දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
"අපි පරදින විශ්වාසභංගයකට නෙවෙයි අත්සන් කළේ" - නිශාන්ත මුතුහෙට්ටිගම
Homeප්‍රවෘත්ති

"අපි පරදින විශ්වාසභංගයකට නෙවෙයි අත්සන් කළේ" - නිශාන්ත මුතුහෙට්ටිගම

PropellerAds

අපි පරදින විශ්වාසභංගයකට නෙවෙයි අත්සන් කළේ යන්න වරාය හා නාවික කටයුතු නියෝජ්‍ය ඇමති නිශාන්ත මුතුහෙට්ටිගම මහතා පවසයි. ඒ අද (06) රූමස්සල වරාය...

පොහොට්ටුවෙන් ජනාධිපතිවරණයට එන්න කකුල් කැඩුණු අශ්වයන්ට ඉඩ දෙන්නේ නෑ - ප්‍රසන්න රණතුංග
ඉල්ලා අස්වූ මුස්ලිම් ඇමතිවරුන් වෙනුවෙන් ඇමතිලා පත් කරයි
ජනපතිවරණය දිනන්න සජිත් පිලෙන් වැඩපිළිවෙලක්.. එළිදැක්වීම සුබ නැකතින්

අපි පරදින විශ්වාසභංගයකට නෙවෙයි අත්සන් කළේ යන්න වරාය හා නාවික කටයුතු නියෝජ්‍ය ඇමති නිශාන්ත මුතුහෙට්ටිගම මහතා පවසයි.

ඒ අද (06) රූමස්සල වරාය නිවාඩු නිකේතනයේ දි පැවති මාධ්‍ය හමුවකදිය.

එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්වීය.

“අපේ කට්ටිය අශ්වයාට පැනලා යන්න දිලා ඉස්තාලය වැසුවා. මේක දේශපාලනය කරණ අයට හොද පාඩමක් විශ්වාසභංගයට අත්සන් කළ අයෙක් හැටියට මටත් මේක හොද පාඩමක්. එදා ගියා නම් පරදින්නේ ඡන්දයක් දිලා නෝන්ඩිවෙලා තමයි එළියට බහින්න ඕන. ඒ හින්දා මම ගියේ නැහැ. ආත්ම ගරුත්වය තියා ගෙන එතනට ගිහින් පච වෙන්න අවශ්‍ය නැති නිසා. ඔය වගේ පච වැඩවලට අපි සම්බන්ධ වෙන්නේ නැහැ කියලා තින්දු කළා. අගමැතිතුමා යවන සටන ඉවරයි. අපේ අවාසනාවද රටේ අවාසනාවද කියලා දන්නේ නැහැ. අගමැති දිනුවා. එයාගේ කේන්දරය බලවත් වෙන්න ඇති අගමැති යවන වැඩේ දැන් කෙරෙන්නේ නැහැ. අගමැතිතුමා ගෙදර යවන්නම තමයි අපි විශ්වාසභංග යෝජනාවට අත්සන් කළේ. ශ්‍රි.ල.නි.පක්ෂයේ හතලිස් දෙනාම නියෝජනය කරලා තමයි අපි හතර දෙනෙක් විශ්වාසභංග යෝජනාවට අත්සන් කළේ. සාකච්ඡා වට හතරක් විතර තිබුනා. තුනක් නිතර තිබුණේ ජනාධිපතිතුමා සමග. අපට අවශ්‍ය වුනේ ජනාධිපතිතුමාගේ ආශිර්වාදය ඇතිව මේක අවසන් කරන්න. මහ බැංකු මකොල්ලයේ පිටුපස ඉන්නේ කවුද කියා රටට හෙලි කරන්න අපට වුවමනාව තිබුනා. 225 දෙනාටම අපි විවෘත ආරාධනාවක් කළා. අවසාන දවස දක්වාම විශ්වාසභංගයට අවශ්‍ය ඡන්ද සංඛ්‍යාව තිබුනා. එක නැති කළේ 04 වැනිදා උදේ පාන්දර 9.00ට ශ්‍රි.ල.නි පක්ෂයේ මන්ත්‍රිවරු දෙකට බෙදුනා නිකන් නෙවෙයි විස්සක්. “

