ගාල්ල, දංගෙදර ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක ගැටුණු තරුණියක් රෝහල්ගත කරන බව පවසා රැගෙන ගොස් ඇය අතරමඟ දමාගිය බව කියන අනතුර සිදුකල ත්‍රිරෝද රථ රි...
ගාල්ල, දංගෙදර ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක ගැටුණු තරුණියක් රෝහල්ගත කරන බව පවසා රැගෙන ගොස් ඇය අතරමඟ දමාගිය බව කියන අනතුර සිදුකල ත්‍රිරෝද රථ රියදුරා ගාල්ල පොලීසිය විසින් පෙරේදා (10) අත්අඩංගුවට ගෙන තිබේ.
පාතිමා ෆර්මිලා නමැති 19හැවිරිදි මෙම තරුණිය ගාල්ල, දංගෙදර සමගිවත්ත ප්‍රදේශයේ පදිංචිකාරිනියකි.
මෙම අනතුර සිදුවීමෙන් පසුව තුවාල ලැබූ එම තරුණිය රෝහලට ඇතුලත් කිරීම සදහා රැගෙන ගොස් ඇත්තේ අදාළ අනතුර සිදුකල රථයේ රියැදුරු විසින්මය.
නමුත් එම පුද්ගලයා තුවාලකාරිය රෝහලට ඇතුලත් නොකර අතරමග දමාගොස් ඇති බවට තුවාල කාරියගේ ඥාතීන් චෝදනා කරයි.
පසුව ඔවුන් එක්ව අදාළ තරුණිය ගාල්ල කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇති අතර ඇය මේ වනවිට හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියි.
අදාළ ත්‍රිරෝද රථයේ රියැදුරාට රියැදුරු බලපත්‍රයක් ද නොමැති බව පොලිස් පරීක්ෂණවලදී හෙලිව තිබේ.
සැකකරු ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් කේසර සමරදිවාකර මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුව මෙම මස 15 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගතකර තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල පොලීසිය විමර්ශන මෙහෙයවයි.
වීඩියෝව සහ ඡායාරූප පහතින්.
ගාල්ල - ලලිත් චාමින්ද
COMMENTS