දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
දකුණේ සියලුම පෙර පාසල් 28 තෙක් වසා දමයි - වෛරසය ගැන සොයන්න තවත් විශේෂඥ කණ්ඩායමක්
Homeප්‍රවෘත්ති

දකුණේ සියලුම පෙර පාසල් 28 තෙක් වසා දමයි - වෛරසය ගැන සොයන්න තවත් විශේෂඥ කණ්ඩායමක්

PropellerAds

දකුණේ පැතිර යන ඉන්ෆ්ලුවෙන්සා රෝගී තත්ත්වය හේතුවෙන් දකුණු පළාතේ සියලුම පෙර පාසල් ලබන සඳුදා (28) දක්වා වසා තබන්නැයි නියෝග කළ බවත් රෝගය පැතිර...

"මම ජනාධිපති වුණා - පොළොන්නරුව අනිත් පැත්ත හැරෙව්වා" - මෛත්‍රීපාල සිරිසේන - (video)
තංගල්ල නගරයට අත්‍යවශ්‍ය දෙයකට හැර එන්න එපා..කොරෝනා ආසාදිතක් නගරයේ ඇවිදලා – අධිවේගී මාර්ගයේ ඇවිත්
ප්‍රභාකරන් ත්‍රස්තවාදියෙක් කියා කිසිදු උසාවියකින් ඔප්පු වී නෑ - ජවිපෙ
දකුණේ සියලුම පෙර පාසල් 28 තෙක් වසා දමයි - වෛරසය ගැන සොයන්න තවත් විශේෂඥ කණ්ඩායමක්

දකුණේ පැතිර යන ඉන්ෆ්ලුවෙන්සා රෝගී තත්ත්වය හේතුවෙන් දකුණු පළාතේ සියලුම පෙර පාසල් ලබන සඳුදා (28) දක්වා වසා තබන්නැයි නියෝග කළ බවත් රෝගය පැතිර යන ප්‍රදේශවල පාසල්හි ප්‍රාථමික අංශ අද (22) සහ හෙට (23) දින දෙකෙහි වසා තැබීමට උපදෙස් දුන් බවත් දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍ය චන්දිමා රාසපුත්‍ර මහතා පවසයි.

අමාත්‍යවරයා පවසන්නේ ඉන්ෆ්ලුවෙන්සා රෝගය කුඩා ළමුන් අතර බහුලව පැතිරී යාමත් රෝහල්වල ළමා වාට්ටුවල අධික තදබදයක් ඇතිවීමත් හේතුවෙන් විශේෂඥ වෛද්‍ය උපදෙස් මත මෙම තීරණය ගත් බවයි. ඒ අනුව දකුණු පළාතේ මාතර, මුලටියන, අකුරැස්ස, තංගල්ල, වලස්මුල්ල හා ගාල්ල යන කලාපයන් හි සියලුම පාසල්වල එක වසර සිට පහ වසර දක්වා පන්ති  හෙට සහ අනිද්දා වසා තැබෙනු ඇත.

ඉන්ෆ්ලුවැන්සා රෝගය හේතුවෙන් දකුණු පළාතේ දරුවන් කිහිපදෙනකු මියයෑම නිසා මෙම තීරණය ගත් බවද පළාත් අමාත්‍යවරයා පවසයි. අමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේ ද කීවේය.

" ඉන්ෆ්ලුවෙන්සා රෝගී තත්ත්වය දකුණු පළාතේ කුඩා දරුවන් අතර වේගයෙන් පැතිරී යන  නිසා අපි මේ තීරණය ගත්තා. වෛද්‍යවරුන් පවසන්නේ උණ, හෙම්බිරිස්සාව, කැස්ස, කිවිසුම් යාම වැනි රෝග ලක්ෂණ තිබෙනවා නම් ඒ දරුවන් පාසල් යවන්න එපා කියලයි. ඒ දරුවන් පාසල් පැමිණීමෙන් අන් අයටත් රෝගය පැතිරී යා හැකියි.ඒ වගේම දරුවන් සෙනඟ ගැවසෙන ස්ථාන වලින් ඈත්කර තැබීමත් වැදගත්. බදාදා (23) දිනයේ දී අධ්‍යාපන නිලධාරීන් සහ වෛද්‍යවරුන් එක්ව කරන සාකච්ඡාවකින් පසුව වසා තැබුණු පාසල් විවෘත කරන දිනය තීරණය කරනවා."

 දකුණු පළාතේ පැතීරි යන වෛරස් උණ රෝගය පිළිබඳව තවදුරටත් සොයා බැලීම සඳහා වසංගත රෝග විද්‍යා අංශයේ විශේෂඥ වෛද්‍ය කණ්ඩායම් දකුණු පළාතට යොමු කරන ලෙස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාට උපදෙස් ලබා දී ඇත.

ඒ අනුව වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂ අනිල් දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් යුත්  විශේෂ වෛද්‍ය කණ්ඩායමක් පසුගිය දින වලද එම ප්‍රදේශවල සංචාරය කරමින් මෙම රෝගී තත්ත්වය පිළිබඳව පරීක්ෂණ පවත්වන ලදී.

ඊයේ (21) තවත් විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක් දකුණු පළාතේ පැතිර යන වෛරස් උණ රෝගය සහ රෝගීන් නිරීක්ෂණය කිරීම සඳහා එම ප්‍රදේශයේ සංචාරයක නිරතව සිටිති.
 
වෛරස් උණ රෝගය ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ප්‍රධානත්වනේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී විශේෂ සාකච්ඡාවක්  පැවැත්විණි. 

එහිදී දකුණු පළාතේ රෝහල්වලට අවශ්‍ය ඖෂධ වර්ග සහ උපකරණ කඩිනමින් යොමු කිරීමටත්, තීරණය විය. 

වෛරස් උණ රෝගය වැළඳුණු රෝගීන් 600 දෙනෙකු පමණ පළාත් රෝහල්වල ප්‍රතිකාර ලබන බව දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජී.විජේසූරිය මහතා පවසයි.

ඔහු සඳහන් කළේ, ඇල්පිටිය, බලපිටිය, කඹුරුපිටිය, තංගල්ල සහ වලස්මුල්ල යන මූලික රොහල් ආශ්‍රිතව රොගින් බහුලව වාර්තා වන බව ය.

මේ අතර කරාපිටිය රොහලේ වෛරස් උණ වැළඳුණු රොගින් 37 දෙනෙකු ප්‍රතිකාර ලබන බව අධ්‍යක්ෂ වෛද්‍ය ජයම්පති සේනානායක මහතා සඳහන් කළේය.

උණ රෝගයට ගොඳුරු වූ දරුවන්ට ප්‍රතිකාර කිරීම සඳහා අවශ්‍ය, හයිෆ්ලො ඔක්සිජන් යන්ත්‍ර 10ක් ගාල්ල කරාපිටිය ශික්ෂණ රොහලේ ස්ථාපිත කිරිමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේ, ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කර ඇති බව ය.

 

 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29306,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: දකුණේ සියලුම පෙර පාසල් 28 තෙක් වසා දමයි - වෛරසය ගැන සොයන්න තවත් විශේෂඥ කණ්ඩායමක්
දකුණේ සියලුම පෙර පාසල් 28 තෙක් වසා දමයි - වෛරසය ගැන සොයන්න තවත් විශේෂඥ කණ්ඩායමක්
http://am.lk/media/k2/items/cache/74e03e2da7050b629abbd83fb926970b_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/05/28.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/05/28.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy