ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා බැසිල් රාජපක්ෂ මහතාගේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර නිතරඟ ගිවිසුමක් ඇති කර ගැනීම ස...
ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා බැසිල් රාජපක්ෂ මහතාගේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර නිතරඟ ගිවිසුමක් ඇති කර ගැනීම සඳහා අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා මේ දිනවල දෙපාර්ශවයේ ප්‍රධානින් සමග සාකච්ජා පවත්වමින් සිටින බව දේශපාලන ආරංචිමාර්ග පවසයි.
ඒ අනුව මැතිවරණයේදී ශ්‍රීලනිපය 'අත' ලකුනුන්ද ඒකාබද්ධ විපක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ 'නෙලුම් පොහොට්ටුව' ලකුනුන් ද තම තමන්ට වාසි සහගත ප්‍රදේශ බෙදා වෙන්කර ගනිමින්, ශ්‍රීලනිප යෝජනා කරන පළාත් පාලන ආයතන වලට ඒකාබද්ධය ඉදිරිපත් නොවීමටත්, ඒකාබද්ධය ඉදිරිපත්වන පළාත් පාලන ආයතන වලට ශ්‍රීලනිපය තරඟ නොකිරීමටත් අමාත්‍ය සුසිල් ප්‍රේම් ජයන්ත මහතා ඉදිරිපත් කල යෝජනාවට මේවනවිට සුබදායි ප්‍රතිචාරයක් ලැබී ඇතැයි ද එම ආරංචිමාර්ග පවසයි.
මේ සම්බන්ධයෙන් වූ විශේෂ සාකච්ජාවක් පසුගියදා ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රධානියකු වන බන්ධුල ගුණවර්ධන මහතාගේ නිවසේ පවත්වා ඇති අතර අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා ද ඊට සහභාගී වී තිබේ.
COMMENTS