“අනික් පැත්තට ගියා අපේ මතයෙන් පිටතට අපට සිදු වුනා. අපට උදව් කරන්න හිටපු එජාපයේ අයට හා අනික් පක්ෂවලට අයට කියන්න මේක දිනන්න බැහැ. මෙහෙයුම් කරපු ඇමතිතුමන්ලා ප්‍රකාශයට පත් කළා. අපි පරදින විශ්වාසභංගයකකට නෙවෙයි අත්සන් කළේ දිනන විශ්වාසභංගයකට. කැඩිලා බිදිලා ගිහින් වෙන්වු විට හමුවෙන උත්තරය අපි දන්නවා. ඒ නිසා නයාට ගහලා පොල්ල වරද්දාගන්න අප කටයුතු කළේ නැහැ. මේ විශ්වාසභංගය ගෙනාපු අය ගෙනවිත් සති තුනක් මුනිවත රැක්කා මේක සංවිධානය කර ගන්නේ නැතිව. මේක ගෙනාපු 51 දෙන එක වචනයක් කථා කළේ 04 වැනිදා හවස් වෙනකම් කථා කළේ නැහැ මේ අයට අවශ්‍ය වුනේ මේක ඉඹේ දිනන්න ඇරලා බලාගෙන ඉන්න. ඒ අය ප්‍රකාශයක් කළා බෝම්බයක් ගැසුවා ඕන තැන්වලට වදින්න කියලා. ඒ බෝම්බයෙන් බේරෙන්න තමයි අපි පැත්තකට වුනේ. එක එක අය මාට්ටු වෙලා ගහන බෝම්බවලට හසු වෙලා අපට මෝඩයෝ වෙන්න අපි කැමති නැහැ. ඒ බෝම්බය ගහපු අයටම වදින්න හැරලා අපි පැත්තකට වෙලා නිකන් හිටියා. අපේ අත පය තුවාල කරගත්තේ නැහැ. අපට ජනාධිපතිතුමාට රටට මුහුණ දෙන්න පුළුවන්. විශ්වාසභංගය ගෙනාපු එක නෙවෙයි ප්‍රශ්නය එක කඩාකප්පල් කරපු එක. මේක කඩාකප්පල් කරපු අයගෙන් ප්‍රවේශම් වන්න කියලා මම කියනවා. මෙතරම් මහන්සි වෙලා සැලසුම් කරලා අවසාන මොහොතේ මේක පිපිරිලා යන්න කෑලිවලට කැඩිලා යන්න. හේතුව අපි විශ්ලේෂණය කරගෙන යනවා. මෙය දිනන්න බැරි විදියට කටයුතු කිරිම ගැන එකාබද්ධ විපක්ෂය වග කියන්න ඕන. මේක ශ්‍රි.ල.නි.පක්ෂයෙන් ඉදිරිපත් කළා නම් ජයග්‍රහණය කරනවා. යු.එන්.පියෙන් ඉදිරිපත් කළා නම් ජයග්‍රහණය කරණවා. මේක දිනන්න බැරිවෙන්න තමයි කටයුතු කළේ. මෙම විශ්වාසභංගයට අත්සන් කරපු මට රුපියල් හතරක් වියදම් කරලා දුරකථන ඇමතුමක් දෙන්න කවුරුවත් කටයුතු කළේ නැහැ. අවසාන මොහොතේ මෙම පාපකර්මයට අත නොගහ අයින් වෙන්න තින්දු කළා. නැතිනම් මට සිද්ධ වෙන්නෙත් මොකක්ද වුනේ කියලා කල්පනා කර කර ඉන්නා. අපි කරපු දේ හරි අපි ඉස්සරහට බලමු මොකද කරන්නේ කියලා.”

“ශ්‍රි.ල.නි.පක්ෂය හා ආණ්ඩුව ප්‍රතිසංවිධානය කරලා ඉදිරියට ගෙනි යන්න කියලා ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා. ජනාධිපතිතුමා මැද ඉදගෙන මේ අවුල ලිහන්න ගත්ත උත්සාහය අපි දන්නවා. එතුමා බලාපොරෝත්තු වු කාරනා ඒ අයුරින් සිදු වුනේ නැහැ. ජනාධිපතිතුමාට තියෙන්නේ ආණ්ඩුව ඉදිරියට ගෙනි යන්න මේක ලස්සනම වැඩේ තමයි අපි අගමැති අපේක්ෂකයා හැටියට යෝජනා කරගෙන හිටියේ නිමල් සිරිපාලද සිල්වා ඇමතිතුමා එතුමා ගියෙත් නැහැ ඡන්දය දමන්න. එතුමාත් මේක තේරුම් ගත්තා. මට ඇමතිකම නැති වෙන හින්දා නෙමෙයි විශ්වාසභංග යෝජනාවට ඡන්දය දෙන්න නොගියේ. මේ යෝජනාවට අත්සන් කරන විටම හිතුවා ඇමතිකම ඊට පසු දිනම ගලවාවි කියලා සන්ධානයේ මන්ත්‍රිවරු 95ම එකට ඉන්න බැරිවුනා. ශ්‍රි.ල.නි.පක්ෂය ලෑල්ලට බැස්සත් අපි පක්ෂය දාලා යන්නේ නෑ.”යැයිද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

(ලලිත් චාමින්ද)

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29306,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: "අපි පරදින විශ්වාසභංගයකට නෙවෙයි අත්සන් කළේ" - නිශාන්ත මුතුහෙට්ටිගම
"අපි පරදින විශ්වාසභංගයකට නෙවෙයි අත්සන් කළේ" - නිශාන්ත මුතුහෙට්ටිගම
http://am.lk/media/k2/items/cache/73765d989ee3826c1a9161b4aefebd74_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/04/blog-post_706.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/04/blog-post_706.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy