මහනුවර දිගන ප්‍රදේශයේ හටගත් කලහකාරී සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මහ සොහොන් බලකායේ අමිත් වීරසිංහ සහ ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරුන් ඇතු...
මහනුවර දිගන ප්‍රදේශයේ හටගත් කලහකාරී සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මහ සොහොන් බලකායේ අමිත් වීරසිංහ සහ ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරුන් ඇතුළු සැකකරුවන් 32 දෙනා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට තෙල්දෙණිය මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
සැකකරුවන් අද(23) තෙල්දෙණිය මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කෙරුණු අතර එහිදී ඔවුන් ලබන 02 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර ඇති බව සඳහන්ය.
මහනුවර ප්‍රදේශයේ ඇති වූ කලහකාරී සිද්ධිය සම්බන්ධයෙන් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය මඟින් අමිත් වීරසිංහ ඇතුළු 10 දෙනෙකු මාර්තු මස 08 වන දින අත්අඩංගුවට ගනු ලැබීය.
මහනුවර තෙල්දෙණිය ප්‍රදේශයට අද දිනයේ පොලිස් විශේෂ කාර්ය බලකායේ ආරක්ෂාවක් යොදවා තිබු අතර සැකකරුවන්ගේ පවුල්වල අයද අධිකරණ භූමිය වෙත පැමිණ සිටි බව වාර්තා වේ.
COMMENTS