුවක ප්‍රතිකාර ලබමින් සිටි රෝගියෙකු මෙලෙස බිමට පැන සියදිවි හානිකරගෙන ඇති බව සඳහන් වේ.
ඔහු මෙලෙස සියදිවි හානිකර ගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර හම්බන්තොට මූලස්ථාන පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මෙහෙයවයි.
COMMENTS