දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
"විශ්වාස භංගයෙන් රජයත් එ.ජා.ප.යත් ශක්තිමත්වුණා" - ඇමති සාගල .
Homeගොසිප්

"විශ්වාස භංගයෙන් රජයත් එ.ජා.ප.යත් ශක්තිමත්වුණා" - ඇමති සාගල .

PropellerAds

අගමැතිවරයාට එරෙහිව විශ්වාසභංගයක් ඉදිරිපත්වීම නිසාවෙන් රජයත් එක්සත් ජාතික පක්ෂයත් ශක්තිමත් වූ බවත් ඒ තුළින් එජාපයේ ජය ගමන ඇරඹූ බවත් ව්‍යාපෘ...

ලෙස්ටර් සුමිත්‍රා යුවළට නිවාස ප්‍රශ්නයක්
 සමුගන්නා ජනපති බිරිය මිෂෙල් ඔබාමා ගැන සැකසුණ වීඩියෝවක්
ගණිත අංශ ප්‍රතිඵල වලින් පළමුවෙනියා වෙද්දී සිසුවිය දිවියෙන් සමුගෙන

අගමැතිවරයාට එරෙහිව විශ්වාසභංගයක් ඉදිරිපත්වීම නිසාවෙන් රජයත් එක්සත් ජාතික පක්ෂයත් ශක්තිමත් වූ බවත් ඒ තුළින් එජාපයේ ජය ගමන ඇරඹූ බවත් ව්‍යාපෘති කලමනාකරණ , තරුණ කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා අද (05) ප්‍රකාශ කළේය. අමාත්‍යවරයා  එසේ ප්‍රකාශ කළේ තමා නීතිය හා සාමය අමාත්‍ය ධූරය දරන සමයේ මුල් ගල් තැබූ වැලිගම පොලිස් ස්ථානයේ ඉදිකිරීම් කටයුතු නිරීක්ෂණය කිරීමේ අවස්ථාවට එක්වෙමිනි. 

එහිදී අමාත්‍යවරයා මෙසේද කීය. 

"විශ්වාස භංගයේ ප්‍රතිපලය මොකද්ද කියල අපි දැනගෙන හිටියා. එකේ ප්‍රතිපලය තව හොඳ කරගන්න අපි මහන්සිවෙලා කටයුතු කළා. අපිට පුළුවන් වුනා විශ්වාස භංගය නිසා සැවොම එකමුතු කරගන්න. ඒක රටට ඉදිරියේදී විශාල ශක්තියක් වෙනවා. දැන් විශ්වාස භංගය ඉවරයි දැන් ආයිත් කාලේ ඇවිත් තියෙන්නේ වැඩකරන්න. අවුරුදු පහෙන් තුනක් ගිහිල්ල තව දෙකයි තියෙන්නේ. පලවෙනි තුන අමාරු අවුරුදු තුන සාමාන්‍යයෙන් ඒ අවුරුදු තුනේ තමයි සලසුම්කිරීමේ කටයුතු සිදුකරන්නේ, මුදල් ප්‍රශ්නවලට යොමුවෙන්නේ, බදු පර්තිපත්ති සකස් කරන්නේ, රටේ අදායම් මාර්ග ටික නිවැරදි කරගන්නේ. දැන් ඉදිරි කාලයේ කරන්නට තියෙන්නේ ජනතාවගේ ජිවිත යහපත් කරන්න ඉතුරු කටයුතු ටික සිදුකරන්න. ඒ වැඩකටයුතු කරන්න පසුබිම හැදිලා තියෙන්නේ. 

 මම අර කිව්වා වගේ එකම්තුකමින් කටයුතු කරන නිසා. 2015 ජනවාරි මාසයේ වගේම 2015 අගෝස්තු මාසෙත් ජනතාව ජන්දය ලබාදුන්නේ එකතුවෙලා වැඩකරන්න. එක අපේ වගකීමක්. එය ඉටුකරන්න අපි බැඳිලා ඉන්නවා. පසුබිමේ යම් වෙනස්කම් ටිකක් කරන්න අවශ්‍ය වෙනවා. ඒ ටික වෙනස් කරගෙන අපි වැඩකරන්න කටයුතු කරනවා. නැත්නම් ඊළඟ අවුරුදු දෙකෙන් පස්සෙත් ජනතාව අපිට පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිපලයම ලබාදෙන්න කටයුතු කරාවි. අපේ අඩුපාඩු හදාගෙන ඉදිරියට යන්න පළාත් පාලන මැතිවරණ ප්‍රතිපලය අපිට විශාල ශක්තියක් වුණා. ජනතාවට බලපාන්නාවූ ප්‍රශ්න විසඳීම තමයි දැන් අපි කරන්නම ඕන. රජයක් පැමිණි මුල් කාලයේදී ජනතාව ඉවසනවා. දැන් හරි වැඩ පටන් ගන්න. දැන් ජනතාව වැඩ බලාපොරොත්තු වෙනවා, අපිත් ඒ වැඩකරන්න සුදානමින් ඉන්න ඕන. පක්ෂයක් වශයෙන් අපි ශක්තිමත් වෙලා එකමුතුව වැඩකරන්න තමයි අපේ අපේක්ෂාව තියෙන්නේ. පක්ෂයක් වශයෙන් ශක්තිමත් වෙනවා වගේම රජයක් වශයෙන් ශක්තිමත් වෙන්නත් අපිට විශ්වාස භංගය අපිට සෑහෙන්න ශක්තියක් වුණා. අතිගරු ජනාධිපතිතුමා එක්කත් හොඳ බැදීමකින් යුතුව කටයුතු කරන්න තමයි අපි ඉදිරියට බලාපොරොත්තු වෙන්නේ.  

එක්සත් ජාතික පක්ෂ පාක්ෂිකයන් බොහොම ඉවසීමෙන් යුතුව පසුගිය වසර තුනේදී කටයුතු කරලා තියෙනවා. අපි ආණ්ඩු බලයට පත්කරපු පක්ෂ යාන්ත්‍රනය රැකගන්නවා වගේම අපි රටටත් වැඩක් කරන්න ඕන.ඒ දෙකම ඉටුවෙන්න ඕන. අපි පක්ෂ යාන්ත්‍රනය රැකගැනීම අත්‍යවශ්‍යයි. මේ ලැබුණු අවස්ථාවෙන් අපි ඔවුන්ට වැඩකටයුතු කරලා දීල පක්ෂ යාන්ත්‍රනය රැකගන්න ක්‍රියාකළ යුතුයි. පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතුත් මේ සෙනසුරාදා සහ ඉරිදා දිනවල සාකච්ජා කරලා ඉදිරියේදී සිදුකරලා එක්සත් ජාතික පක්ෂයේ ජයග්‍රාහී ගමන ආරම්භ කරනවා"

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: "විශ්වාස භංගයෙන් රජයත් එ.ජා.ප.යත් ශක්තිමත්වුණා" - ඇමති සාගල .
"විශ්වාස භංගයෙන් රජයත් එ.ජා.ප.යත් ශක්තිමත්වුණා" - ඇමති සාගල .
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhHsRP6kPt1bmte7IE_GIc2_UPM3HcHEJnyD9eIhghNRZ0IIhqiAs3JE-AvM1G77FI4179d5iyvzhZmzckAacwkRyL0OHme1lCXFmxdm5hN0XB0ereqZiYcf_2byIjpMi-bzSqn3VhnshA/s1600/Sagala+Ratnayake.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhHsRP6kPt1bmte7IE_GIc2_UPM3HcHEJnyD9eIhghNRZ0IIhqiAs3JE-AvM1G77FI4179d5iyvzhZmzckAacwkRyL0OHme1lCXFmxdm5hN0XB0ereqZiYcf_2byIjpMi-bzSqn3VhnshA/s72-c/Sagala+Ratnayake.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/04/blog-post_793.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/04/blog-post_793.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy