පළවෙනි මැතිවරණයෙන් ම ආණ්ඩු අන්ත පරාජයට පත්වුණ බව ජාතික නිදහස් පෙරමුණ පක්ෂයේ මහලේකම් මෛත්‍රී ගුණරත්න මහතා පැවසීය. එක්සත් ජාතික නිදහස් පෙරම...
පළවෙනි මැතිවරණයෙන් ම ආණ්ඩු අන්ත පරාජයට පත්වුණ බව ජාතික නිදහස් පෙරමුණ පක්ෂයේ මහලේකම් මෛත්‍රී ගුණරත්න මහතා පැවසීය.
එක්සත් ජාතික නිදහස් පෙරමුණ පක්ෂයේ ඊයේ (26) කොළඹ දී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්වීය.
“අද තියෙන ප්‍රශ්ණ තමයි මේ ආණ්ඩුව ඡන්ද තියන්න බයද? යන්න. ඒ කාලේ රාජපක්ෂ රෙජිමය කාලෙ මාස හයෙන් හයට හරි, අවුරුද්දෙන් අවුරුද්ට හරි ඡන්දෙ තියලා ජනතා විශ්වාසය දිනාගෙන ජනමත විචාරණයක් වගේ ජනතාවගේ විශ්වාසය අවුරුද්දෙන් අවුරුද්දට දිනා ගත්තා. නමුත් මේ ආණ්ඩුවට ඒක කරන්න බැරිවෙලා. ආණ්ඩුව බලයට ඇවිත් අවුරුදු 03 ක් වෙලත් පවත්වන ලද පළවෙනි මැතිවරණයෙන් ආණ්ඩු අන්ත පරාජයට පත්වුණා. මේ තත්ත්වයක් තියෙද්දිත් අද ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදයට විරුද්ධව කටයුතු කිරීම ගැන. කෙසේ වෙතත් වර්තමානය වෙන කොටත් අලුත් ක්‍රමය යටතේ හෝ මැතිවරණය තියන්න කිසිදු වැඩපිළිවෙළක් ඇති කරලා නැහැ කියන එක තමයි අපට කියන්න තියෙන්නේ.”
“මේ පනත පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කරාට පස්සේ මාසෙකින් සම්මත කරන්න තිබුනා. නමුත් ඒක මේ වෙන තෙක් සම්මත කරලා නැහැ මාස දෙකක් පැනල ඉවරයි. මේ වන විට අලුත් ක්‍රමය යටතේ පවත්වන ලද පළාත් පාලන ආයතනවල නියෝජිතයන් 80% අලුත් නියෝජිතයින් වෙලා. අන්න ඒක තමයි ශක්තිය. ඒක නම් ප්‍රජාතන්ත්‍රවාදී වෙනසක් ඇති වෙනවා කියලා කියන්නේ. අපි කියන්නෙත් මේ පළාත් සභා ඡන්ද ක්‍රමයත් අලුත් ක්‍රමය යටතේ තිබ්බොත් ඔය ඉන්න මූණුවලින් 80% ක් ගෙදර යනවා කියලා. එතකොට ඒ වෙනුවට අලුත් නියෝජිතයින් තමයි පත්වෙන්නේ. අන්න එතකොට තමයි දේශපාලන පරිවර්තනයක් මේ රටේ ඇති වෙන්නේ. ඒ දේශපාලන පරිවර්තනය ඇති කිරීම එක්සත් ජාතික නිදහස් පෙරමුණේ කාර්ය භාරයක්”
“යහපාලන ආණ්ඩුවේ ජනාධිපතිතුමා දීපු තවත් එක පොරොන්දුවක් තමයි පාර්ලිමේන්තුවට, පළාත් සභාවට, පළාත් පාලන ආයතන වලට මෙම කේවල මිශ්‍ර ඡන්ද ක්‍රමය ගේනවා කියපු එක. ඒ වගේම පාර්ලිමේන්තු මැතිවරණයටත් එම ක්‍රමය ස්ථාපිත කරන්න කියලා. එසේ නැත්නම් මේ අය කරන්නෙ පාර්ලිමේන්තු මැතිවරණයත් මාස හයක් අවුරුද්දක් විතර ප්‍රජාතන්ත්‍රවාදී විරුද්ධව ප්‍රමාද කරලා කටයුතු කරන බවක් තමයි මේ ආණ්ඩුව සූදානම් වෙන්නෙ කියලා අපිට පැහැදිලිව කියන්න පුළුවන්”.
“අපි කියන්නේ ඡන්ද තියන්න කියලා. රටේ ජනතාව පැහැදිලිව තීරණය කරයි මොකද්ද කරන්න ඕන කියල. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ හා එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව චන්දෙ තියන්ට අකමැති වෙලා තියෙන්නේ ඡන්ද තිබ්බොතින් තවත් මේ ප්‍රධාන පක්ෂ දෙකම ජනතාව කුණු බක්කියට දාන කියන එක අද පැහැදිලිවම කියන්න පුළුවන්. ඒ නිසා අපි ආණ්ඩුවට බල කරනවා ඡන්දය තියන්න පළාත් සභා ඡන්දය තියන්න අපි ජනතා විමුක්ති පෙරමුණටත් බලකරනවා පවත්වන්න කටයුතු කරන්න කියලා. ජනතා විමුක්ති පෙරමුණ ගත්තාම මේ රටේ මිනිස්සු ගොඩක් බලාපොරොත්තු තියාගෙන ඉන්න පක්ෂයක්. නමුත් අද වෙන කොට එක්තරා කණ්ඩායමක් කියනවා ජනතා විමුක්ති පෙරමුණ අද එක්සත් ජාතික පක්ෂයේ අතකොළුවක් වෙලා තියෙනවා කියලා ඒක සම්පූර්ණ ඇත්ත කතාවක්. නමුත් ඒක පෙන්නන්නේ ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියා ක්‍රියාකලාපයෙන්.”යැයිද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
COMMENTS