හිටපු මුදල් අමාත්‍ය හා වත්මන් විදෙශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා විසින් රු. මිලියන 165 කට ඔහුගේ පවුලේ සාමාජිකයන් විසින් අධ්‍යක්‍ෂ ධුර...
හිටපු මුදල් අමාත්‍ය හා වත්මන් විදෙශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා විසින් රු. මිලියන 165 කට ඔහුගේ පවුලේ සාමාජිකයන් විසින් අධ්‍යක්‍ෂ ධුර දරන සමාගමක් හරහා මිලදී ගත් මොනාක් රෙසිඩන්සීස් හි පිහිටි සුපිරි මහල් නිවාස ඒකකයේ (apartment) හිමිකාරිය බව කියන එම්. විනෝදනී මහත්මිය කවුද යන්න මෙතෙක් හෙළිවී නොමැත.
වාර්තා වන ආකාරයට ඇය ශ්‍රී ලංකාවේ සිටින සුපිරිම ධනවතකුගේ දියණියකි.
මොවුන් සතුව ගුවන් විදුලි නාලිකාවක්ද තිබූ බවත්, මෑතක්වන තෙක් කොළඹ පිහිටි තරුපහේ හෝටලක අයිතිය තිබුණේද මොවුන්ට බවත්, ඊට අමතරව ඇය මාතර වැලිගම පිහිටි හා කොළඹ පිහිටි සුපිරි හෝටල් දෙකක අධයක්ෂවරියක් ලෙස කටයුතු කරන බවත්, වාර්තා වේ.
විනෝදනීගේ දැලේ පැටලුන පාර්ලිමේන්තු මන්ත්‍රී
රවීට ගේදුන් විනෝදනී කලකට පෙර පාර්ලිමේන්තු මන්ත්‍රීවරකු සිය පෙම්වතා කරගෙන සිටි බවද මේ අතර වාර්තා වේ.
ඊයේ (24 දා) ජනාධිපති බැඳුම්කර කොමිසම හමුවේ සාක්‍ෂි දෙමින් විනෝදනී කියා සිටියේ ඇමැති රවි කරුණානායක මහතාගේ නිවස අලුත්වැඩියා කරන තෙක් තමාට අයත් මොනාක් රෙසිඩන්සීස් හි පිහිටි සුපිරි මහල් නිවාස ඒකකය (apartment) බද්දට දුන් අතර ඒ සඳහා බදු මුදල් ගෙව්වේ අර්ජුන් ඇලෝෂියස් මහතා විසින් ඔහුට සම්බන්ධ සමාගමක් හරහා බවද ඉන් මාස අටකට පමණ පසු එම නිවස රවි කරුණානායක මහතා විසින් රු. මිලියන 165 කට ඔහුගේ පවුලේ සාමාජිකයන් විසින් අධ්‍යක්‍ෂ ධුර දරන සමාගමක් හරහා මිලදී ගත් බවයි.
එය මිලට ගත්තේ ග්ලෝබල් ස්‌ටාර් ලොජිස්‌ටික්‌ස් පුද්ගලික සමාගම මගින් බවද ඇය කීවාය.
එය මිලට ගැනීමට පෙර මුලින් බද්දට සිටියදී ඒ සඳහා සියලු ගනුදෙනු වාචිකව කතා කළේ අර්ජුන් ඇලෝෂියස් මහතා සමඟ බවද ඒ සඳහා තමාට ඇලෝෂියස් මහතා මුදලින් රුපියල් මිලියන 1.4 ක් සහ චෙක්‌පතකින් තවත් මිලියන 10.2 ක් වශයෙන් රු. මිලියන 11.6 ක මුදලක් ලබාදුන් බවද ඇය කොමිසම හමුවේ අසන ලද ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් කීවාය.
පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු වන අර්ජුන් ඇලෝෂියස් විසින් රුපියල් ලක්ෂ 116ක් ගෙවමින් කොළඹට ආසන්න ප්‍රදේශයක අති සුඛෝපභෝගී මහල් නිවසක් කුලී පදනම මත ලබාගෙ එය ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරයෙකු වන එවකට මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාට ලබා දී ඇති බව බැඳුම්කර කොමිසමේදී ඊයේ (24) අනාවරණය වී තිබේ.
බැඳුම්කර වංචාව සම්බන්දයෙන් සිදු කළ කෝප් කමිටු විමර්ශනයේ අවසාන වාර්තාව සැකසෙමින් තිබූ දින කිහිපයේ එක්සත් ජාතික පක්ෂ ඇමතිවරු අර්ජුන් ඇලෝසියස් විසින් මුදල් ගෙවා ලබා දී තිබෙන අති සුඛෝපභෝගී නිවසකදී නිතර නිතර මුණගැහෙන බවට මාධ්‍ය වාර්තා පල වූ අතර පසුව එය ඉම්පීරියල් ඔපරේෂන් යනුවෙන්ද ප්‍රසිද්ධියට පත්ව තිබිණි.
කෙසේ නමුත් ඒ දිනව කොප් කමිටුවේ සාමාජික එජාප මන්ත්‍රීවරු ඇමතිවරු සඳහන් කර සිටියේ එය ඔවුන්ට එල්ල කරන මඩ ප්‍රහාරයක් බවයි. කෙසේ නමුත් උක්ත සාක්ෂි අනුව එවැනි මෙහෙයුමක් ක්‍රියාත්මක වී ඇතිබව මේ වනවිට තහවුරු වී තිබේ.
රවීගේ ප්‍රකාශය
රවී කරුණානායක මහතා අද (25) බැඳුම්කර කොමිසම හමුවට කැඳවා ඇතැයි වාර්තා වේ.
2015 පෙබරවාරී මස පළමුවැනිදාත් 2016 මාර්තු මස 31 වැනිදාත් අතර කාලයේ වත්මන් රජය යටතේ භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳ සොයා බැලීම සඳහා පත්කොට ඇති ජනාධිපති පරීක්‍ෂණ කොමිසමේ කටයුතු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන කේ.ටී. චිත්‍රසිරි, ප්‍රසන්න ජයවර්ධන සහ හිටපු නියෝජ්‍ය විගණකාධිපති වේලූපිල්ලේ කන්දසාමි යන මහත්වරුන්ගෙන් සමන්විත කොමසාරිස්වරුන් හමුවේ මෙම සාක්කි විභාග කිරීම සිදු කෙරේ.
(SLM)
COMMENTS